Monday, January 10, 2011

අදහසක්……………………



විදුලියට එතරම්ම සම්බන්ද නොවුනත් කිසියම් අදහසක් ඔබට ඉදිරිපත් කරන්නට හිතුවා.
අපිට අතීතයේ සිදු වුනු දේවල් දැක බලා ගන්නට, අසන්නට ක්‍රමයක් තියෙනවා නම් අපූරුයි නේද?
ප්‍රිය මිතුරනි,අපට කිසියම් වස්තුවක් පෙනෙන්නේ ඇයි?  ඔබ දන්නා පරිදි  කිසියම් ආලෝක ප්‍රභවයක් නිකුත් කරන ආලෝක කිරනයක් ඒ වස්තුවේ වැදිලා ඒ වැදුනු කිරනය අපේ ඇහැට ආවාමයි නේද?  ‍යමක් ඇහෙන්නේ කොහොමද?ඒ ශබ්දයට අදාල තරංගය අපේ කනට ආවාම නේද? එතකොට ඔබ ඊයේ මේ වෙලාවෙ කරමින් හිටපු දෙයට  අදාලව නිකුත් කරපු ආලෝක කිරන වලට මොකද වුනේ? ඒවා සුලු ශක්ති ප්‍රමාන වලින් හරි අද මේ අවකාශයෙ තියෙන්න ඕන නේද? ඔබ ඊයෙ කියපු දේවල් වලට අදාලව නිකුත් වෙච්ච ශබ්ද තරංගත් එසේමයි නේද? එහෙමනම් කිසියම් ක්‍රමයකින් මම මේ තරංග වර්දනය ,ඇම්ප්ලිෆයි කලොත් මට ඒ දේවල් අහන්නත් දකින්නත් පුලුවන් නේද?
එහෙමනම් ඒ අම්ප්ලිෆයි වෙන ගුනාකාරය තව දුරටත් වැඩි කරල මම ගිය සතියේ කරපු දෙයක් බලන්න පුලුවන් නේද?
තවත් ටිකක් වැඩි කරලා අසූව දශකයේදි ඕශෝ  කරපු දේශනයක් අහන්න  බලන්න පුලුවන් නේද?
තවත් ටිකක් වැඩි කරල හිට්ලර් සහ ට්‍රෝඩ්ල් අතර පවත්වපු රහස් සාකච්චාවක් අපට බලන්න අහන්න පුලුවන් නේද?
 තව දුරටත් වැඩි කරලා බුදුරජානන් වහන්සේගේ ප්‍රතම ධර්ම දේශනය අපිට අහන්න බලන්න පුලුවන් නේද?  
 එහෙමත් නැත්නම් වෙනත් ආගමික ශාස්තෲ වරයෙකුගේ දේශනා අහන්න පුලුවන් නේද?

No comments:

Post a Comment