Tuesday, June 2, 2009

කඳුළු බින්දුව

මෙන්න කඳුළු බින්දුවක් . . .
මොන ඇහැකින් වැටුන ද?
සිංහල ද, දෙමළ ද, නැත්නම් මුස්ලිම් ද?
හිත පාරා රිදුම් දෙද්දි
හඬනා ඇසකින් වැටුන ද මන්දා . . .
පැතූ පැතුම් සඵල වෙලා
සිනා වෙද්දි සිත පුරවන්
සතුටට වැටුණ ද මන්දා . . .
යුද්දෙට ගිය සිය සැමියා
සීල් කරපු පෙට්ටියකින්
ගෙදරට ගේනා වෙලාවෙ
ඇගේ ඇසින් වැටුණ ද මන්දා . . .
සල්ලි ගරන උපායකට
අනුන්ගෙ දුක උකස් කරන
ඩොලර් කාක්කෙකුගෙ ඇසින්
කිඹුල් කඳුළු බිඳු විලසට
වැටුණද මන්දා . . .

1 comment:

  1. සතුටු කදුලක්, වෙන්නත් බැරි නැහැ.. යුද්ධෙ අහවර නිසා වත්! ඡය පැන් බොද්දී වත් එකිනෙකා වැළද ගනිද්දී වත් ගිලිහුණු කදුලු බිංදුවක් ද?

    ReplyDelete

රාජාලිය

 රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...