Saturday, April 3, 2010

වයර් දිග ආ මිතුරියට

ඔබ ලඟින් ඉඳිමි මම
සිරුරෙන් නොව
පාඨක නමින්
නොදනිමි අප අපව
කළුද සුදු යයි කියා
ලංව අත හදවතින්
රසවින්ද පද වැල් නිසා

යතුරු ලා පරිගණක
පිවිසෙමි මම සැබෑ ලොවට
බලා හිඳී
ඈ මා එනතුරු
උණුසුම් හැඟුමන් සිත දරා

සිතේ තෙරපෙන හැඟුම්
නොනැගීම පද වැලට
මුව කමල මත ඇඳෙයි
අනේ කොතරම් අපූරුද
ලියමි මම ලිපියක්
හදවතේ හැඟුමින්
ඈ දෑස බලා

නොරටක වෙසෙන කිවිඳියව
නැවත හමුවේ පසු දිනක
වයර් දිග ආදරය
කෙලෙස එවමිද ඉතින
වයර් තුල ඉපිද එන,
වයර් තුල සැරිසරන
වයර් තුල මිය ඇදෙන
ලොවක් කුමකට ඉතින

2 comments:

  1. හදවතට දැනේ නම්
    සිතේ රජ වෙලා නම්
    වයර් තුල ඉපදුන ද
    එය ආදරේ නොවෙද

    කොහේ සිටියත් ඉතින්
    හදක සුව දැනේ නම්
    ලංව හිටියත් කුමට
    හදට නොම දැනේ නම්

    ReplyDelete
  2. ඒක ඇත්ත මිගාර...
    වයර් එක්කම ඉඳලා මැරන එක නම් පවක්...
    තාත්වික නෑනේ...


    /බිඟුවා...!

    ReplyDelete

රාජාලිය

 රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...