Friday 4 September 2009

හිතන්ට නිදහස- ලියන්ට කියන්ට නිදහස- බනින්ට නිදහස ඇති රට- මේ උත්තම රට



මාස්ටර් බයිලා- අපෙ ගෙතු රස කරලා
ඇහිඳ ගනිල්ලා- මේවා නිදහස් බයිලා
කතරට සහරා- ගලන ලෙස රස දහරා
එලිසම නොමරා- ගයමු නිදහස සමරා

නිදහස ලැබුනා- මල්ලි, නිදහස ලැබුනා
තලුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුනා
ගීයක් ලැබුනා- ජාතික කොඩියක් ලැබුනා
එලිවෙනකොට නිදහස අහසෙන් ගෙට වැටුනා

කොඩිය සුද්දගේ- මල්ලි, සිංහයා අපේ
ලනුව සුද්දගේ- වුනත් කොඩිගහ අපගේ
නෑ බැටකෑවේ- නේරු පාතෙල් වාගේ
නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ

ලේ හැලුනේ නෑ- සුද්දා තරහ වුනෙත් නෑ
යන්ට ගියෙත් නෑ- නොගිහින් හිටියෙත් නෑ
අදත් බොමූ ඒ නිදහස් පානේ සුමිහිරී
තවත් සුමිහිරී- අද ඒ පානෙ මිතුරනී

හිතන්ට නිදහස- ලියන්ට කියන්ට නිදහස- බනින්ට නිදහස ඇති රට- මේ උත්තම රට
බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක- නිවන් දකිත්වා අපගේ ජන නායක කැල//


(සුනිල් ආරියරත්න/නන්දා මාලිනී)

5 comments:

  1. Thissanayaga is a LTTE Activist.
    Don't try to insult srilanka.

    ReplyDelete
  2. ත්‍රස්ථවාදීන්ට උනත් උදව් කරනවනම් ලොකු ලොකු වැඩ කරන්න ඕනේ එහෙම කලානම් ඇමති කමක්වත් ගන්න තිබ්බා. පොඩි පොඩි ඒවා කලාම හිරේ තමා

    ReplyDelete
  3. මෙන්න බොලව් ත්‍රස්තවාදියාට උපහාරත් දක්වනවා! මුන් මිනී මරන කොට නම් කට්ටිය "මී" කිව්වෙ නෑ

    ReplyDelete
  4. @ මිගාර,
    අයියෝ, තිස්සනායගම් මිනීත් මරලද? දොස්තර මහත්තයා මාර දේවල්නේ දන්නේ?

    ReplyDelete
  5. අඩේ මකබාස් ,
    ලියාපං මොනවා හරි, මේකේ...
    නැත්නම් බ්ලොග් රීඩර් එකින් අයින් කරාවි.. දැන් මාස 3කින් මුකුත් ලියලා නෑ...

    ReplyDelete