Wednesday, July 27, 2011

බහුදේවවාදියෙකුගෙන් කාලෝ මහාචාර්යතුමාට මල් මිටක්...

මං ඔබතුමා එක්ක කිසිදාක කතාකරලත් නෑ. මගේ බ්ලොග් එක ඔබතුමා නොබලන බවත් විස්වාසයි. ඒ තියා ඔබතුමා සිංහල බ්ලොග් කියවන්නෙමත් නැතුව ඇති. ඒ ඔක්කොම එහෙම උණත් මේක ලියන්නෙ නැතුව ඉන්න එක හරි මදිය කියල මට දිගින් දිගටම හිතෙනවා. ඒ නිසා තියන වැඩ රාජකාරි අස්සේ පරක්කු වෙලා උණත් ඔබතුමා ගැන ලියන්න මම කල්පනා කලා. ඒකට හේතු දෙකක් තියනවා.

එක පැත්තකිං ඔබතුමා බටහිර විද්‍යාවෙ භක්තිමත් අනුගාමිකයෙක්. ඒක තමුන්නැහෙගෙ අදහස් අඳුරන රටේ කවුරුත් හොඳාකාරව දන්නවා. ඒ නිසා ඔබතුමාගෙ මතවාද ජාතික චින්තනේට පක්ෂග්‍රාහීය කියල මොන විදියෙංවත් තර්ක කරන්න බැරි කම.

අනිත් පැත්තෙං තමුන්නැහෙගෙ තියන අවංක කම. කාරණේ තව ටිකක් විස්තර කරනවා නම් මට මතකයි "මගේ ලෝකය" පොත ගැන නලින් මහත්තයල සංවිදානය කරපු විවාදෙටත් ආවා ඔබතුමා තනිපංගලමෙ. පත්තරවලට බටහිර විද්‍යාව ගැන පුරසාරම් ලියපු සමහර මහත්තුරු ඒකට ආවෙ නෑ නිදහසට කාරණා දක්වල. ඒක නං ඉතින් ඒ මහත්තුරුංගෙ අයිතිය කියතෑකි . ඒ නිසා ඒ අයිතිය පාවිච්චි නොකර ආපු එක කියන්න පුළුවං මෙතන ගණන් ගැනෙන්නෙ.

එදත් ඔබතුමාගෙ කතාවෙං මට හැඟුණෙ තමුන්නැහෙට බටහිර විද්‍යාව ගැන අවංක භක්තියක් තියන වග. පත්තරවලට ලියන සමහර පංඩිතයො වගේ බොරුවට වචන වලිං දමාගහන්නෙ නැතුව තේරෙන දේවල් විතරක් කතා කරන්නත් නොතේරෙන දේට නොතේරෙනවාය කියල කියන්නත් පුළුවංකමක් නෑ අවංක වෙන්නෙ නැතුව. හොඳ ක්‍රිස්තියානිකාරයෙක්ව අගය කරනවා වගේ ඒ වගේ ගුණාංග මම අගය කරනවා. 

ඊලඟට ඔබතුමා ලඟදි දවසක අයිලන්ඩ් පත්තරේට ලියාපු ලිපියෙදි බටහිර විද්‍යාවට එරෙහි පුද්ගලයෙක් බව නොසලකා හරිමින් නලින් මහත්තයගෙ ආසනික් පරීක්ෂණ ගැන ලියල තිබුණ අදහස. 

එතෙන්දි ඔබතුමා දෙවියන් විස්වාස නොකරන කෙනෙක් බව පැහැදිලිව කියල තිබුණ. ඊලඟට ඊනියා විද්‍යාත්මක විධික්‍රමය ගැන ඔබතුමාගෙ මතයත් කියල තිබුණ. ඒ අනුව ඒක උපකල්පී-අපෝහන (hypothetico-deductive) ක්‍රමවේදයක්. තවත් ඔබතුමා කියනවා බටහිර විද්‍යාක්‍රමේට අනුව යනවා නම් කල්පිතේ හදන එක තමයි කියල ඉස්සෙල්ල කරන්න ඕන. ඒක මොන විදියෙං ආවත් ප්‍රස්නයක් නෑ කියලත් කියල තියනවා.  (මට තේරෙන විදියට ඕක අරගන්න කියල ක්‍රමයක් කියන්න බෑ. ඒ නිසා එව්වා ඊනියා ක්‍රමවේදයෙං පිට කියලා කියන්න වෙනවා. ක්‍රමවේදය රේඛීයය කියල ගන්න නිසා වෙන කරන්න ඉතුරුවෙන දේකුත් නෑපහලිං උපුටල දක්වලා තියන්නෙ ඒ කෑල්ල.

“Therefore formulating a hypothesis means nothing more than having some explanatory idea. The process of having ideas itself is, of course, outside logic. Therefore Prof. Nalin de Silva’s claim that the idea (hypothesis) that Rajarata Chronic Kidney Disease (RCKD) is caused by arsenic came from devivaru is totally acceptable as a hypothesis.”

ඒ නිසා දෙවියංගෙන් ආව අදහසක් උණත් කල්පිතයක් විදියට යොදාගන්න පුළුවං කියන එක පැහැදිලියි. ඒ වුනත් සමහර මහාචාර්යතුමාලට කල්පිතය දෙවියංගෙන් ආපු එක දිරවාගන්න අමාරුයි. මේවයිං මට පෙනෙන්නෙ ඔබතුමා අඩි කීපයක්වත් සමහර විද්‍යාඥයන් කියල කියවෙන උදවියට වඩා ඉස්සරහිං ඉන්නවාය කියන එක

ඊලඟට පිළිගත් සඟරාවල පළකරන එකත් ඔබතුමා ක්‍රමවේදයට දාගෙන නෑ. (ඒක ක්‍රමවේදයට අදාල වෙන්න ගත්තෙ දේසපාලන ආර්තික හේතු නිසාය කියන එකයි මගේ විස්වාසය) මේ වගේ හාසජනක නිදහසට කාරණා වලිං පේන්නෙ වැඩිම වුනොත් ක්‍රමවේදය ගැන කියන තරං විස්වාසයක් විද්‍යාඥයන්ට නැති වග.

මේ කාරණා හින්දා මතවාදත් එක්ක මං අබමල්රොනකිං වත් එකඟ නොවුණා වුනත් තමුන්නැහෙට ප්‍රසංසා නොකර අරින එක මගේ හිතට හරි මදි. කාලෝ මහාචාර්යතුමා තමුන්නාන්සෙට නිරෝගිකම ලැබේවා! ආයුබෝ වේවා!!

14 comments:

  1. කල්පිතයක් ගොඩ නගාගෙන වැඩ කොරන්නේ බටහිර විද්‍යාවේනේ , එතකොට දෙවියන්ගෙන් ආපු කලිපිතයක් මත කොරන එක බටහිර විද්‍යාවට නම් එකඟයි කියමුකො කල්පිතය ආපු තැනෙ ප්‍රශ්නයක් නැති නිසා . ඒ වුනාට නලින් මහත්තයල පරීක්ෂණ කරන්නේ බටහිර ක්‍රමයට නෙවෙයි නේ . එතුමාලගේ "දේශීය විද්‍යාවට " අනුව කොහොමද දෙවියන්ගේ උදව් ගන්නෙ කියල පැහැදිලි කරන්න පුලුවන්ද ??? මොකද අපිත් ආසයි නෙව ඔය විද්‍යාවේ වැඩ කරන විදිහ දැන ගන්න

    ReplyDelete
  2. AnonymousJuly 27, 2011

    කාලෝ පොන්සේකා මහාචාර්ය තුමා 1970 ගණන්වල ගල් බාගයක් එහෙම බීල කතරගම ගිනි පෑගුවා කියල අහල තියෙනවා.

    ReplyDelete
  3. AnonymousJuly 27, 2011

    අපේ ආතා දෙයියන්ට පාන තියන්නේ නෑ.එත් උන්දැ හිතාගෙන ඉන්නේ ආවර්ථිතා වගුවට ආසනික් දැම්මේ දෙයියෝ කියලා.

    ReplyDelete
  4. @buwa

    මනුස්සයො වගේම ප්‍රාණීන්නෙ දෙවියො කියන්නෙත් දෙවියන්ට ප්‍රියවෙන්න පුළුවන්නම් උදවු ගන්නත් පුළුවං ඇති. ඒකාලෙ ලංකාවෙ ඉඳල තියනවා දෙවියන්ට ප්‍රියවූ උදවිය. ඒ කියන්නෙ ලස්සනට ඇඳ පැලඳගෙන ඉඳල නෙවෙයි. ආධ්‍යාත්මිකව දියුණු වෙන එකයි ඒකෙන් අදහස් කෙරෙන්නෙ.

    ත්‍රිපිටකයෙනුත් හොයාගන්න පුළුවන් වෙනත් ලෝකතල(realms) සමග සන්නිවේදනය කරන සාමාන්‍ය ක්‍රමවේද. චිත්ත සමාධිය දියුණු කරන එකයි මූලික වසයෙන් කෙරෙන්නෙ.

    වෙනත් ක්‍රමත් තියනවා.

    ReplyDelete
  5. @Ano

    ඔවු තව මස් එහෙමත් කෑව කියනවා. ගිනි පාගන්න එහෙමත් පුළුවන් ඇති. සැරඑව්වා දාගත්තාම සුලු වේදනාවල් දැනෙන්නෙත් නෑ වෙන්න පුළුවං.

    අනිත් විදියට පේවෙලා එහෙම කරන්නත් පුළුවං ඇති. මම නම් කවදාවත් පාගල නෑ.

    ගිනි පාගනවා වගේ වැඩ නෙවෙයි හිත පාලනය කරනවා වගේ වැඩ නම් බීගෙන කරන්න බෑ.

    ReplyDelete
  6. හැහ්! ආවර්තිතා වගුවට ආසනික් දාල තියන්නෙ යෙහෝවා දෙයියන්නාන්සෙ වෙන්න පුළුවං මම ඒක නෑ කියන්නෙ නෑ. උන්නාන්සෙ නෙව සියල්ල මැවුවාය කියන්නෙ :)

    ReplyDelete
  7. දෙයයන්ගෙන් උදව් ගන්න එක ගැන නෙවෙයි මම ඇහුවේ , එහෙම අරන් පරීක්ෂණ කරන මේ දේශීය විද්‍යාව මොකක්ද කියල . බටහිර විද්‍යාවට අනුව නම් දෙවියන්ගෙන් කල්පිතය අරගෙන පරීක්ෂන කොරන්න පුලුවන්ය කියලනෙ ඔබතුමා කියල තියෙන්නෙ . එතකොට දේශීය විද්‍යාවෙදි දෙවියෝ දායක වෙන්නෙ කොහොමද කියලයි දැන ගන්න ඕනි කරන්නේ ?

    ReplyDelete
  8. දෙයයන්ගෙන් උදව් ගන්න එක ගැන නෙවෙයි මම ඇහුවේ , එහෙම අරන් පරීක්ෂණ කරන මේ දේශීය විද්‍යාව මොකක්ද කියල . බටහිර විද්‍යාවට අනුව නම් දෙවියන්ගෙන් කල්පිතය අරගෙන පරීක්ෂන කොරන්න පුලුවන්ය කියලනෙ ඔබතුමා කියල තියෙන්නෙ . එතකොට දේශීය විද්‍යාවෙදි දෙවියෝ දායක වෙන්නෙ කොහොමද කියලයි දැන ගන්න ඕනි කරන්නේ ?

    ReplyDelete
  9. මට හරියටම පැහැදිලි නෑ බුවා කොලුවා අහන්නෙ මොකද්ද කියල. මම හිතුවෙ පුරස්නෙ මේකය කියල > "එතුමාලගේ "දේශීය විද්‍යාවට " අනුව කොහොමද දෙවියන්ගේ උදව් ගන්නෙ කියල පැහැදිලි කරන්න පුලුවන්ද"

    උදවු ගන්නෙ ඒ අයත් එක්ක සන්නිවේදනය කිරීමෙන්. දැං දොස්තරකෙනෙක්ගෙන් ලෙඩකට බේතක් අහගන්නෙ කොහොමද? දොස්තරත් එක්ක කතා නොකර බෑනෙ. ඒවගේ තමා.

    ඒකට යම්කිසි ආධ්‍යාත්මික දියුණුවක් එක්කෝ තියෙන්න ඕන. එහෙමත් නැත්නම් විශේෂ හැකියාවක් තියෙන්න ඕන. ඒ වගේ කෙනෙක්ගෙ මාර්ගෙං තමා සන්නිවේදනය කරන්න වෙන්නෙ.

    අපිට තියන ප්‍රස්නයක් විසඳගන්න ඕන කරන මගපෙන්වීමක් කරන්න පුළුවන්නෙ අපිට වඩා දැනුමක් තේරුමක් තියන කෙනෙකුට. එහෙමනෙ මෙතනත් දායක වෙලා තියන්නෙ.

    ReplyDelete
  10. දොස්තරගෙන් බේත් ගන්න එකයි යමක් අලුතෙන් හොයා ගැනීමයි වෙනස් නේ . ඕං දැන් හිතන්නකො දෙවියො කියන ව ආසනික් තියනවා කෘමි නාශක වල කියල , මම අහන්නේ ඔබතුමාලගෙ ඔය විද්‍යාවට අනුව ඊට පස්සෙ මොකෝ කරන්නෙ කියල , දෙවියො කිව්ව නිසා ඇත්තේයි කියල පිලි අරන් නිකා ඉන්නවද නැතනම් ඊට පස්සෙත් කරන ක්‍රියා පටිපාටියක් තියනවද ? ඔන්න ඕකයි මම අහන්නේ

    ReplyDelete
  11. මම දන්න විදියට වැඩේ වෙලා තියන්නෙ මෙහෙමයි. දෙවියො කියල තියන්නෙ වකුගඩු ලෙඩේට හේතුව කෘමිනාසක වලිං එකතුවෙච්ච ආසනික්ය කියන කාරණේ. දැං ඔය විදියට යම්කිසි මතයක් පළවුණාම කරන්න පුළුවං වැඩ කීපයක් තියනවා.

    එකක් තමා ඔය කළා වගේ බටහිර විද්‍යාවෙං ඔය වගේ දෙයක් ටෙස්කොරන සම්මත ක්‍රම සහ උපකරණ පාවිච්චි කරල අදාල තැංවල ආසනික තියනවාද කියල බලන එක.

    කෘමිනාසක පාවිච්චිය අඩු කරල සහ වෙනස් නොකර පාලිත පරීක්ෂණයක් වගේ වෙන විදියට කරල බලන්නත් පුළුවං. ඒක නං ටිකක් කල් ගතවෙනවා.

    තව විදියක් තමා දෙවියො කියන දේ අහල කෘමිනාසක අත ඇරල පැරණි ගොවිතැනට ආපහු යන එක. ඒ විදියට කරල ටික කාලයක් යනකොට ලෙඩේ අඩුවෙලා ගියා නම් එතනිනුත් ප්‍රශ්නෙ විසඳෙනවා. මම පුද්ගලිකව කැමති මේ වැඩේ කරල බලන්න. දැං දොස්තර කෙනෙක් බේතක් දුන්නාම අපි ඕක ටෙස් කරල බලන්න යන්නෙ නෑ නෙ. හුදෙක් විස්වාසෙ මත කරල බලනවා. සමහර වෙලාවට හරියනවා සමහර වෙලාවට වරදිනවා. ඕව ඔහොම තමා.

    එහෙමත් නැත්නම් තව නලින් මහත්තය ලියල තිබුණ ක්‍රමයක්. ඒක ගැන නං වැඩි විස්තර දන්නෙ නැති නිසා ලියන්න බෑ.

    ඔය තියන්නෙ ක්‍රම නං. දැං වෙලා තියන්නෙ වැඩේ යටගහන්න පුළුවං ක්‍රමයක් තමයි ඕනැ වෙලා තියන්නෙ. ඒ නිසා පරීක්ෂණයි ක්‍රමයි උපකරණයි පැත්තකට දාල කාඩ් කුට්ටමට බැහැල :)

    ReplyDelete
  12. ඒ කියන්නේ භාගයක් නාථ දෙය්යන්ගෙ ඉතුරු බාගේ බටහිර .... එහෙම නැතනම් දෙවියො කිව්ව ගමන් ඇත්ත කියල පිලි අරන් මුලු කෘෂි නාෂක භාවිතයම අතැරල දානව . අනේ මන්ද අප්ප ඇඬෙනවා මේවා දැක්කාම නම් ..


    යට ගහන එක ගැන කියනව නම් ඉතින් එහෙම යට ගැහිල්ල කොරන්නෙත් ඔබතුමාලගේ දේශප්‍රේමී රජයමයි කියල මතක් කරන්න කැමතියි

    ReplyDelete
  13. නෑ නේද. එහෙම නෙවෙයි මං හිතන්නෙ වැඩේ උණේ. මෙතන කළේ සම්පූර්ණයෙන්ම බටහිර එක. බාගෙට කරාය කියල එකක් නෑ. වැඩේ තියන්නෙ ඒකෙන් කරල පෙන්නුවාම විසේසඥයො ටික පිළිගන්නෙ නෑ. පිළිනොගන්නෙ ඇයි කියල පිළිගන්න පුළුවං හේතුවක් දෙන්නෙත් නෑ. රටට වැදගත් ප්‍රශ්ණයක් නේද කියල හිතල තමංටත් කරල බලන්න තිබුණනෙ පරීක්ෂණයක්! නමුත් එහෙම වෙන්නෙ නෑ. ඒකට හේතුව වෙන මොකුත් නෙවෙයි (වෙනත් හේතු මත) පිළිගැනීමට අකමැත්ත. වෙනත් විදියකට කියනවානම් පරීක්ෂණාත්මක ක්‍රමේ විද්‍යාඥයන් විසින් බල්ලට දාල කාඩ් කුට්ටමට අත ගහල.

    ඊළඟට මෙතන කොලේ වහල ගහන්න එපා. ඇත්ත කියල පිළිගන්න කියල මම කිව්වෙ නෑ. මම කිව්වෙ යමක් පරීක්ෂාකරල බලන්න බටහිර විද්‍යාගාරයකුයි උපකරණයි තියෙන්නම ඕන නෑ. (කොලූට ඕන වුණේ එහෙමයි කියල ප්‍රකාශයක් අරගන්න) දැං පේනවනෙ උපකරණ යොදාගෙන කරාට ඒවයෙ අයිතිකාරයො (වැරදුනා බාරකාරයො. "අයිතිය" තියන්නෙ හදපු මිනිස්සුන්ට මිසක් පාවිච්චි කරන මිනිස්සුන්ට නෙවෙයි) මොකෙක්වත් පිළිගන්නෙ නැති විත්තිය.

    අනාදිමත් කාලෙක ඉඳල මිනිස්සු අත්හදා බැලීම කළා. ඒක බටහිර විද්‍යාවෙන් හඳුන්වා දීපු මගුලක් නෙවෙයි. එහෙමනං ඉතින් කිසිම දෙයක් අත්හදා බලන්න වෙන්නෙ නෑ.

    බටහිර එකෙන් ප්‍රශ්නෙට කිසිම විසඳුමකුත් නෑ මේ වන තුරු. ඒ නිසා වෙනත් ක්‍රම උත්සහ කරනවා ඇරෙන්න විකල්පයක් නෑ.

    මිනිස් ඉතිහාසෙ වැඩිම කාලයක් ගොවිතැන් කලේ ඔය මගුල් ගහන්නෙ නැතුව. හැබැයි මිනිස්සු ජීවත් වුණා. පිටරට පටවන්න තරං හාල් නිෂ්පාදනය කළා මේ රටේ. ඒ නිසා ප්‍රශ්නය සම්බන්ධයෙන් බටහිර විද්‍යාව චූදිතයෙක් වෙලා තියන්නෙ. ඕන නම් එයාට අවංක වෙලා ඇත්ත කියල නම හොඳකරගන්නත් පුළුවං. පේන විදියට ඒක කරන්න කැමතිත් නෑ.

    ReplyDelete
  14. ආ තව දෙයක් අමතක වුණා. මම දැක්ක ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරියක් පත්තරේට කියල තිබුණ ආරම්භයක් හැටියට වතුර පිරිපහදු හඳුන්වා දෙමුය කියල. (මම දන්නෙ නෑ ඕක තවත් ජාවාරමක්ද කියන්න)

    හැබැයි ඒවගේ කතාවලට කවුරුත් මොකුත් කියන්නෙ නෑ. (ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරියො නිසා වෙන්න ඇති) මෙතන තියන වැඩේ බටහිර විස්ලේසණාත්මක පරීක්ෂණාත්මක අතිගම්බීරය කියන විද්‍යාව ප්‍රශ්නය සම්බන්ධයෙන් පත්වෙලා තියන අසරණ තත්වය. ඒගොල්ලන්ටත් දෝස-අයාස(trial-error) ක්‍රමේට බහින්න වෙලා.

    එතුමිය කියන දේ විශ්වාස කරගෙන වතුර පිරිපහදු ගමුද?

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.