Wednesday, January 13, 2010

Google ගෙන් හරියට අහන හැටි

ඔන්න අදත් මම කියන්න යන්නෙ පොඩි දෙයක් ගැන. අපි ඉතින් මොකක් හරි දෙයක් දැනගන්න ඕන උනහම ගොඩක් වෙලාවට Google ගෙන්නෙ අහන්නෙ. මේ සටහනෙන් කියන්න යන්නෙ Google ට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් වෙන්න අපිට ඕන දේ අහන හැටි. මේ විදිහට කලොත් ඕන්නැති ගොඩක් ප්‍රතිඵල හලාගන්න පුළුවන්.



1. නිශ්චිත වාක්‍යාංශ ("Some text here")
හිතන්න ඔයාට ඕන කියල සිංහල යුනිකෝඩ් පිහිටුවන හැටි Google ගෙන් අහන්න, මේ වගේ වෙලාවට install sinhala unicode කියල හොයනව වෙනුවට ඔයාට පුළුවන් පෙරළි කොමා දෙකක් අස්සෙ දාල "install sinhala unicode" කියල හොයන්න. එතකොට Google අපිට කියන්නෙ ඔය වචන තුන ඔය පිළිවෙලටම තියන එව්ව විතරයි.

2. ඕන්නැති වචන හලන්න (-YourText)
අපිට එන ප්‍රතිඵල ගාන අඩු කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට install sinhala unicode ගැන හොයන්න ඕන, හැබැයි එන ප්‍රතිඵල වල siyabas තියෙන්න බැරිනම් install sinhala unicode -siyabas කියල හොයපුවාම ගොඩ. පේනවනෙ කරල තියෙන දේ, අර පොඩි ඉරි කෑල්ලෙන් එහා පැත්තෙ එන්න ඕන නැති වචනෙ දෙන්න තියෙන්නෙ. install sinhala unicode -siyabas -download කියල දීපුවාම siyabas සහ download කියන වචන දෙකම හැලෙනව.

3. සමාන දේවල් තියන පිටු (related:URL)
ඒ කියන්නෙ මේ වගේ දෙයක්, හිතන්නකො අපිට http://www.w3schools.com/php/default.asp කියන පිටුවෙ අපි හොයන දේ හම්බවුනා කියල, related:http://www.w3schools.com/php/default.asp කියල හොයපුවාම අර කලින් පිටුවෙ තියන දේට සම්බන්ද දේවල් තියන තවත් පිටු අපිට හොයාගන්න පුළුවන්.

4. එක Site එකක විතරක් හොයන හැටි (YourText site:URL)
හිතන්න ඔයාට මොකක් හරි දෙයක් ගැන එක site එකක විතරක් තියන දේවල් හොයන්න ඕන කියල, උදාහරණයක් විදිහට php site:www.w3schools.com කියල දුන්නොත් අපිට www.w3schools.com කියන site එකේ php ගැන ලියවුන පිටු හොයාගන්න පුළුවන්.

5. විශේෂ ලියකියවිලි වර්ගයක් හොයන හැටි (filetype:Type)
ඔයාට ඕනනම් php tutorial ගැන තියන pdf files හොයන්න, php tutorial filetype:pdf කියල දීපුවාම ගොඩ.

6. හදිස්සියකට ගානක් හදාගන්න
ඔය පොඩි ගානක් හදාගන්න අපි හැම තිස්සෙම කරන වැඩක් තමයි Calculator එක පාවිච්චි කරන එක, (5.5*10)/5 කියල දීල බලන්නකො මොකද වෙන්නෙ කියල.

7. අර්ථ දැක්වීම් හොයන්න (define:Text)
define:unicode කියල හොයපුවාම අපිට unicode කියන එකේ අර්ථ දැක්වීම ලේසියෙන්ම දැනගන්න පුළුවන්.

දැන් දන්නවනෙ කොහොමද Google ගෙන් හරියට අහන්නෙ කියල, කරල බලල ප්‍රතිචාරයකුත් කොටලම ගියානම් තමයි හොඳ. එහෙනම් සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !

පසු සටහන:
මේ විදිහට හොයන්න පුළුවන් එක එක විදි ගැන විස්තරාත්මක ලිපියක් මෙතනින් බලන්න.

39 comments:

  1. මේක හරිම ප්‍රයෝජනවත් මල්ලී.. ස්තූතියි..

    ReplyDelete
  2. හරි වැදගත්, මල්ලි. ස්තුතියි.

    ReplyDelete
  3. තැන්ක් යු වේ වා !!!!

    ReplyDelete
  4. එදිනෙදා පාවච්චියට කියලා වැඩක් නැහැ ......

    ReplyDelete
  5. එළකිරි calculator එක නම් පට්ට :)

    ReplyDelete
  6. intitle:index.of කියල හොයන හැටිත් ටිකක් කියල දෙන්න

    ReplyDelete
  7. පට්ට........!
    ගොඩාක් වටිනවා...
    තව ලියන්න..
    ඔය විදියටම විනිමය අනුපතයත් ගන්න පුලුවන්ලු නේද.?

    ReplyDelete
  8. @ Express,lakpathy
    ප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි !

    @පිස්සා,Sujeewa, වැප්
    මමත් හිතුව මේක අපේ කට්ටියට වැදගත් වෙයි කියල, ගොඩක් කාලෙකින් post එකක් දාන්නත් බැරිවුන හින්ද දැම්ම.

    @ akila87, Anonymous
    ඒකනම් පට්ට තමයි, පසු සටහනත් බලන්නකො. පට්ට වැඩ ගොඩයි.

    @ ප්‍රියන්ත,
    GOOG කියල හොයන්න, පසු සටහනත් බලන්න
    ප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි !

    ReplyDelete
  9. ගොඩක් වටිනවා. ස්තුතියි මේක දැම්මට...

    ReplyDelete
  10. පසු සටහනේ link එකට තවත් ස්තුතියි. නිතරම Google පාවිච්චි කළාට අපි මේ වැඩ කෑලි දැනගෙන හිටියෙ නෑනෙ.

    ReplyDelete
  11. පට්ටයි. පට්ටයි...............බොහොම ස්තූතියි.

    ReplyDelete
  12. @ indik, Supun, සසික
    ප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි !

    @ Sujeewa
    ප්‍රතිචාර දිහා බලද්දි පසු සටහනත් දාන්න හිතුන.

    @ LG, vidura
    ප්‍රතිචාරයක් දුන්නට තුති !

    ReplyDelete
  13. එළම එළ..........සිරා..........

    ReplyDelete
  14. @ Samy
    ප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි Samy.

    ReplyDelete
  15. ගොඩක් හොද සටහනක්, ස්තුතියි

    ReplyDelete
  16. @ BEAUTIFUL SRI LANKA
    ප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි.

    ReplyDelete
  17. පට්ටයි.. ගොඩක් වැදගත් :) ස්තුතියි

    ReplyDelete
  18. @ රෙහාන්,
    ප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි !

    ReplyDelete
  19. Your post has been copied
    http://www.amilaprasad.co.cc/2010/08/google.html

    ReplyDelete
  20. @ Anonymous,
    Thanks for the information, I'll get necessary actions.

    ReplyDelete
  21. බොහෝම වැදගත්!:)

    ReplyDelete
  22. ela ela......... godak dewal danagaththa.....thanx muchn..........

    ReplyDelete
  23. ඉතා වැදගත් ලිප්පියක්..

    ReplyDelete
  24. @ sriniranjana, dinushika, hareenlaks
    ප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි !

    ReplyDelete
  25. @ Ansh,
    ස්තුතියි දුන්නට ප්‍රත්තිචාරයක්...

    ReplyDelete
  26. නියමයි.. වැදගත් දේවල් එකතැනකින්.. කරන්සි කන්වර්ට් කරන්නත් පුලුවන්

    100 USD in LKR කියල ගහන්න බලන්න

    ReplyDelete
  27. මාර වැදගත් මල්ලි... ගමේ කොල්ලෙක් කියලා දැන්නේ දැනගත්තේ.... නියමයි....

    ReplyDelete
  28. ගොඩක් වැදගත් ලිපියක්.. ස්තූතී!

    ReplyDelete
  29. @වැම්පයර්,
    ප්‍රතිචාරයට සහ දැනුවත් කිරීමට බොහොම ස්තූතියි...

    @අභීත,
    ස්තූතියි අයියා.. ඒකනෙ, දැන්නෙ දන්නෙ ගමේ කියල...

    @යොහාන්
    ප්‍රතිචාරයක් දුන්නට ස්තූතී!

    ReplyDelete
  30. මෙන්න ඔයාගෙ ලිපිය හොරකම් කරල.

    http://www.sinhalasite.com/internet/google-internet/google-%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94/

    ReplyDelete
  31. එක ඈත්තටම ප්‍රයොජනවත්

    ReplyDelete
  32. @ nishan
    ප්‍රතිචාරයක් දුන්නට ස්තුතියි !

    ReplyDelete
  33. @ සිව්පෙතියා,
    ස්තුතියි ප්‍රතිචාරයක් දුන්නට !

    ReplyDelete
  34. sands casino review for November 2021 - SeptCasino.com
    Sands Casino Review 메리트카지노 2021 샌즈카지노 ✓ Exclusive $1000 Welcome Package with 제왕 카지노 Welcome the company offers both slots and table games and has the widest

    ReplyDelete

කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

Related Posts with Thumbnails