"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Wednesday, May 19, 2010

කවි මඩුවක වග 06

ලංකාව දියුණු කල හැකිද? නොහැකිද?
ඇත්තයි උඹත් කිවුවේ ඇත්තම ඇත්තා
එය ඇසු ගමන් මම උඹෙ පැත්තම ගත්තා
පොදු ජන රවටලා සබයට පැන ගත්තා
මුන් රැල නැති කලොත් මිස දියුණුව නැත්තා...
දියුණුව දකින්නට නම් සිරි ලක් දීපේ
නැතිකල යුතුයි මේ මැටි දෙස් පළු සාපේ
හදනට රට බැරිය පවතින තෙක් මෙ කපේ
නැතිවී යන තුරා සිංහලයගෙ ඕපේ...
ඉරයි හඳයි එක තැන තියනට බැරිවා
වැප්ටයි මටයි එක පස ඉන්නත් බැරිවා
උඹටම මඩ ගසා හිත වාවනු බැරිවා
මේ හෙඩිමෙදී මට කවි කීමට බැරිවා...
අදනම් හරි ගියේ නෑ මට මේ පාර
කවි ලියනටත් බැරිවිය පළවෙනි පාර
නිදිමත ඇවිත් ගහනව කුළු ගෙඩි පාර
දැන් මම ගිහින් බැට දෙන්නම් එන පාර...


සුද්දා නැතිනම් අපි තාමත් අමුඩ කෙටියේ
දෙන්නම් අදහසක් යන්නට පෙර නික්මී
රාවණ රජුත් ගියාලු මොණරෙන් නික්මී
සුද්දා ඇවිත් කෙරුවත් වැඩ නැති හික්මී
උන් නාවනම් තවමත් හෙළයා ගොන්මී...

4 ප්‍රතිචාර:

හා පැටික්කි (MS) said...

ඒකෙ කවි චුට්ට උනත් ලස්සන නම් අඩුවක් නෑ.......

නිශාචරයා Nishacharaya said...

@ හා පැටික්කි,
Thanx නංගියා...

Ansh Lucky Sri Jay said...

මේකෙ මොකෝ කවි පොඩ්ඩක්?? හැබැයි ඉතා අනර්ඝයි
:)

නිශාචරයා Nishacharaya said...

@ Ansh,
මේ Topic එකට කියන්න තරම් දෙයක් ඔළුවට ආවෙ නෑ.. අනික මම හොඳටම නිදිමතේ හිටියේ... :)

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....