Thursday, July 8, 2010

වීරවංශට පිස්සුද? අපිට වැරදිලාද?

වසර 30 ක යුද්දය අවසානයේ මහත් වු මෙහෙයෙන් දොවා ගත් සාමය නම් වූ කිරි කලයට ගොම දාන්නට බලා සිටින හැතිකරය, ඉමහත් සතුට වන පත්කරන ලද කමිටුව හකුලා ගන්න යැයි බලපෑම් කරමින් ආරම්භ කර ඇති උපවාසය එම කමිටුව හකුලා ගන්නා තුරු අත් නොහරින බව පවසයි. රටවැසියන් ඇතුලුව සැමගේ සහායෙන් පැරදවු ත්‍රස්තවාදය මැඩලීමේ පෙර ගමන් කරු වූ ත්‍රිවිධ හමුදාවේ සොල්දා දාදුවන් පොරකය වෙත ගෙන යාමේ කූට උපාය සාර්තක කරගැනීමට ඉඩ හසර සලසමින් යෝජනා කල කමිටුව වැරදි කරු කරන්නට ය‍න්නේ අපේ විරෝධරා හමුදාවයි.

එදා ජය ඝොෂා නගමින් රණවිරුවන් කරපිට මත ඔසවා තබාගත් ඔබ අද ඔවුන්ව තනි කර වෙනතක් බලා ගන්නේද?
  1. හැම තැනම චෙක් පොයින්ට්,
  2. විඩෙන් විඩ වාහන නවතා කරන පරික්ෂන,
  3. වසා දැමුණු ප්‍රධාන පාරවල් ,
  4. විනි‍විද පෙනෙන පාසල් බැග්
  5. පාසල අවසන් වන තුරු දෙමාපියන් මුරට
  6. දුම්රිය පලේ බෝම්බ
  7. බස් රථයේ බෝම්බ
මෙතන සඳහන් නොකල හා වෙනත් සියලු කරදර අද දින ඔබට පවතීද? නිදහසේ විනෝද චරිකා යමින් මරණ බියකින් තොරව අද දිවි ගෙවන්නේ ඔවුන් නිසා නොවේද? හිතන්න ඔබ අද මේ විඳීන නිදහස මෙයට වසරකට පෙර තිබුණාද? මේ සතුට සැනසුම බුක්ති විඳින්නේ ඔවුන් නිසා නොවේද? කෝටි දෙකක ජනතාවක් මරන බයින් මුදවා ගත් ඔවුනට අපට කල හැක්කේ කුමක්ද? පෝරකය වෙත ඔසවාගෙන යන තුරු බලා සිටිමුද? ඔවුන් එදා තම ජීවිතය සමඟ ඇස් ඉස් මස් ලේ වැගුරුවේ මේ ටික කරගන්නද?

අපේ නිදහස වෙනුවෙන් ඔවුන් කැප කල ජීවිතයට අගයක් එක් කරන්නෙමුද?

දාන කමෙන්ට් සභ්‍ය භාෂාවෙන් දමන්න

11 comments:

  1. ඇත්තට ම අතීතය මතක, කළගුණ සලකීම අමතක නොකළ එකෙකු හෝ මෙසේ අන්තර්ජාලයේ සිංහලෙන් ලිවීම ගැන අපි සතුටු වන්නෙමු. යුද බිය තුරන් වී වසරක් ගිය තැන සියල්ල අතීතයට අමතක කරලන්නට තරම් ජාතියක් කුහක විය යුතු ද? අල විඳින නිදහසේ පියවරු සුද්දගේ දං ගෙඩියට ගෙන යන තුරු නිහඬව සිටිම අපට ගැලපේ ද? වහාම රට ම අවදි විය යුතු ය. මාතෘභූමියේ සුරක්ෂිතභාවය සුරැකීම ඔබේ වගකීමයි. එහෙයින් පෙරට විත් රට ම අත්වැල් බැඳගමු. කොටි ත්‍රස්තවාදය මෙන් ම සුදු ත්‍රස්තවාදය ද පරදමු.

    ReplyDelete
  2. මෙච්චර කලක් කොහෙදෑ හිටියේ..?
    එක පාරටම අතුරුදන් වෙලා.

    ReplyDelete
  3. @මාරයා
    ඉන්වා ඉන්නවා .... මොකද වෙන්නෙ කියලා බලං ඉන්නේ ...

    රටට කෙල කරන්න ආවොත් නුවර පාර අනිවා ලියනවා

    ReplyDelete
  4. As far as I know no Sri Lankan can take to the Intenational war crime tribunal because of Sri Lanka has not sighn ed such international agreemant. So can you two explain If Un wants to do so how they are going to do it?

    ReplyDelete
  5. @ඇනි
    අධිකරණයකට අරන් යාම කෙසේ වෙතත් මණ්ඩලයක් පත් කොට වාර්තාවක් කැඳවා එහි අන්තර්ගතය මගින් ලංකාව වැරදි කරු කලහොත් වන අප කීර්තියට මොකද කරන්නේ?

    ReplyDelete
  6. @ nuwarapaara

    api weradi karala nethnam kamituwakata baya ai?kamituwak dalath nehe nikam upadeshaka mandalayak vitarai daala thiyenne.ehema daapu gaman maaranthika upawasa thiyagena mehema dagaladdi penne apita hanganna deyak thiyenawa kiyana eka neda?hanganna deyak nethnam ai me kalabale?

    ReplyDelete
  7. @ඇනී
    ආ ඇත්තද .. එහෙනම් කමක් නැහැ


    ඔයා මේ පැත්තේ එන්නේ නැතුව ඉන්න .... එතකොට හරි ....

    ReplyDelete
  8. @ nuwarapaara

    ane babata denna uttarayak ne wage.hari hari ayeth newith innam.hooray daana unta vitarada oya comment karanne?hik hik hik wimlyatama hodai

    ReplyDelete
  9. @ලඟම උඩ ඇනී
    සභාවේ සිනා

    ReplyDelete
  10. @ nuwara para

    uda idan aai kiyawala balannako.ahana dekata uttra deeganna beri unama uba thamai joke wenne :P

    ReplyDelete
  11. @ලඟම උඩ ඇනී

    අයි අයියෝ මං කියෙව්වේ උඩ ඉඳන් නෙමෙයිනේ ......

    ReplyDelete