Friday, October 1, 2010

සෙන්පති කොයි යන්නේ?

වහසී බස් දෙඩූ රතු හඬයි
රටම රවටන කොළ හඬයි
එක්ව කල එකම මෙහෙයුමයි
සෙන්පති මහවිරැ හිරගෙටයි


කෙලවන්ට ගොස් ගාන්ධිට කෙළ වුණී
වසර 30 කට පසු කොටින්ට කෙළ වුණි
සාටක මැතිඳුනු නිසා ත්‍රස්ත බිය නැති වුණී
තරඟයට ආ නිසා සෙන්පතිට කෙළ වුණී


හිතාපන් උබට තර‍ඟෙට එන අනෙක් එකා
පරදන්නටම හැම විට සිතන උබ යකා
සෙන්පතිත් කජ්ජක්ද සාටක අඳින එකා
දැන් ඉතින් විඳවමු සෙන්පති හිරබත් කකා


විරුවෙකි සෙන්පති මගෙ රට බේරාදුන්
බ්ලොග් ලිපි නැත අද බේරා ගනු කියන්
කොළ එලි රතු එළී කෝ අද මට කියන්
විඳවයි විඳවයි සෙන්පති අද තනියෙන්


සියලු බ්ලොග් ලිපි ලියන කපටි උන්
අද නැහැ හැංඟි කොහේදෝ හොර සිතින්
සෙන්පතිට නැහැ සහයක් එක් ලිපියකින්
නුවර පාරයි අදත් ඔහු ලඟ එකලෙසින්

4 comments:

  1. රජ්ජුරුවෝ උඩයි උඩයි මි‍‍ටි කොල්ලෝ බිමයි බිමයි කිව්වලු.. අනේ ..කේ

    ReplyDelete
  2. සැබෑ දේශපාලකයාට සිර ගෙදර විශ්ව විද්‍යාලයකි. කැමති නම් නෙල්සන් මැන්ඩෙලා ගැන හැදුන "Good Bye Bafana" බලන්න.

    නුවර පාරේ "කිඹුල් කදුළු"

    ReplyDelete
  3. රජ වෙන්න උදව් ක‍රනකොට නම් රතු හඬ න‍රක නැහැනෙ, එතකොට පනත් ටික සම්මත ක‍රගන්න කොට කොළ හඬ න‍රකත් නැහැනෙ.
    ඔය ඔක්කොමටම කෙලවෙන්න හොරකමට විරුද්ධ වුනදාට

    "නුවර පාරයි අදත් ඔහු ලඟ එකලෙසින්" මටනම් එහෙම දෙයක් මේකෙන් පෙන්නෙ නහැ තම ක‍රන්නෙ වැරැද්දක් කියල දැන දැනම සන්තෝශ වෙන කාලකන්නියෙකුගෙ හැගීම් ප‍්රකාශයක් විත‍්රයි මටනම් පේන්නෙ

    ReplyDelete
  4. සරත් ෆොන්සේකාට වෙච්ච ඇබෙද්දියට සරත් ගේ කට, මංගල, රනිල්, ජෙප්පෝ වගේම ලොකු තැනත් වග කියන්න ඕනේ. එහෙත් නුවර පාරට ලොක්කා කරපු වැඩේ අසික්කිතයි කියන්න කොන්ද පන නෑ.

    සරත් ගේ දඬුවම ගැන කාලකන්නි සතුටක් ලබන ගමන්, බොරුවට "අපිත් මෙයාට හරි ආදරෙයි අනේ" කියනවා. හොඳා හොඳා, ඔහොම යමු :) ලංකාවේ ජීවත් වෙනවා නං ඉතින් ඔහොම නැතුව බෑ නෙව

    ReplyDelete