Tuesday, November 2, 2010

සරසවි අර්බුදයේ වාසිය

දේශපාලනික ලෙස අන්ඤ්ඥකොරොස් වී සිටින ජවිපෙ සඳහා ප්‍රසිද්ධියට මාවතක් අවශ්‍ය මොහොත දැන් දැන් උදාවී ඇත. ඒ සඳහා කෙට්ම මාවත සරසවි හරහා වැටී ඇත. අමුතු මානසිකත්වයකින් ආඩම්බර හැඟිමෙන් සරසවියට අතුලු වන කෝඩු කාරයා බිලි බාගෙන ඔවුන් ලවා සියල්ල සිදුකර ගැනීම ජවිපේ එදා සිට යොදා ගන්නා අසාර්තකම ක්‍රමයයි. මෙවරත් එවැන්කට අර අඳිමින් සිටියි. නමුත් වාසනාවකට මෙන්, විශ්ව විද්‍යලායෙන් නෙරපා හැරි උදුල ප්‍රේමරත්න නම් ගොබිලා ‍අත්අඩංගුවට පත්ව ඇත.


අර්බුදයක් නැති තැන අර්බුද මවා පෑම ජවිපේ සිරිතයි. අන්තරය ඊට දෙවෙනි නැත. සාමන්‍යයෙන් අන්තරය සම්බන්ද වන සෑම වැඩක්ම හත්පොලෝ ගාගෙන ඉතුරු ටික කයි. උද්ගෝෂණ, පිකටිං , රඟපෑම් මේ සැම පටන් ගන්නේ එක දෙයක් වෙනුවෙන්ය. අවසානයේදී කිරීමට සිදුවන්නේ තවත් දෙයකි. හොඳම උදාහරණය මෙවර පෙන්විය හැක. එනම් මෙවර අර්බුද ඇති කිරීමේ උවමනවා වූයේ දේශපාලනිකව යම් ඉහළට යාමේ අටියෙන් පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි වීමයි. නමුත් දැන් කිරීමට ඇත්තේ උදුල නම් ශිෂ්‍ය භාවය අහෝසි දේශපාලනික ඇම්බැට්ටයා එලියට ගැනීමයි.


සරසවි තුල ඇතිවන කලහාකාරීත්වය සමාන්‍ය ජනසමාජයට නොදැනෙන තරම්ය. එහෙයින් එවා හුදු ජනමාධ්‍ය හුවා දැක්වීම් පමණි. ජවිපෙටත් එය මනා කොට සම්බන්ද කල හැක්කේ ජනපදනම නිපොන් හෝටලය තුල පමණක් පෙන්වන බැවිනි. සරසවි සිසුවා දේශපාලනය කීරිම වරදක් නොවෙයි. එහෙත් ඔහු දේශපාලනය කියා මර්වින් ‍වැඩ කරන්නේ නම් වහාම එලවා දැමිය යුතුය. රටක දියුණුවට පක්ෂ විපක්ෂ මත මෙන්ම අරඟලද තිබිය යුතුමය. නමුත් එවා හුදෙක් ජනතාව සඳහා මහජන ප්‍රසාදයෙන් සිදුවිය යුතුය. නමුත් දැන් සිදුවන්නේ ජවිපේ නම් බංකොලොත් අනාගතයක් හෝ අවම වශයෙන් නිසි නායකයෙක්වත් නැති කඩා වැටුණු දියාරූ වූ පක්ෂයක, ඉහළ තනතුරු රුක දීමට සරසවි සිසුවා තම අනාගතය අඳුරු කරගැනීමකි.


ජවිපේ ගැටය, මේ වන විට ආණ්ඩුව තම ප්‍රයෝජනයට ගෙන හමාරය. ඉදිරියේදි ජනපති නැවත දිවුරුම් දීමට නියමිතය. එහෙත් යුද්ධය අවසන් වී උනත් උද්දමනය එලෙසම පවතීයි. ජනතාවගේ මනස බඩු මිලෙන් ඉවතට ගැනීමට ආණ්ඩුවටද අවශ්‍ය වූ කාරණාවාක් විය. එයට ඉන්ධන සැපයූයේ අන්තරය හරහා ජවිපෙයි. දැන් කරන්නට දෙයක් නැත. රටේ සියලු ජනතාව මධ්‍ය මගින් පෙන්වන මෙම නාඩගම රසවිඳිමින් සිටියි. බඩු මිල හෝ වෙනත් ආර්ථික අපහසු තා අමතකය. මහින්දගේ දෙවන වර දිවුරුම් දිමේ නැකැත ජවිපේ සාදා දුනි.


ඉතින් ජනපති දෙන්න දිවුරුම් තවත් 6 වසරකට පතමින් ජවිපෙට ආසිරි. ඔය කිනම් අර්බුද පැවතියත් ජවිපේ ලාංකා‍වේ දියුණුව සඳහා තිබිය යුතු පක්ෂයක් බව ඉතා ඔනෑ කමින් කිවයුතුමය.

No comments:

Post a Comment