Thursday, July 14, 2011

නිමිත්ත… (Auspice)



     මේ ළඟදි දවසක උදේ අම්මා ගුවන් විදුලියේ යන බණකට සවන් දෙමින් හිටියා. මාත් හෙමින් හෙමින් කණ යොමු කරලා බැලුවා මොනවද කියන්නේ කියලා. ධර්ම කරුණු අහන්න, ඒවා ගැන විමසලා බලලා තේරුම් ගන්න පුංචි කාලේ ඉඳලා මට පොඩි ඇල්මක් තිබුනා. ඉතින් බණ ඉවර උනාට පස්සේ මම ටිකක් බර කල්පනාවක නිමග්න වෙලයි හිටියේ. මට හිතුනා, අපි මේ ශ්‍රී සද්ධර්මය අහන්න කොච්චර වාසනාවන්තද කියලා. ඒත් ඉතින් ඒ ධර්මය අහන්න අවස්ථාව තියෙද්දිත් මග හරින අයත් ඉන්නවනේ කියලා මට හිතට පොඩි කණගාටුවකුත් ඇති වුනා.

     මේ දවස් වල වෙලාවත් තියන එකේ මට හම්බෙන, අහන්න, දකින්න ලැබෙන ධර්ම කරුණු මේ අන්තර්ජාලයේ සැරිසරන අයටත් ටිකක් හඬගා කිව්වනං හොඳයි නේද කියලා හිතුනා. මට ඕන දේකට උදව් කරන කෙනෙකුත් ඉන්න නිසා වැඩේ එච්චර අමාරු වෙන්නැතිවෙයි කියල හිතුවා මම. ඉතින් එහෙම හිතුවට ටික දවසක් ගියා වැඩේට. හරියටම ඇසළ පුන් පොහෝ දිනයත් ආවා. විශ්ව විද්‍යාලයේ වැඩකට ගිහින් එදා තමයි ගෙදර එන්න ලැබුනෙ ආයෙ. එද්දී බස් එකේ හොඳ බණක් දාලා තිබ්බා. ඒක අහද්දි ආයෙත් අර ධර්ම කරුණු හැමෝටම කියවන්න පුළුවන් විදිහට බෙදා දෙන්න තිබ්බ ආශාව ඉස්මතු උනා. එවෙලේ හිතා ගත්තා අදනම් ගෙදර ගිහින් මොන වැඩේ තිබ්බත් blog එකක් ලියන්න පටන් ගන්නවමයි කියලා.

     ඉතින් ඔන්න ගෙදර ඇවිත් හිතා ගෙන උන්නු විදිහටම වැඩේ පටන් ගත්තා මම අර කිව්ව එක්කෙනත් එක්ක සකච්ඡා කරලා. වැඩ කරන ගමන්, ඉගෙන ගන්න ගමන් ටිකකට මේකට ගොඩ වැදිලා මේ කරුණු ටිකත් කියවලා බලලා විවෘත මනසකින් යුතුව තර්ක කරලා තෙරුම් ගන්න, වැරදි තියෙනවා නම් ඒවත් පෙන්නලා දෙන්න. වෙනස් විය යුතු, එකතු විය යුතු කරණු ඇත්නම් ඒවා ගැනත් comments දාන්න.


සියළු දෙනාට තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !


3 යි දැනට ප්‍රතිචාර:

Garfield said...

Great effort chamath...fully appreciated !!! :) im so glad to be the first one to comment. wish u luck chamz! :)

jhothishalanka said...

බොහොම හොදයි දිගටම ලියන්න අපිත් එනවා කියවන්න.

Chamath N. Kirinde said...

බොහොම ස්තූතියි උත්පලා, පළවෙනි comment එක ගැන මටත් සතුටුයි.

ජෝතිෂ ලංකා, බොහොම ස්තූතියි දිරිගැන්වීමට. අනිවාර්යයෙන් දිගටම හොඳ ලිපි දෙන්න තමා බලාපොරොත්තුව.

Post a Comment

බොහොම ස්තූතියි කියෙව්වාට.
මාව දිරිමත් වෙන්න ප්‍රතිචාරයකුත් දාලම යනවද ?

යාළුවන්ටත් මේ ගැන කියමුද ?

Related Posts Plugin for WordPress, Blogger...