Sunday, July 17, 2011

මොකද්ද ඇත්ත ධර්ම චක්‍රය ? (Real Dhammachakra)


     ත්තටම මොකද්ද මේ ධර්ම චක්‍රය ? අපිට නිතරම දකින්න ලැබෙන, බෞද්ධ ආගමට සම්බන්ධ ගොඩක් තැන්වල තියන මේ ධර්ම චක්‍රය මොකද්ද කියලා මට හොයලා බලන්න හිතුනා. ගිය සතියෙ ඇසළ පෝය දවසේ ස්වර්ණවාහිනියෙ Live @ 8 ප්‍රවෘත්ති විකාශයේ මේ ගැන අපූරු ප්‍රවෘත්තියක් තිබුනා. එහෙම කියන්නේ එදා ඒ ප්‍රවෘත්තිය යනකන්ම මාත් හිතාගෙන හිටියේ ධර්ම චක්‍රය කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා. 

     රට පුරා බෞද්ධ සිද්ධස්ථාන වලවෙබ් අඩවි වල එතකොට අපිට හොඳට පුරුදු වෙසක් කාඩ් වල තියන ධර්ම චක්‍රය ඉතිං මේ වගෙයිනේනේද කොහොමින් කොහොමින් හරි කාලයත් එක්ක හැමදේම වෙනස් වෙලා වගේ ධර්ම චක්‍රයත් වෙනස් වෙලා වෙන්නැති. එහෙම කියලා ලෝක විනාසේ 2012 කිය කියා කෑගගහ ඉන්න ලෝකෙක ධර්ම චක්‍රයත් ටිකක් මොඩ් උනහම මොකෝ කියලා ඇස් පියාගෙන, කන් වහගෙන ඉන්න බැරිම තැනයි මේ ලිපිය ලියන්න හිතුවේ. බොහොම ස්තූතියි ස්වර්ණවාහිනියට මේ ගැන අපේ ඇස් ඇරෙව්වට.

     ඔන්න ඉතිං ධර්ම චක්‍රය ගැන බලමුකෝ. "ධර්ම චක්‍රය" කියන නමින් කියවෙන්නේ අප මහා බුදු රජාණන් වහන්සේ ලෝකයාගේ හිත සුව පිණිස දේශනා කොට වදාළ මහා ධර්මස්කන්ධය සහිත රවුමක් එහෙමත් නැත්තම් රෝදයක් කියන එකයි. ඒ කියන්නෙ ධර්මය හරියට රෝදයක් කරකැවී ඉස්සරහට යනවා වාගේ ඉදිරියටම ගමන් කරනවා කියන එකයි. බුදු රජාණන් වහන්සේගේ ධර්මය එක් කාලයකට විතරක් සීමා වෙච්ච ධර්මයක් නෙමෙයිනේ. ඒක අකාලිකයිකාලය කොච්චර ගත උනත් ධර්මයේ කියලා තියන කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ. ඉතිං ඉතාම ගැඹුරු තේරුමක් සහිතව  මේ බෞද්ධ සංකේතය නිර්මාණය කරලා තියෙන්නේ මහා භාරත ඉතිහාසයේ ගොඩක් කතා බහට ලක්වෙන ධර්මාශෝක රජතුමාගේ කාලෙයි. හොඳට විමසිලිමත්  දෑසින් බලන අයට පෙනෙයි ඉන්දියාවේ ජාතික කොඩියෙත් මේ ධර්ම චක්‍රය තියනවා නේද කියලා.


     හරි දැන් බලමුකෝ මොකද්ද හරි ධර්ම චක්‍රය කියලා. ඇත්ත ධර්ම චක්‍රයේ හරි විදිහටනම් ගරාදි එහෙමත් නැත්තම් අපි කියන්නෙ අර spoke කියලාඅන්න එව්වා 24ක් තියෙන්න ඔනේ. 24යි කියන එක මට නිකං හිතට ආවට කියපු එකක්නම් නෙමෙයි. ඒක ඔහෙ ඕනෙවට එපාවට, එහෙමත් නැත්තං කැටයම් කරුවන්ගේසිත්තරන්ගේ පහසුව තකා දාපු එකකුත් නෙමේ. මේ 24න් නිරූපණය වෙන්නෙ බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයයි. ධර්මය කියලා බුදු හාමුදුරුවෝ දේශනා කළේ අපි හැමෝම පිළිගන්න ඕනෙ ඇත්ත හතරක්නේ. ඒකටනෙ චතුරාර්ය සත්‍යය කියන්නේ. ඉතිං මේ සත්‍ය 4න් පළවෙනි එක තමා දුක්ඛ ආර්ය සත්‍යය. දුක්ඛ සත්‍යයෙන් විස්තර කෙරෙන්නේ දුක් වර්ග 12ක් ගැනයි. ඊළඟට දෙවෙනි සත්‍යය දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. ඒ කිව්වෙ දුක ඇති වීමට හේතුව. ඒකට ඉතිං හේතු 3ක් තියනවා බුද්ධ ධර්මයට අනුව. ඒ කාම තන්හාභව තන්හාවිභව තන්හා. තුන්වෙනි සත්‍යය තමා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය නැත්තම් දුකින් මිදීමේ මග. දුකින් මිදීමේ මග ඉතිං නිර්වාණය නේ. අන්තිම සත්‍යය දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය. එහෙමත් නැත්තං දුකින් මිදීමේ මග. ඒක විස්තර කෙරෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව නැත්තම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන්. එතකොට ඔක්කොම කරුණු දොළහයිතුනයිඑකයිඅටයි... විසි හතරයි. අන්න එහෙමයි ධර්මයේ කරුණු 24 නැත්තම් ධර්මය සහිත චක්‍රයේ ගරාදි 24ක් උනේ. මම මේ කිව්වේ අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කළ නිර්මල බුදු දහම ගැනයි. හරි ධර්ම චක්‍රය මෙන්න මේ වගේ එකක්.


     බෞද්ධයන් වශයෙන් අපිට අපේ ධර්මය සංකේතවත් කරන්න තියන එකම සංකේතය ධර්ම චක්‍රය හින්දා අපි අනිවාර්යයෙන් ඒක වෙනස් වෙන්න නොදී අර්ථය දැනගෙන ආරක්ෂා කරගමු.

     මේ ලිපියත් එහෙනම් කියවලා බලලා ප්‍රතිචාර දෙන්නකෝ. මේකෙ හොඳ නොහොඳ ඒ වගේම වෙනස් වෙන්න ඕනෙ දේවල් ගැනත් කියන්නකෝ. මම තවත් ලිපියකින් එනකං සමුගන්නවා එහෙනම්.

සියළු දෙනාට තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !

9 යි දැනට ප්‍රතිචාර:

Garfield said...

මෙක අදහ ගන්නත් බෑ.නිතරම දකින දර්ම චක්‍රය ගැන මෙච්චර කියවන්න දෙවල් තිබුන කියල. :) මට හිතෙනව අපෙ ආගම ගැන අපි හිතනවට වඩා ගොඩක් දෙවල් කියවන්න තියනව කියල.මට මෙහෙම හිතුන එකටත් පින් සිද්ධ වෙන්න ඔනෙ චමත්ට තමයි. :)

coolchiran said...

ගොඩක් වැදගත් POst එකක්....බොහොම ස්තුතියි.....

chamindu mihiranga said...

මම අහල තිබ්බෙ ධර්ම චක්‍රයේ ගරාදි 8න් නිරූපණය වෙන්නේ අටලෝ දහම කියල... මොනා උනත් මේ තරම් විස්තරයක් දැනගන්න ලැබීම සතුටක්...

Jචමත්™ said...

ඒක මචං අපේ බුද්ධාගමේ තියෙන එක එක බෙදීම් වල අනුව වෙනස් වෙනවා. මම ලිපියේ ඒ ගැන කියන්න ගියෙ නෑ. මොකද අපි අදහන්නෙ ථෙරවාදී බුද්ධ ධර්මය එහෙමත් නැත්තම් නිර්මල දහම නේ. ටිබෙට් බුද්ධ ධර්මයේ, එතකොට මහායාන බුද්ධ ධර්මයේ බොහොම වෙනස්කම් තියෙනවානෙ.

බොහොම ස්තූතියි ප්‍රතිචාරයට චමිඳු...

Jචමත්™ said...

බොහොමත්ම ස්තූතියි..
දිගටම රැඳිලා ඉන්න නිර්මල දහම එක්ක.

Jචමත්™ said...

බොහොමත්ම ස්තූතියි ප්‍රතිචාරයට..
ඔව් තවත් මේ වගේ හැංගිච්ච දේවල් ඕන තරම් තියනවා. මම ඒවා ගැනත් ලිපි පළ කරන්නම්කෝ.

Keminda Ruberu said...

I think concept is ok. But it ධර්ම චක්‍රය colour should be change It must be Dark Orange not Blue

Jචමත්™ said...

Thank you very much ! I was expecting these kind of corrections cuz I'm not a genius in this field. Appologies... I couldn't search more about the colour.. I'm very grateful.

Jචමත්™ said...

Thank you very much ! I was expecting these kind of corrections cuz I'm not a genius in this field. Appologies... I couldn't search more about the colour.. I'm very grateful.

Post a Comment

බොහොම ස්තූතියි කියෙව්වාට.
මාව දිරිමත් වෙන්න ප්‍රතිචාරයකුත් දාලම යනවද ?

යාළුවන්ටත් මේ ගැන කියමුද ?

Related Posts Plugin for WordPress, Blogger...