Thursday, July 21, 2011

චිත්තල පබ්බත (Sithul Pawwa)


     ද මම ඕගොල්ලන්ගේ අවධානය යොමු කරන්නේ කිරින්ද දිහාට. එහෙම කියද්දි මාව දන්න අඳුනන අය මේක කියවනවන්න ගත්තානම්, මෙතනින් එහාට කියවන්නෙ නෑ. හි.. හි.. මොකද මට වඩා හොඳට ඒ අය මම ගැන දන්න නිසා. හරි, වල්පල් ඕන නෑ අද කියන්න යන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කෙ, කිරින්දෙ තියෙන සිතුල්පව්ව විහාරය ගැනයි.

     සිතුල් පව්ව පිහිටලා තියෙන්නෙ යාල වනජීවී අභයභූමියට පෙනෙන නොපෙනෙන මානයේ. ඔන්න ඔයගොල්ලොත් කොහෙ හරි චාරිකාවක් යන්න හිතාගෙන ඉන්නවනම් දෙන්නම් අදහසක්, යන්න සිතුල් පව්ව බලන්න. සිතුල් පව්වෙ උඩ ඉඳන් බලද්දි පේන දර්ශනය නම් හරිම අපූරුයි. යාල අභයභූමි ප්‍රදේශයත් අපූරුවට පේනවා. ඒ විතරක් නෙමේ එතැන ඉඳන් බලද්දි මහ මුහුදත් හරිම අපූරු දර්ශනයක් මවනවා.   

     සිතුල් පව්ව එහෙමත් නැත්තං චිත්තල පබ්බත විහාරය අවුරුදු 2200ක් විතර පැරණි ඉතිහාසයක් තියන බෞද්ධ ඉතිහාසයේ බොහොම සුවිශේෂී තැනක්. ඉස්සර ලංකාවෙ රෝහණ ප්‍රදේශය පාලනය කරමින් හිටපු කාවන් තිස්ස රජතුමා තමයි මේක ගොඩනංවලා ශාසනයට භාර කරලා තියෙන්නේ. මිහිඳු මහ රහතන්වහන්සේගේ ලංකාගමනය ගැන කතා කරද්දිත් බොහොම සුවිශේෂී තැනක් තමයි මේ සිතුල් පව්ව. ඉතිං මේ විහාර ප්‍රදේශය හරිම නිස්කලංක, ඒ වගේම නිදහසේ භාවනා යෝගීව වැඩ ඉන්න පුළුවන් ලෙන් එහෙමත් තියෙන හින්දා බොහොමය හාමුදුරුවරු මේ සිතුල් පව්වට වැඩලා විදර්ශනා වැඩුවා. ඒ කාලෙ මේ සිතුල් පව්ව ප්‍රදේශයේ රහතන්වහන්සේලා දහස් ගනන් වැඩ වාසය කරලා තියනවා. ජනප්‍රවාද වලට අනුව තිස්ස කියන සාමණේර වහන්සේ රහත් වෙලා දිගටම මෙහෙ වාසය කරලා තියනවා. පස්සෙ කාලෙක උන්වහන්සේගේ අවශේෂ නිදන් කරලා තමයි මේ සිතුල් පව්වේ දාගැබ හදලා තියෙන්නෙ. ඒක හින්දා මේකට තිස්ස තේර චේතිය කියලත් කියලා තියනවා.


     සිතුල් පව්වෙ ස්ථූප, ලෙන් විහාර, බුදු පිළිම, විහාර ගෙවල්  විශාල ගණනක් තියනවා. ඒ වගේම මේ සිතුල් පව්වෙ ලෙන් විහාරයක තිබිලා හම්බවෙලා තියෙනවා ගොඩාක් පැරණි, ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසට අයත් කියලා හොයාගත්තු සිතුවම් වගයකුත්. සිතුල් පව්ව පර්වතයේ තැනිතලා මතුපිටක තමයි ප්‍රධාන චෛත්‍යය හදලා තියෙන්නෙ. මේකට එන්න පර්වතයේ උතුරු පැත්තෙනුයි, දකුණු පැත්තෙනුයි පඩි පෙළවල් හදලා තියෙනවා. වැලි මළුව වටේ තියෙන බිත්ති හදලා තියෙන්නෙ, පිහිටි පර්වතයෙන්මයි. ඒ වගේම චෛත්‍යයට උතුරු පැත්තෙන් ඒ කාලෙ හදපු ගොඩනැගිලි බොහොමයක නටඹුන් පේන්න තියෙනවා. මීට අමතරව පර්වතයේ තවත් කන්දක් මුදුනේ ඒ වගෙම චෛත්‍යයක් සහ ගොඩනැගිලි රාශියක් තියෙනවා. මේකට කියන්නෙ පුංචි සිතුල් පව්ව කියලයි.


     අපේ පුරාවිද්‍යා මහත්වරුත් මේ ප්‍රදේශයේ කැණීම් කරලා බොහොම වටින දේවල් හොයාගෙන තියෙනවලු. ඒ අතරේ ඉතාම වටිනා බුද්ධ ප්‍රතිමා, දේවතාවකගේ පිළිමයක් හා තවත් වටින දේවල් රාශියක් තිබිලා තියනවලු. ප්‍රධාන ලෙන් විහාරෙදි හම්බවෙලා තියෙනවා අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිම දෙකකුත්. හැබැයි ඉතින් මේවයින් එකක් රාජකීය විදිහටත්, අනික මුනිවරයෙකුගේ විදිහටත් හැඩගන්වලලු තිබුනේ. ඒ වගේම මේ ප්‍රදේශයෙන් සෙල්ලිපි ගොඩාක් හොයාගෙන තියෙනවා. මේවාගෙ අකුරු වල ඒ කාලෙම අනුරාධපුර සෙල්ලිපි වලට වඩා පොඩි වෙනසක් තියෙනවා කියලත් හොයාගෙන තියෙනවා. තවත් දෙයක්…, පොඩි කාලෙ අර අපි බොහොම ආසාවෙන් අහං හිටපු හිතේ මවා ගත්තු දසමහා යෝධයින්, අන්න ඒගොල්ලන්ගෙන් දෙන්නෙක් ගැනත් මේවගේ ලියවිලා තියනවලු. ඒ නන්දිමිත්‍රයි, වේළුසුමනයි. ඒ වගෙම ඵුස්සදේව යෝධයත් ජීවත් උනේ මේ ප්‍රදේශයේ කියලලු විශ්වාස කෙරෙන්නේ.

     මේ සිතුල් පව්ව ප්‍රදේශයට රාජ අනුග්‍රහයත් ලැබිලා තියනවා. මහාවංසයට අනුව වසභ රජතුමා සිතුල් පව්වේ ස්ථූප දහයක් හදලා ඒක පරිත්‍යාග කරල තියනවා. ඒ වගේම මහල්ලක නාග රජතුමාත් මෙහෙ ස්ථූප හදලා ඒවා විහාරයට පරිත්‍යාග කරල තියන බවට සෙල්ලිපි සාක්ෂි දරනවා.


     ඉතිං ලංකාව පුරාම මේ වගේ බෞද්ධ සිද්ධස්ථාන රාශියක් තියෙනවනෙ. මම ඒ තැන් ගැනත් ලිපි පස්සෙ දන්නම්කො. මේ ලිපියත් කියවලා බලලා ප්‍රතිචාරයක් දාන්නකො. ලිපියේ අඩුපාඩු තියෙනවනම් ඒවත් බලලා මට අනුකම්පා කරලා කියන්නකෝ. මම තවත් මේ වගේම ලිපියකින් හම්බෙන්නම් ආයෙත්.

සියළු දෙනාට තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !


10 යි දැනට ප්‍රතිචාර:

සංකල්ප said...

මම නම් සිතුල් පව්වේ ගිහින් නෑ.
මේ පින්තූරයි බ්ලොග් සටහනයි කියෙව්වට පස්සේ යන්න ආස හිතුනා. ගොඩක් වටින තැනක්.

Jචමත්™ said...

බොහොම ස්තූතියි දිරිගැන්නුවාට..
දිගටම "නිර්මල දහම"ත් එක්ක ඉන්න...
තෙරුවණ් සරණයි !

Jචමත්™ said...

Oh ! That's good... Tell me when, I'll also join :D

Jචමත්™ said...

Thanks a lot !
Keep on reading...

Jචමත්™ said...

Thanks a lot !!
Keep on reading...

Chiran_amila said...

ගොඩාක් හොඳ වැඩක්....දිගටම කරන්න......තෙරුවන් සරනයි......

උත්පලා Janadaree said...

Reading this article made me love to visit there :) nice one!

Janadaree2009 said...

reading this made me love to visit there :) nice one!

sl130 said...

great article !

Jචමත්™ said...

බොහොම සතුටුයි.. ඒ කියන්නෙ ලිපිය ටිකක් සාර්ථකයි..
ප්‍රතිචාරයට බොහෝම ස්තූතියි...

Post a Comment

බොහොම ස්තූතියි කියෙව්වාට.
මාව දිරිමත් වෙන්න ප්‍රතිචාරයකුත් දාලම යනවද ?

යාළුවන්ටත් මේ ගැන කියමුද ?

Related Posts Plugin for WordPress, Blogger...