Friday, July 22, 2011

ඔබත් අදම නිර්මල දහමට එන්න… (Visit "Nirmala Dahama")


ඔන්න මේ ලිපිය මෙච්චර කල් දාපු අනිත් ලිපි වලට වඩා ටිකක් වෙනස් එකක්. මේකෙ මොනවද කියලා තියෙන්නේ කියලා බලන්නකො එහෙනම්. කියවද්දි ඔයගොල්ලන්ටත් සිතුවිලි පහළ වේවිනේ.


අවසර       පතමි සිතුවිලි කවි        කරන්නට
මනහර     බුදු දහම ලොවටම        කියන්නට
මේ වෙර      නිමල දම් ඔබහට     බෙදන්නට
ගෙනහැර     පාමි ලිපි මම යන       ලියන්නට

නිර්මල   අමා     දම් රස   සොයලා  දෙන්නයි
සක්වල   සරා    පින්බිම්     වැඳලා    ගන්නයි
මංගල    මහා  සඳ තතු       කියලා  දෙන්නයි
සිංහල    දනා   මන තුල      මවලා පෙන්නයි

බොදු   සළකුණු ගැනත් වඩවා ගනු       සතර
බුදු      හිමි තතු අසනු ගතකළ පෙර      සසර
පිදු      දින ගැන කියමි බොදු අප හට    පවර
විදු     එළිපෙහෙළි කර පසු ගෙන එමි  මිතුර

බුදු   වදනින්  තමයි අපෙ දිවි      හැදෙන්නේ
මුදු    තෙපළින් යුතුව දෙසු බණ සොයන්නේ
සුදු   බුදුරැස්   වැටී මඟ හෙළි    කෙරෙන්නේ
රුදු   දළ සිත්    සතන් දහමින්     නිවෙන්නේ

අපිත්    පිළිවෙතින් පෙළගැසෙමුද        ඔන්න
මමත්    කැමති සදහම් දානය              දෙන්න
සිතත්    නිවා දහම් සුවය විඳ                ගන්න
ඔබත්    අදම නිර්මල දහමට                එන්න

කවි ටික කියෙව්වනෙ මොකද හිතෙන්නේ කියලා ප්‍රතිචාර දක්වන්නකෝ. ඒවායින් තමා මමත් දිරිමත් වෙන්නේ. නිර්මල දහමින් තවත් ලිපියකින් එනකන් සමුගන්නම් මං.

සියළු දෙනාට තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !


2 යි දැනට ප්‍රතිචාර:

chamindu mihiranga said...

delowatama pin sidda wena hoda wedak!!! niyamai mchn... thawa liyapan... api innawa kiyawanna... :)

Jචමත්™ said...

එල තෑන්ක්ස් මචං.. මම ඒත් බල බල හිටියේ කෝ මේ අපේ කොල්ලො කියලා !

Post a Comment

බොහොම ස්තූතියි කියෙව්වාට.
මාව දිරිමත් වෙන්න ප්‍රතිචාරයකුත් දාලම යනවද ?

යාළුවන්ටත් මේ ගැන කියමුද ?

Related Posts Plugin for WordPress, Blogger...