Sunday, July 24, 2011

දැනගෙන නමස්කාරය කියමු… (Namaskar)


     තිං යාළුවනේ කොහොමද ? අද ලිපිය මහා ලොකු දෙයක් ගැන නම් නෙමේ. බෞද්ධ අපි හැමෝම දන්න බොහොම පොඩි දෙයක් ගැනයි. "නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස". මේ බෞද්ධ අපේ නමස්කාර පාඨයනෙ. මේ පාඨය කියද්දි අපි හැමෝගෙම දෙ අත් නොදැනීම නළලට එකතු වෙනවා නේද ? හිස පාත් වෙනවා නේද ? පොඩි කාලෙ ඉඳන් සිය දහස් වතාවක් නෑ... ඊටත් වැඩිය වාර ගණනක් අපි මේ නමස්කාර පාඨය කියලා ඇති නේද ? ඒත් ඉතිං දන්නවද මොකද්ද මේ නමස්කාර පාඨයෙන් කියවෙන්නෙ කියලා. මම අද කියන්න යන්නෙ ඒ ගැන තමා. ඔන්න අහගන්නකෝ.

     බුද්ධ වන්දනාවෙදි, ඕනෑම බෞද්ධ උත්සවයකදී, පිරිත් දේශනාවකදී, බණ දේශ්නාවකදී මුලින්ම බෞද්ධයන් වශයෙන් අපි කියන්නෙ නමස්කාර පාඨය. ඒ අපට නිර්වාණ මාර්ගය කියා දීපු බුදු පියාණන් වහන්සේට ගරු කිරීමක් හැටියටයි. අපි හැමෝම හොයන්නේ විමුක්තිය එහෙමත් නැත්තං නිදහස. ඉතිං මේ නිදහස සොයා ගන්නා ක්‍රියා පටිපාටිය අපේ බුදු රජාණන් වහන්සේත් අනුගමනය කරපු එකමයි. උන්වහන්සේ ඒ මාර්ගයනෙ අපිට කියා දුන්නේ. ඇත්තටම කියනවානම් ඒ මාර්ගයේ ගමන් කරන ආකාරයේ සාරාංශය තමා මේ නමස්කාර පාඨයේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතිං අපි බුදුන් වහන්සේටත්, උන්වහන්සේ පෙන්වා දුන්නු මේ මහා මාර්ගයටත් ගරු කරනවා. ඒ ගරු කිරීම වචනයෙන් කියා දක්වන්නෙ මේ නමස්කාර පාඨයෙන්.

     පි බලමු මේ පාඨයෙන් අපි කොහොමද ඇත්තටම මේ ගරු කිරීම කරන්නෙ කියලා. පාඨය ආරම්භ වෙන්නෙ "නමෝ" යන්නෙන්. නමස්කාර වේවා කියන තේරුම මේ "නමෝ" යන්නෙහි ගැබ් වෙලා තියෙනවා. නම්ස්කාරය දැක්වීම කියන්නෙ හිස පාත් කරන එක එතකොට දෑත් එකතු කිරීම වගේ හුදු කායික ක්‍රියාවම නෙමේ. ටිකක් හිතලා බැලුවොත්, අපි යමක් හෝ යමෙක් ගැන බොහොම පැහැදීමෙන්, ඒ දේට හෝ කෙනාට හිත පතුලෙන්ම ගෞරව කරනවානම්, ඒ දේ ඉතාම ශ්‍රේෂ්ඨ දෙයක් කියලා ඇත්තටම පිළිගන්නවානම් තමයි නමස්කාර කරන්නේ. එතකොට තමයි නොදැනුවත්වම දෑත් එකතු වෙන්නේ, හිස පාත් වෙන්නේ, හිඳි අසුනෙන් එසවෙන්නේ. නමස්කාර වේවා කියලා පටන් ගත්තට පස්සෙ ඉතුරු ටිකේ තේරුමත් බලමුකො අපි.

     ළඟට "තස්ස" කියලා කියන්නෙ යමෙකුට, යමක් පිළිබඳව තියෙන අයිතිය හැඟවෙන පදයක්. ඉතිං කා ගැනද මේ කියන්නෙ, මොනවද අයිති කියලා ප්‍රශ්න ගොඩක් ඇතිනෙ ඕගොල්ලන්ට. බුදු රජාණන් වහන්සේගේ ජීවිතයට අයිති, උන්වහන්සේගේ ජීවිතය සැපවත් කළ, සුඛිත, මුදිත කළ මහා ගුණ සම්භාරයක් ගැන තමයි මේ කියන්නේ. ඉතුරු පද ටික තමා භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස. ඒ පද වලින් කියවෙන්නේ බුදු රජාණන් වහන්සේගේ අති උතුම් ගුණාංග තුනක් ගැනයි. ඒ ගුණාංග මොනවද කියලා බලන්න අපි ඉතුරු පද ටිකේ තේරුමත් හොයලා බලමුකෝ.

     බුදුන් වහන්සේ විමුක්ති මාර්ගය සොයාගෙන උන්වහන්සේගේ ජීවිතයට දුක්, පීඩා, කරදර ගෙන එන සියළුම කරුණු කාරණා නැති කර දැම්මා නැත්තං භග්න කර දැම්මා කියල කියවෙන්නේ "භගවා" කියන පදයෙන්. ජීවිතය සුවපත් කරන සැපය ලැබෙන්නේ මෙම දුකට හේතු වන කාරණා නැති කර දාපුවහමයි. කැමතියි නේද මොනවද මේ දුකට හේතු වෙන කාරණා කියලා දැනගන්න. ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රහානය කරලා දාන්න බැරි උනත්, ඒ ගැන අඩුම ගානේ දැනගෙන සිටීමත් හරිම වැදගත්. බුද්ධ දේශනාවේ තියෙන විදිහට දුක ඇති වෙන්න හේතු වෙන්නෙ ධර්ම කරුණු හතරක්. ඒවාට ආස්‍රව ධර්ම කියලත් කියනවා. අනේ ඉතිං අපි මෙච්චර මේ දුක් විඳින්නෙ හේතු 4ක් හින්දනෙ. ඒවා තමයි "කාම ආස්‍රව", "භව ආස්‍රව", "දිට්ඨි ආස්‍රව", "අවිද්‍යා ආස්‍රව" කියන හතර. ඒවා ගැන මම දැනට කෙටියෙන් පැහැදිලි කරන්නං. පස්සෙ අළුත් ලිපියකින් අපි බලමුකෝ මොනවාද මේ ආස්‍රව ධර්ම කියලා. "කාම ආස්‍රව" කියන්නෙ යමකට තියෙන කැමැත්ත නැත්තං බැඳීම නිසා හිතේ ඇතිවන ඇලීමේ ස්වභාවයයි. නැවත ඉපදීමට, එනම් භවයට ඇති ආශාව නිසා සිතේ ඇතිවන ඇලීම් ස්වභාවය "භව ආස්‍රව"යි. තුන්වෙනුව "දිට්ඨි ආස්‍රව" කියලා නම් කෙරෙන්නේ නිවැරදි දැක්මක් ඒ කියන්නේ යමක් ගැන නිවැරදි ස්වරූපය, ස්වභාවය නොදැක ඊට ඇති බලවත් රුචිය නිසා සිතේ ඇතිවන ඇලීම් ස්වභාවයයි. අවසානයේ "අවිද්‍යා ආස්‍රව" කියන එකෙන් කියවෙන්නේ අපේ ජීවිතයේදී යම් යම් ක්‍රියා කිරීමට තෝරාගත යුතු උපක්‍රම, ඒ කියන්නෙ විද්‍යාව, හරි හැටි නොදැනීම නිසා සිතේ ඇති වන බැඳීම් ස්වභාවයයි. මේ ආස්‍රව ධර්ම ගැන අපි ඉදිරි ලිපියකින් සළකා බලමු.

     බුදුන් වහන්සේ සියළුම බැඳීම් මුලිනුපුටා දාපු නිසා උන්වහන්සේ අරහං ගුණයෙන් යුක්ත උනා. ඒ කියන්නෙ තමා සතු සියළුම බැඳීම් නැති කරලා, ඒවා පිළිබඳ කිසිම සිතක් ඇති කර නොගෙන ඒවාගැන බලාපොරොත්තු නොවී ජීවිතය ගත කළ හැකි බව කියන උතුම් ගුණාංගයයි. එතකොටම මට මතක් උනා, අපි කතාවටත් කියනවානෙ "අපෝ මට ඒක නම් අරහං" කියලා. ඉතිං හරියට හිතලා, විග්‍රහ කරලා බැලුවොත් මේ අපි නොදැනුවත්වම කියන්නෙත් ඒ ගුණාංගෙ ගැන තමයි. අපි එහෙම කියන්නෙ ඒ දේ ගැන කිසිම පැහැදීමක් නෑ; ඒ දේ ගැන අපේ හිතේ කිසිම බලාපොරොත්තුවක් නෑ; ඒ දේ නැතුව කිසිම ප්‍රශ්නයකින් තොරව අපේ ජීවිතය ගෙන යන්න පුළුවන් කියලා විශ්වාස හින්දනෙ. ඉතිං ඒ කියන්නෙ ඒ ගැන අපේ හිතේ කිසිම බැඳීමක් නෑ යි කියන එකම තමා. අපේ බුදු රජාණන් වහන්සේ මේ උතුම් ගුණාංගයෙන් හෙබියා වූ නිසා උන්වහන්සේ අරහත් නම් උනා.

     පාඨය ඉවර වෙන්නේ "සම්මා සම්බුද්ධස්ස" යන්නෙන්. "සම්මා සම්බුද්ධස්ස" කියන පදයේ තේරුම තමයි ලෝකය පිළිබඳ දැන ගත යුතු සියළු දේ දැන සිටීම කියන ඒ මහා ගුණාංගය. බුදුන් වහන්සේ උන්වහන්සේගෙ බුද්ධ ජීවිතයේදී කම්පා වූ හෝ දුකට පත් වූ අවස්ථාවක් අපිට සොයා ගන්න බැරි තරම්. ඒ උන්වහන්සේ ලෝකය ගැන දැන සිටිය යුතු සියළුම දේවල් දැන හිටපු නිසායි. ලෝකයේ කෙනෙක් දැන සිටිය යුතු කරුණු වර්ග දෙකක් තියෙනවා. එකක් තමා ජීවිතය දුකට පත් වීමෙන් වළක්වා ගැනීමට තියෙන කරුණු. අනිත් එක, ඒ කරුණු නිවැරදිව අපේ ජීවිත තුල සංවිධානය කර ගන්න ක්‍රම. බුදු රජාණන් වහන්සේ මේ ඔක්කොම කරුණු කිසිම අඩුපාඩුවක් නැතුව දැන හිටියා කියන්න අපිට බුද්ධ චරිතයේ ගොඩාක් උදාහරණ තියෙනවා. ඉතිං මේ උතුම් සම්මා සම්බුද්ධ ගුණයත් බුදු හාමුදුරුවො ගාව අඩු නැතුව තිබුනා.

     න්න දැන් හැමෝම දන්නවා නමස්කාර පාඨයේ තේරුම. දැන් කවුරු හරි ඇහුවොත් කියන්න පුළුවන් නේද ? "භගවා, අරහං, සම්මා සම්බුද්ධස්ස කියන මහා ගුණයන්ගෙන් පරිපූර්ණ වූ අප මහා බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා" කියන එකයි නමස්කාර පාඨයේ මූලික තේරුම. මේ විස්තරයේ තිබුන තවත් ධර්ම කරුණු ගැන අපි අපේ ඊළඟ ලිපි වලින් විස්තර කරලා බලමු. අපි ඇත්තටම බුදුන් වහන්සේට ගරු කරනවානම් මේ කිව්වා වූ උතුම් බුදු ගුණ ඔක්කොම අපේ ජීවිතයටත් ලං කරග්න්න උත්සාහ කරන්න ඕනෙ. එහෙනම් "නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස" කියලා දෑත නළලෙ තියලා, හිස පාත් කරලා අපේ අමා මෑණී බුදු පියාණන් වහන්සේට නමස්කාර කරලා මම මේ ලිපියෙන් සමුගන්නං.

සියළු දෙනාට තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !

ප.ලි.
මේ ළඟදි අර DeepS අක්කගෙ අනං මනං ලෝකයේ ලිපියක් කියවද්දි, ඒකෙ තිබ්බා අපූරු ගතිගුණයක් ලෝකයාට හුරු කිරීම ගැන. ඒ රචනා සොරකමින් වැළකීම ගැනයි. ඉතිං මාත් හිතුවා මමත් ආයෙ ලිපි දාද්දි ඒ ලිපිය සම්පාදනය කරන්න කරුණු, කාරණා සොයා ගත්ත මූලාශ්‍ර ගැනත් සඳහනක් කරොත් හොඳයි කියලා. බොහොම ස්තූතියි අක්කේ.


මූලාශ්‍ර :
  • කල්‍යාණ ධර්ම සංග්‍රහය - 1985


21 යි දැනට ප්‍රතිචාර:

AskaR said...

Good one bro! kp writing!

Jචමත්™ said...

ස්තූතියි මිත්‍රයා.. ලිපි කියවා බලා ප්‍රතිචාරයක් දැක්වීම පිළිබඳ බොහෝම සතුටුයි.. අනිවාර්යයෙන්ම මාගේඑකම අභිප්‍රාය ඔබ සියල්ලන්ගේම දෑස් මේ නිර්මල දහම කරා යොමු කරවීමමයි..

Jචමත්™ said...

බොහෝමත්ම ස්තූතියි ප්‍රතිචාරයටත්, ඔබේ ප්‍රාර්ථනාවටත්... ඔබටත් අපි හැමෝටමත් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමෙහි ලා මාගේ මේ ප්‍රයත්නය උදව් උපකාරී වේවා !

chamindu mihiranga said...

මිත්‍රයා... මුලින්ම කියන්න ඕන ඔබ සදහන් කරන අර්ථ දැක්වීම් ත්‍රිපිටකයට අදාළ ද නැත්ද කියන්න තරම් බුදු දහම පිළිබද දැනුමක් අවබෝධයක් මට නෑ...
නමුත් මේ ලිපිය ඔබ බොහොම සංයමයෙකින් කරුණු සොයා බලා ලියන ලද්දක් බවනම් පැහැදිලියි... එහි ඔබ විසින්ම යොදන ලද සිතැගි ඇති බවක් මට නම් පෙනෙන්නේ නෑ... අනේ මන්දා! මෙ මගේ අදහස.. ඒ කෙසේ වෙතත් මෙ ලිපිය මෙන්ම ඔබේ අරමුණද බෙහෙවින් යහපත් එකක්... එ ගැන සතුටුයි..
තවත් ලියන්න... හදවතින්ම සුබපැතුම් සහෝ!!!

Sarath Gunatunga01 said...

ඔබට තෙරුවන් සරණයි. ගෞතම බුද්ධ සසුන තුලදීම ඔබට චතුස්සත්‍යය අවබෝධ වේවා

උත්පලා Janadaree said...

ඔබතුමා කියූ පරිදි දහම් කරුණු ඉදිරිපත් කරන කොට ත්‍රිපිටකයට අනුකූල විය යුතුයි තමයි.නමුත් ඉතාමත් හොඳ චේතනාවෙන් කරන මේ වගෙ දෙයකදි ගිහියෙක් හැටියට සිදු වෙන්න පුලුවන් පොඩි වැරදි අපාගත වෙන්න තරම් දරුණුයි කියල මම හිතන්නෙ නෑ. මෙක කියවන පින්වතුන්ට සැකයක් තියනවනම් මඟ හරවාගන්න මූලාශ්‍රය දීල තියනවා. මේක ගොඩක් හොඳ වැඩක්. ඔබතුමා වගේම මේක කියවන හමෝමත් තමන්ගෙ දැනුම අදහස් බෙදාගෙන වැරදි තැන් නිවැරදි කරගෙන මේක ඉදිරියට ගෙනියන්න උදව් කරනවනන් ගොඩක් අයට අලුත් දහම් කරුණු ඉගෙන ගන්න පුලුවන් වෙයි.:)

Jචමත්™ said...

බොහොමත්ම ස්තූතියි ප්‍රතිචාරයට. මම අගය කරනවා මෙවැනි ප්‍රතිචාර.

ඇත්තෙන්ම නිර්මල දහම ත්‍රිපිටකයට අනුකූල විය යුතුයි. මම එය හිස් මුදුනින් පිළිගන්නවා. මේ blog ලිපි ලියනා කිසිවෙක් ලියන්නේ තමාගේ සිතට සහජයෙන් පහළ වූ, තමන් හරියටම දන්නා ලිපි නෙමෙයි. මේ සියළු දේවල් ඇසූ, කියවූ, දුටු දේවල්. මම මෙය ලියන්නේත් ස්වාමීන්වහන්සේලාගෙන් අසා, උන්වහන්සේලාගෙ පොත් පත්, දේශනා පරිහරණයට ලක් කරයි. එහිදී මම ඒවා තේරුම් කර ගැනීම පිළිබඳ නොයෙකුත් ගැටළු තියෙන්නට පුළුවන. මම කිසිදා කියන්නේ නෑ මගේ ලිපි තමා "නිර්මල දහම" අන් සියළු දේ වැරදියි කියා. ඔබතුමා කියූ බුදුන් වහන්සේගේ ධර්මය විකෘති කිරීම පිළිබඳව මමත් හැකිතාක් සැලකිළිමත්. නමුත් මේ සියළු ලිපි මගේ බුද්ධියට ගෝචර වූ දෙයක් විනා අන් කිසිවක් නොවේ. මෙහි වැරදි තිබෙන්නටද පුළුවන. ඒ නිසයි ඔබතුමා වැනි අයගේ ප්‍රතිචාර මට වටින්නේ. මම මේ දේ කරන්නේ සැඟවී තිබෙන දෙයක් අන් අයට පෙන්වන්නට, ඒ පිළිබඳ කතිකාවතක් ඇති කිරීමට, ඒ ගැන සියල්ලන්ගෙම අවධානය යොමු කරන්නට, මටත් අළුත් ධර්ම කාරණා ඉගෙන ගන්නට වගේ බොහොම හොඳ චේතනාවන් සමුදායක් හිතේ දරාගෙනයි. එම නිසා අපායේ යාමට මම බිය වන්නේද නැත. ඔබතුමාගේ "නිර්මල දහම අති භයානකයි" යන ප්‍රකාශය මම තරයේ හෙළා දකිනවා. බුදුන් වහන්සේ කිසි දිනක අප බියට පත් කිරීමක හෝ, අපව අපහසුතාවයකට පත් කිරීමක ලා මේ ධර්මය දේශනා කරන්නේ නැති බව බුදුරජාණන් වහන්සේත්, උන්වහන්සේගේ ධර්මයත් අදහන මම බොහොම තදින් විශ්වාස කරනවා. "නිර්මල දහමට" බියෙන් මට ධර්මය සොයන්න උවමනාත් නැත. ඒ දහමේ තියෙන්නේ ජීවිතය නිදහස් කරගන්න දෙයක් මිස බියට පත් වීමට යුතු දෙයක් නොවෙයි යන්න මගේ මතයයි. ඔබගේ යෝජනාවට මමත් එකඟයි, නමුත් වළගම්බා රජ සමයේදී රහතන් වහන්සේලා දෙසූ ධර්මය ග්‍රන්ථාරූඪ වී ඉන් ඉගැන්වෙන ධර්මයක්, මම මගේ ධර්මය කියා පිළිගැනීමට සූදානම්. මම ලියූ ලිපියේ "සම්මා සම්බුද්ධ" හා "භගවා" බුදු ගුණවල තේරුම් පිළිබඳව මට ඇසී ඇති වෙනත් ආකරද පවතී. ඒ නිසා ඒ ගැන හිතේ පොඩි සැකයක් ඇතත් වෙනත් වැරද්දක් ගැන අවංකවම මා නොදනිමි. එවැනි වැරද්දක් ඇතිනම් මටත්, අපි හැමෝටමත් දැනගන්නට කියලා දෙන ලෙස කරුණාවෙන් ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි. එය තුන්වරක් කීමට හේතුවත් ඔබතුමා ඉතාම හොඳින් දන්නා බව පැහැදිලියි. මටත්, දහම් පිපාසාවෙන් ඉන්න හැමටත් දැනගැනීමට එය කියා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. ධර්මය ඉගෙනීමේ භයානකකමක් මම දකින්නේ නැත. කෙසේ හෝ නිවැරදි දේ දැනගැනීමයි මට අවැසි. මම මේ කරන්නේ පාප කර්මයක් නම් ඇත්තෙන්ම මට දුක් විඳීමට සිදු වෙනවානම් වඩාත් හොඳයි. මගේ කිසිදා අන් අය මුළා කිරීමේ අභිලාෂයක් නැත. ත්‍රිවිධ රත්නය සරණ යන මම සංඝ රත්නයද සැකයකින් තොරව සරණ යමි. උන්වහන්සේලා දෙසූ ධර්මය විවේඡනය කිරීමට මට උවමනාවක් නැත. මට අවශ්‍ය නිර්මල දහම දැනගැනීම පමණි.

එමනිසා, මාගේ ලිපියේ ඇති අඩුපාඩු පෙන්වා දී, මගේ ලිපි කියවන සියළු දෙනාට නිවැරදි අවබෝධයක් ලබා දීමට කාරුණික වන ලෙස ඔබතුමාගෙන් නැවතත් ඉල්ලා සිටිමි.

සියළු දෙනාගේ අවධානය පිණිසයි :

අද රටේ ඕපාදූප, වැඩකට නැති විස්තර, සිත තවත් කෙළෙසණ අන්තර්ගත සහිත වෙබ් අඩවි, අඩවි ඕනැ තරම් තිබියදී වැඩි දෙනෙක් ගේ අවධානය පාත්‍ර නොවුනත්, ප්‍රතිචාර කෝටි ගණන් නැතත්, මෙවැනි දෙයක් කිරීම ඉතාම අවදානම් සහිත උනත් ඉතා නිහඬ සේ මෙවනි කටයුත්තක් කරන්නේ ඔබ සියළු දෙනාගේම සිත් ධර්මය කෙරේ යොමු කරන්නට, ඒ පිළිබඳ ඔබලාගේ දෑස් විවර කරවා ඒවා සොයා බලා තර්ක කර නිවැරදි දේ වටහා ගැනීමට පුංචි සිතුවිල්ලක් ඔබේ සිතේත් ඇති කිරීමට විනා ඔබලා නොමඟ යැවීමේ චේතනාවෙන් නෙවෙයි.

තෙරුවන් සරණයි ඔබතුමාටත්, සැමටත්.
නමෝ බුද්ධාය !

Wask Wickramasinghe said...

nirmala dahama gana katha karanakota me liyana hama deyakma tripitakayata anukoola wenna onaa. eka ekkenage adahas nirmala dahama wenne ne. e nisa bohoma prawesamen liviya uthu deyak. ehema nowunoth budun wahanse nodesuu deyak desuu widiyatath, desuu deyak nodesuu widiyatath nodaneemen ho liyawunoth oba niyatha wasayenma apaye yanawamai. nirmala dahama athi bayanakai. e bawa danagena kalpanawen karanna. liweemata pera siw pilisimbiyapath sowan, sakrudagamee, anagamee pudgalayaku hamuwee waradi athnam niwaradi kara ganeema watinawa. oba liyuu namaskaraye niyama teruma oka newei. eya thun warak keemata hethuwath oba danne nathuwa athi. e nisa mewa balana aya waradi widiyata terum gaththoth eya bayanakai. obata duk windeemata sidu wenawa. ada 99%k hamuduru warunta wenne oya tikamai. wask.wickramasinghe@gmail.com

Jචමත්™ said...

බොහොම ස්තූතියි. නමස්කාරය තුන්වරක් කියන්නේ ඇයි කියලා මම දන්න තරමින් පිළිතුරක් දෙන්නම්. සමාවෙන්න පමා උනාට. මේ ටිකෙ මඳක් කාර්යබහුල උනා. තුන්වරක් කීම පිළිබඳ කිසිම ආගමික මතයක්නම් මම දන්නේ නෑ. නමුත් පැරණි ජනයාගේ තුන, හත, එකොළහ වැනි ඉලක්කම් වලට බොහොම ගෞරවයක් තිබුන බව මම අහලා තියෙනවා. ඔවුන් ඉරට්ටෙ සංඛ්‍යා තමන්ගේ ජීවිත වලට ළං කර ගන්නට වැඩිය කැමති උනේ නෑ. එම නිසා තමයි බුදු දහමේත් බොහෝ ගාථා, සූත්‍ර සහ වෙනත් විවිධ දේ තුන, හත, එකොළහ වැනි ඉලක්කම් සම්බන්ධව පවතින්නේ. මෙයද එවැන්නක්.

Jචමත්™ said...

බොහොම ස්තූතියි. හොඳ පුරුද්දක් ඇති කළාටත් දිරිමත් කිරීමටත්.

Deepika_P said...

හොඳ පුරුද්දක් පටන් ගැනීම ගැන සතුටුයි...බුදුහාමුදුරුවොත් කියලා තියනවා නේද අන්සතු දේ ගන්න එපා කියලා අයිති කාරයට කියන්නේ නැතිව....?

හැමදාම ගිරවා වගේ මේක කියන අපිට තේරුම හරියට කියලා දීපු එක ලොකු දෙයක්. ලියන්න දිගටම. සුභ පැතුම්

Chathusjp said...

බොහොම ස්තුතියි මේ ගැන දැනුවත් කලාට. මට තව පුංචි ප්‍රශ්නයක් තියනවා. ඇයි නමස්කාරය තුන් වාරයක් කියන්නේ කියල??

Jචමත්™ said...

බොහොම ස්තූතියි උත්පලා, අදත් පළමු ප්‍රතිචාරයට..
හ්ම්ම් ඇත්තමයි.. බොහොම පොඩි දෙයක් උනත් අපි වැඩිය දන්නෙ නෑනේ මේ වගේ දේවල් ගැන. කට්ටියගෙ ප්‍රතිචාර බලලා මම තවත් මේ වගේ ලිපි ලියන්නම්.

උත්පලා Janadaree said...

ලොකු දෙයක් නෙමෙ වෙන්නෙ කොහොමද? :D මේ ඇත්තටම මම දැනගන්න ආසාවෙන්ම හිටපු දෙයක්.ගොඩක් ස්තුතියි චමත්..මන් වගෙම ගොඩක් බෞද්ධයො මේක කියවල ලැජ්ජ වේයි මෙච්චර කල් නමස්කාර කරෙ මේක වත් නොදැනද කියල.:)

Wask Wickramasinghe said...

mage comment eken oba tumage ho kage hari hith ridumak unanam palamuwa samawa illanawa. mama comment kale kisima kenekuge hith ridawanta nowei. ehema kalanam loku pawak. magen kawadawath ehema deyak wenne ne. mama ithama anukampawenui e comment eka kale. mokada obage blog ekata "nirmala dahama" kiyala nama dunnoth api hama denama balaporoththu wenne anith ewa okkoma pasekala meya asuru kireemen nirwanaya laba gannai. eth ehema nowena kota oba dun "nirmala dahama" kiyana nama nogalapena bawai matanam terenne. "nirmala dahama soyamu" yana akarayata meya wenas karannenam eya sudusu bawai mata terenne. "nirmala dahama" widiyata gannenam eke saka sahitha dewal tibiya nohakiy. budu muwen pita nowunu dewal tibiya nohakiy. budda bashitha darma desana pamanakma adangu wiya uthui. namuth " nirmala dahama soyamu" lesa tibunoth darma desana widiyata nowa, darma sakachcha widiyata meya digatama idiriyata genayanna puluwan. ethakota api hamogema adahas idiripath wenakota ewain niwaradima adahasa laba ganna puluwa. ema adahasath darmaya tulata dala galapenawada kiyala bala gannath puluwan. anna e widiyatai daham thoranne. ehema nathuwa eka ekkenata hithena dewal dahama widiyata kiyanna giyoth katawath hari darmaya hoyagannawath bari wewi. ada wela tiyenne ekai. budu hamuduruwo ektara thanaka desana karala thiyenawa aduma taramin sowan palayawath laba nathi kenek thawath kenekuta darma desana karanta epa kiyala. ada mewa ganan ganne nathuwa iwak bawak nathuwa hatara athe daham desanta gihilla dahama sampoornayen wikruthi karalai tiyenne. poddak hithuwada ada katawath marga pala labenne naththe ai kiyala. ekama hethuwa wikurthi karapu daham desanawa misak nirmala daham nodesana nisamai. nathuwa darmaye athi waraddak nisa nowe. mama ekai kiwwe nirmala dahama waradda gaththoth athi bayanakai kiyala. nirmala dahamen niwan labenawa wagema dahama wikurthi kireemen "aana withikkamawaranaya" hewath budu ana kadeeme warada nisa apaya gamee wenawa. ekai me nirmala dahame thiyena bayanakathwaya. ehema nathuwa oba kiw paridi bayawee darma margaye yanna awasya ne. hari de tora ganeema obata barai. mata puluwan anukampawen hari maga mekai,waridi maga mekai, hari maga tora gaththoth niwan. waradi maga tora gaththoth sasare atharaman kiyana paniwida obata denna pamanai. maga pala lath arya pudgalayo soya asuru kireema niwana uanisraya wei. ekata gihi pawidi bedayak natha. oba sandahan kala paridi "apaye giyath kamak natha" kiyana wachanaya oba apaya ganawath, niwana ganawath hari awabodayakin torawa kala prakasayak widiyatai ma dakinne. mulu lowama palanaya karana sakwithi rajyatath, tun lowama palanaya karana sakra sampaththiyatath wada sowan palaya usas bawa budu hamuduruwo desuwe wena ekakwath nisa nowa athi bayankara apayen galawena ekama thana sowan palaya nisamai. eya wataha ganna. aneka darmaya anekwata wada wenas. igena ganna dewal me bawayen iwarai. namuth daham awabodaya (sowan) kawadawath nathiwena deyak nowei. e nisa api marga pala labana balaporoththuwenma daham asuru kala uthui. ehidee pana nagina prasna darmanukoolawama wisanda gatha uthi. artha, damma, nirukthi, patibana kiyana siwpilisimbiya nuwana daham gatalu nirakaranayata awasya wenawa. eya mekala athi durlabai. namuth uthsahawantha nam danudu pramada natha. siyalloma uthsahawathntha wewa.
obala digata darma sakacha kireemata kamaththe nam mage seemitha welawen kotasak obalage daham awabodaya pinisa waya kireemata kamathi.
podi prasnayak athi wela tibuna api gatha kiyanakota thun warak kiyanne ai kiyala. ekata ketima uththare "terumgannai" dan api balamu "teruma" kiyana wachanaya hadila thiyena hati. "te+uruma"=teruma ehemanam "te" kiyanne "thuna"---> e kiyanne yamak uruma wenna nam thun sarayak e siduweema wenna onaa. ekai api gatha kiyanakota thun sarayak kiyanne. eka uruma wennai. ehema nathnam terum gannai.
thawath dawasa aluth deyakin hamuwemu. budu saranai.

AskaR said...

Good one bro! kp writing!

Jචමත්™ said...

Thanx ayya !!! keep reading.. ;)

Jචමත්™ said...

ඇත්තෙන්ම නෑ මහත්මයා, ඔබතුමාගේ ප්‍රතිචාරය වැනි ප්‍රතිචාර අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍යයි. මා ඒ ප්‍රතිචාරය හැකි උපරිමයෙන් තේරුම් ගත්තා. කාගේවත් සිත් රිදුනා කියා මා සිතන්නේ නෑ. මා මේ යන්නේ සිත් රිදවා ගැනීමේ ගමනක නම් නොවේ, සිත් සුවපත් කිරීමේ ගමනකයි. ඔබතුමාගේ තර්කය මම පිළිගනිමි. එමනිසා මම මගේ අඩවියේ නම හැකි සෑම තැනකම ඔබ යෝජනා කළ පරිදි "නිර්මල දහම සොයමු..." ආකාරයට වෙනස් කරන්නට උත්සාහ ගන්නවා. ඔබතුමා කියු දේ මට හොඳින්ම වැටහුනා. නමුත් සිතාමතා බුදු මුවින් පිට නොවූ දේවල් ඉදිරිපත් කර කියවන්නන් මුළා කිරීමක් ගැනනම් අබ මල් රේනුවකවත් සිතුවිල්ලක් මගේ හිතේ නෑ. ධර්මය තේරීම පිළිබඳ ඔබතුමාගේ අදහස බොහොම කාලෝචිතයි, සාර්ථක වේවී කියා මා සිතමි. මා මේ අඩවිය ආරම්භයේදී සිතා සිටියේත් එවැන්නක්ම තමා. නමුත් ක්‍රියාවට නැංවීමේදී මා අතින් විශාල අතපසු වීමක් සිදු වී ඇති බව මට දැන් තේරෙනවා. බොහොම ස්තූතියි පෙන්වා දුන්නාට. මහත්මයා මම මෙහි ධර්මය දේශනා කිරීමේ අටියෙන් නොවේ මේ ලිපි ඉදිරිපත් කරන්නේ. මා සිතුවේ මෙවැනි මාතෘකා ඉදිරිපත් කළ විට අඩුම ගානේ කියවන්නන් නැවතත් මේ පිළිබඳ සොයා බලාවී, බලා මාගේ වැරදි කියා දේවී කියායි. ඔබතුමා ප්‍රතිචාර දැක්වූයෙත් එලෙසිනි. මාගේ අභිප්‍රාය සාර්ථකයි. නමුත් මටත් ඇත්තෙන්ම අවැසි "නිර්මල දහම" සොයා ගැනීමටයි. මා හුවා දැක්වූයේ මා හට "අපායගමී වීමේ බයක් නැත" යන්න නොවෙයි. මා කීවේ, මෙය සිදු කිරීමේදි මගේ චේතනාව ඇත්තෙන්ම වැරදි එකක් නම්, ඇත්තෙන්ම මා මෙය සිදු කරන්නේ නිර්මල දහම විකෘති කිරීමේ චේතනාවෙන් නම් මා අපාය ගාමී විය යුතුයි යන්නයි. කරුණාකර මා කී දේ වටහා ගැනීමට උත්සාහ කරන්න. ඔබතුමා කී පරඉදි තුන්වරක් කියන්නේ උරුම වීමටනේ. ඉතින් එහි ඇත්තෙන්ම ආගමික පසුබිමක් නෑ නේද ? එය සංස්කෘතික දෙයක් නේද ? මේ "තේරුම" කියන වචනය පාලි වචනයක්ද ? එසේ නැත්නම් ඔවුන්, අනෙකුත් ජාතීන් ඇයි මෙය තෙවරක් කියන්නේ ?

බොහොම ස්තූතියි කාල මිඩංගු කරාට මේ වගේ අප හට බොහොම වැදගත් හරවත් සාකච්ඡාවකට. බොහොමත්ම පින්.

බුදු සරණයි !

උත්පලා Janadaree said...

මට හිතෙන හැටියට e-mail එකකින් කියන්න ඕනෙ දෙයක් මෙහෙම පොදුවේ හැමෝම කියවන බ්ලොග් එකකට දාන එක එතරම් සුදුසු නෑ.ඔබට ගොඩක් හොඳ දැනුමක් තිබෙනවා.මේකෙ තියන හරි වැරදි ගැන තර්ක කරන ගමන්ම ඔබගේ දනුමෙන් හමෝටම ප්‍රයෝජනවත් වෙන ලිපියක් දෙකක් දැම්මනං ගොඩක් වටිනවා..:)

Wask Wickramasinghe said...

oyage blog ekata ena comments ena piliwelata pala karanna. mehi kisi piliwelak nathi bawa penawa. ekko aluthen ena comment udatama ho yatatama ena widiyata sakas karanna. awe mechchara dina ganakata passe kiyala thiyena nisa hadaganna lesiy.

Wask Wickramasinghe said...

daham maga yamin sitina saha yanna balaporoththuwana hamotama wadagath dewal godak liyawunu nisath hamotama prayojanayak ganna puluwan wena nisath mama Mr. JCHAMATH ta witharak email yawanawata wada hondai kiyala hithalai ehema liwwe. kese namuth idiriyata email swaroopayen iwath wela daham karunu sakachcha swaroopayen genennata mama uthsaha karanawa. darmaya gana tharka karanawata wada pahadili nathi than thiyenawanam api sakachakarala wisandagamu. mokada dahama gana tharka karanna nam api e awabodaye inna onaa. me lokoththara dahamak nisa. lawkika dewal gana nam onaa tharam tharka karala dinanna puluwan. ekama wenasa dahama gana tharka karala dinuwath eka waradinam athi prayojanayak ne. awaboda kara ganeema thamai watinne. buduwarun gananawak asuru karala e hama sasunakama pawidiwa daham igenagena hamotama daham desala awasanaye ape budda sasanayeth daham desa desa hitiya himi namakata ape buduhamuduruwo katha kale " moda mahana" kiyala. eyinma terenawa me dahama kalpa kotiyak igenagannawata wada eka awabodayak laba ganeema kochchara watinawada kiyala. e sandaha sudusuma kalayakata dan api awilla thiyena bawath, itha mathakadee apata nawathath rahathan wahansela asuru kireemata awasthawa labena bawath e magu awasthawen uparima prayojana laba ganna hatiyata mein mathak kara sitinawa.

Post a Comment

බොහොම ස්තූතියි කියෙව්වාට.
මාව දිරිමත් වෙන්න ප්‍රතිචාරයකුත් දාලම යනවද ?

යාළුවන්ටත් මේ ගැන කියමුද ?

Related Posts Plugin for WordPress, Blogger...