I made this widget at MyFlashFetish.com.

Monday, November 29, 2010

නොහික්මුන සයුර....

 
නිසoසල අහස
කොතරම් ඈතද,
සසළ වී රැළි නඟින
නොහික්මුන සයුරට...
නමුත් අර ඈත
ලෙසින් ක්ෂිතිජය,
එකට ගැටෙනා අපූරුව
සබඳ පෙනෙනවාද
නෙත පිනවා රවටන,
දසුනක් පමණි එය...
නුඹ හා මම
කොතරම් දුරස්ද අද,
හදවත පුරා ඉතිරෙන
ළෙන්ගතු සෙනෙහසට...
නමුත් එදා දවසක
ලෙසින් ආදරය,
ළඟින් බැඳුනා එකට
සබඳ දැනෙනවාද
සිත රිදවා හඬවන,
හැඟුමක් පමණද එය...

10 comments:

  1. හිත රිදව ගන්නට කාරි නෑ....
    මායා ලොවෙන් නික්මෙන්න ඔබ..
    ලොවට රහසේ බෑදුන මුත් හිත...
    ආදරය තිල වෙදනාවන් කොහි වෙද..?

    ReplyDelete
  2. මායා ලොවෙන් මිදුනද,
    රිදුම්දෙන සෙනෙහස තව,
    බිඳුනත් අද මා ළඟම...
    බොහොම ස්තූතියි අදහසට....

    ReplyDelete
  3. ලස්සනයි ගොඩක්.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  4. බොහොම ස්තූතියි..

    ReplyDelete
  5. ලස්සන සංකල්පනාවක් !!! ඔන්න මමත් හා හා පුරා කියලා තුශාරයී පින්නී මිහිර විදින්න ආවා !!!! ඉදිරියටත් එන්නම් .

    ReplyDelete
  6. බැදිම් කියන්නෙ අපේ ජිවිත වලට නැතුවම බැරි දෙයක් බැදිම් ඈතිවන තරමට දුකත් වැඩි ආදරය කියන්නෙත් ඒවගෙ බැදිමක් .. හරි ලස්සනට ඔයා මේදෙවල් ලියලා තියෙනවා .. පොඩි දෙයක් කියන්න ඔන ඔයාගේ බ්ලොගයේ තියෙන Recent posts & and Simple Spy එකේ පොඩි අවුලක් තියෙනවා එක නිවැරදි කරගන්න මෙන්න මේ කොර්ඩ් එක http://pic.photobucket.com/bwe.gif delete කරන්න Recent posts & and Simple Spy HTML/JavaScript box තුලට ගිහිල්ලා එතකොට හරි ..

    ReplyDelete
  7. බොහොම ස්තූතියි මධුරoග... නැවත එන්න ආරාධනා කරනවා...

    ReplyDelete
  8. @ආදරේ _ කිව්ව විදිහටම කලා... බොහොම ස්තූතියි උදව් කලාට...

    ReplyDelete
  9. හරිම ලස්සනයි යාළු

    ReplyDelete
  10. බොහොම ස්තූතියි යාළුු..

    ReplyDelete