I made this widget at MyFlashFetish.com.

Friday, December 3, 2010

අවසානයට අවසානයක්...


පෙම් ගී ගයන විහඟුන් තටු සලා ඉගිලිලා ගියේ, 
පිනි වලින් සැරසිල්ලා පීදෙන්න වෙර දරන 
බoඩි ගොයම මැද්දෙන් ගලාගෙන ගිය 
ලා හිරු එළියේ නිල් කැටයට දිළිසෙන වක්කඩේ වතුර බහින හඬට, 
උඩ පනිමින් තාලය දී සෙල්ලම් කරන පුoචි තිත්තපැටව්න්ටත් 
සුභ උදෑසනක් පතාගෙන දෝ , 
ඉදෙන බතේ සුවඳත් අරන් මැටි ගහපු පැල ළඟින් හමා එන මදනල 
එකට බැඳුනු අපේ දෑත් වලත් වැදීගෙන ඈතට ඇදීයන අතර තුර,
වෙල් යාය මැද්දෙන් වැටුන පටු අඩිපාර දිගේ 
ඇවිදගෙන ගිය අපිට, 
කිරි පාටින් බැබළෙන වෙහෙර වහන්සේ පෙනුනෙ 
ඝාන්ඨාර හඬ මැද්දේ  වුනත් 
පසුවදා....
බස්සන්ගේ මූසළ අඳෝනාව මැද්දෙන් 
මුළු අහසම වසාගෙන අඳුර රජ කරන මොහොතක, 
රිදී ඉරක් ලෙසින් සැනින් පොළවට ඇදෙන 
අකුණු හඬට බියවී මහ හයියෙන් ඇද හැලෙන වර්ෂාවට, 
ඉතිරිලා ගොඩ ගලන වෙල අයිනෙ පටු අඩිපාර 
යට කරන් ගලාගෙන යන දිය පහර,
දෑසින් වැටෙන කඳුලු කැටත්  අයිතිකරගෙන දෝ, 
මුවින් පිටවුනු සුසුම් වල උණුසුම ගසාගෙන ගිය 
සීතල රළු සුළඟ ඔබත් මමත් අතරින් සැරෙන් හමාගෙන ගියේ, 
අපේ බඳීමත් කඩාගෙන ගසාගෙන යන්න වගේ වුනත්, 
ඒ සඳ නැති රැයේ මගෙන් ඈතට ඔබ තබන පියවර පවා 
යාන්තමට මුත් පෙනි පෙනී නොපෙනී ගියේ, 
වරින් වර වදින අකුණක ආලෝකයෙන් බව, 
මට තාමත් මතකයි අද වගේ.

3 comments:

  1. ම්ම්.... හුඟාක් ලස්සනට ලියලා තියෙනවා යාළු. සුභපැතුම්! දිගටම ලියන්න

    ReplyDelete
  2. බොහොම ස්තූතියි යාළු....

    ReplyDelete
  3. hi Sri lankan friends
    ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
    lankawe ayata pamanai
    www.teenlanka.net

    ReplyDelete