Monday, January 17, 2011

sri lanka telecom calanders

නව වසර සඳහා ටෙලිකොම් ආයතනයෙන් ලබාදෙනු ලබන කැලැන්ඩර සහ දිනපොත් මෑන්පවර් සේවකයින් සඳහාද ලබාදීමට මෑන්පවර් ආයතනය කටයුතු කර ඇත..පසුගිය වසරේ මෙන් කලින් පැමිණි අයට පමනක් ලබා නොදී සියලු සේවකයිනට මෙම කැලැන්ඩර ලබාදෙනු ඇතැයි අපි සිතමු...අද දින වනවිටත් සමහර ප්‍රදේශවල මෑන්පවර් සේවකයිනට මෙම කැලැන්ඩර සහ දිනපොත් ලැබී නොමැත...කැලැන්ඩර හා දිනපොත් පමාවීමටනම් කෙලින්ම ඒ සඳහා වගකිව යුතු වන්නේ ඊට අදාල අංශය වෙයි..මුල්ම කැලැන්ඩර තොගය ප්‍රධාන නිලධාරීන්ට පවා බෙදාහරිනු ලැබුවේ දෙසැම්බර මස 28-29 යන දිනවලදීය..බොහෝ ටෙලිකොම් සේවකයින්ටද දින දර්ශන දිනපොත්..කාඩ් ලැබුනේ වසර උදාවී සතියක් හමාරක් ඉක්ම ගිය පසුව වෙයි..

අප ආයතනය රටේ සෑම තැනකටම සේවා සැපයිය හැකි විශාල විභවයක් සහිත ආයතනයකි..අපේ වෙළඳ නාමය ප්‍රචලිත කිරීමට මෙම සුභපැතුම්පත්,දින දර්ශන,දිනපොත් යොදාගත හැක..ඉතින් නොමිලයේ අප ආයතනය සහ නාමය ජනප්‍රිය කලහැකිව තිබීයදීත් අපගේ මිතුරෙකුටවත් කාඩ්පතක් යැවීමට අප ආයතනයේ කාඩ්පත් අපහට නොලැබෙයි..අපි අපිට නොලැබෙන දේ ගැනම කියා අඬනවා නොවේ..එහෙත් ඈත ගම් දනව් සිසාර නගරයේ පැල්පත දක්වා යා යුතු අපගේ "ආයතනික නාමය" ජනප්‍රිය කිරීමට අපට මීටවඩා අවකාශ දෙන්නේ නම් හොඳ බව අප සිතමු..

කාල රාමුවකට අනුව නිවැරදි වේලාවට සියලු කටයුතු සිදු කිරීමේ හැකියාවක්ටෙලිකොම් සමාගමට තිබුනි නම් අවම වශයෙන් දිනපොත්,දින දර්ශන හා සුභපැතුම්පත් අප සේවා දායකයින්ට නව අවුරුදු උදාවේදීම දිය හැකි විය යුතුය..එහෙත් මේ තුනෙන් එකක්වත් සමහර ටෙලිකොම් විධායක සහකාර වරුන්ට පවා පලමුවෙනිදා වනවිට ලැබී තිබුනේ නැත..එක් දෙයකට ප්‍රමාද දෝශ සිදු විය හැක..එහෙත් 3ටම...සමහරවිට මෙවැනි ක්‍රියා ඉතා සුලු දේවල් වීමට පුලුවන..එහෙත් විශාල වගකීම් වලට විශාල වරප්‍රසාද සහිතව සිටින ටෙලිකොම් නිලධාරින් මේවා ගැන නැවත සිතීම වටී...සංදර්ශන වලින්ම ආයතන පවත්වා ගත නොහැක..එය අපි වැනි උගත් කමින් අඩු සේවකයින්ට හිතෙන හැටි වෙයි...

1 comment:

  1. pocket calender එකක් නම් මම ඊයෙ(2011 ජනවාරි 17) Bill එක ගෙවන්න ගිය වෙලාවෙ හම්බවුනා.හොරණ teleshop එකෙන්.

    ReplyDelete