Sunday, September 26, 2010

නික්මීම


නෙත් දෑලේ සිත සතපවා
වින්ඳ ආදරේ සුන්දරයි නම්,
වරා මලක් සේ සෑහෑල්ලු මසිතට
ලතෑවිල්ල පමණක් උරුම කලේ කිම??
හද ගෑඹුරින් උපන් සෙනෙහස
පිවිතුරුයි පුජනීයයිනම්
මට මාවත් අහිමි කලේ කිම??
කෑලි කෑලි විසිරුණ සිත
එකම සිතක් නොවුනොත් යලි
මම විශ්වයෙන් නික්මෙනවා හෙට
ඉඳින්...
අමනාපයක් නෑහෑ සිතේ
ඔබ නිදුකින් උන්නාවේ
දයාබර ඔබටමයි...

7 comments:

  1. විශ්වයෙන් චුත වුනත් නුඹ
    බැරි වේවි නික්මෙන්නට
    නිමක් තෙරක් නැති
    සසර සයුරින් හෙට.

    ReplyDelete
  2. නෙත් මානයේ නුඹ තියා
    පවසන්න ආදරය ලොවට ඇසෙන්නට
    පපුකුහරයේ විදින දුක
    නුඹ දනී නන් කෙලෙස විදවයිද ඔය ලෙස

    මං හිතන්නෙ පලවෙනි කොමන්ට් එක මගේ...ඔන්න අද ඔක්කොම බැලුවා..ලස්සනයි නංගෝ.....

    ReplyDelete
  3. hmmmmm
    ඔන්න අද වෙලාව අරන් ඔක්කොම කඳුලු බින්දු ටික කියෙව්වා... :)

    ReplyDelete
  4. @ රතගමයා , : ස්තුති
    lemonade/ලේමනේරිස් :ස්තුති
    Ansh Lucky Sri Jay:ස්තුති
    Pasan ;ස්තුති අය්යා
    කාංචන දිනූක :හ්ම්ම්ම්ම් ස්තුති

    ReplyDelete
  5. hitha hadaganna nango.me lokaya harima narakai,oya adare kalata oyata adre naaaa.eyatath kawadahari therei.nidukin inna.sathutin inna.

    ReplyDelete