ප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු ඉස්ලාමය වැලද ගනී

මෙම තරුණ ක්‍රීඩකයා අවුරුදු කීපයකට පෙර මද්‍යසාර භාවිතය නිසා  තමාගේ දේශීය ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබිය .නමුත් දැන් ඔහු මද්‍යසාර දිහා බලන්නෙවත් නැත .

මෙයට  හේතුව ඉස්ලාම්

මෙම ක්‍රීඩකයා වෙන කිසිවකුත් නොව දකුණු අප්‍රිකාවේ නැගී එන ක්‍රීඩක පාර්නෙල් (Wayne Parnell) ය.
වයස 22 ක් වන පාර්නෙල් ඉස්ලාමය වැලද ගත්  බව 28 .07 .2011 ප්‍රසිද්ද කළේය .
පහුගිය ජනවාරි මාසයේ සිට ඉස්ලාමය වැලද ගත් බවත් එය රහසිගතව අදවන තුරු තැබූ බවත්ය .

ඉස්ලාමය ගැන අධ්‍යනය කර මෙම තීරණය ගත් බවත් තමාගේ නම "වලිද් "ලෙස වෙනස් කිරීමට කැමැත්තක් දක්වන බවත් පැවසිය .වලිද් යනු "අලුතින් ඉපදුනු" ලෙස අර්ථ දැක්වේ .

පර්නෙල්  ගේ ක්‍රියාව සකල ලෝක වැසි මුස්ලිම්ලට උද්යෝගයක් මෙන්ම තම සහෝදර ක්‍රීඩකයන් වන හෂීම් අම්ලා හෝ ඉම්රාන් තාහිර් යනාදින්ගෙන් කිසිදු බලපෙමක් සිදු නොවූ බව කළමනාකරු පැවසිය .

මෙය අනුමත කල අනෙකුත් සහෝදර ක්‍රීඩකයන් පාර්නෙල් ගේ වෙනස් වීමට අම්ලා ගේ බල පෑමක් නොවුවත් අම්ලාගේ ආගමික හැදියාවට ආකර්ෂණය වී ඇති බව පැවසිය .

ගමන බිමන් වලදීත් පවා ආගමික මෙහෙයක්  වන සලාතයන් අත   පසු නොකිරීම ,මද්‍යසාර භාවිතයෙන් සිදුවෙන උත්සව වලට සහභාගී නොවීම ,තම කණ්ඩායමේ අනුග්‍රාහකයන්ගෙන් කෙනෙක් වන Castle Lager (බියර් සමාගමක් ) ලබාදී ඇති ඔවුන්ගේ ලාංචනය සහිත ටී ෂර්ට් එක ප්‍රතික්ෂේප කිරීම වැනි දේ මගින්  ආකර්ෂණයට පත්  වී ඇති බව අනෙකුත් ක්‍රීඩකයින් පවසයි .


තමාගේ පළමු රාමසානය  ඉටු  කරන මෙම අවස්ථාවේ ඔහුගේ ක්‍රියාව අල්ලාහ් තහලා පහසු කෙරෙත් වා ආමින්

".....අල්ලාහ් තමන් කැමති අයවම තම මාර්ගයෙහි තෝරා ගන්නේහය ,ඔහු දෙස බැල්ම හෙලන අයටම  තමන් වෙත පැමිණෙන මාර්ගය ඔහු දන්වන්නේය (අල් කුර්ආන් 42 :13 )"
අල්ලාහ් සියල්ල දනී


References:
1.Parnell announces conversion to Islam - 28th July 2011. Espncricinfo. link
2. Proteas paceman Wayne Parnell converts to Islam - 28th July 2011. Times of India. link



1 ප්‍රතිචාර:

Missaka said...

හරිම හොඳයි. කොච්චර ගුණ යහපත් මානව හිතකාමී මිනිසෙක්ද?. ඔබතුමන්ලගේ අගම ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය වගේ රටවල් වලත් ලංකාවේ කුඩු පාතාලයෙත් ව්‍යාප්ත කරන්න බැරිද?. එතකොට ඒ මිනිස්සුත් ඔය වගේ ගුණ යහපත් කා වුනත් ගුණ දරැවෝ වෙයි.