Saturday, June 18, 2011

නම් වෙනස් කිරීමයි.......

'මොහොමඩ්ගේ පලා මල්ලේ' නම 'ආසනික්' යනුවෙන් වෙනස් කිරීමට තීරණය කොට ඇත.
එයට හේතුව වන්නේ මෙරට නව විංසතියක ඇරඹුම සිදුවූ ආසනික් සිදුවීම සදානුස්මරණීය වනු පිණිසය.


වත්මන් සිංහල ජාතියේ පියා වන නලින් ද සිල්වා ඇඳුරුතුමා විසින් අරඹන ලද ජාතික චින්තන මතවාදය විසින් මේ රට මෙහෙයවූ යුගය, එතුමා එක රැයින් දේශද්‍රෝහියෙක් වීමත් සමඟ පසුගියදා නිමා වන ලදී.මේ වන විටත් අවතැන්ව සිටින එතුමාගේ ගෝලබාලයින් චැනල් ෆෝ හි එල්ලී දිවි යන්තමින් දිවි රැකගනිමින් සිටියත් ඒ කෙතරම් කාලයකටදැයි කිව නොහැක.


එබැවින් රාජිත සේනාරත්න විසින් සොයාදීමට නියමිත නව ජාතියේ පියෙකු සමඟ ශ්‍රී ලංකා මාතාව නව දීගෙක යාමට නියමිත මේ මොහොතේ, යුගයේ කාර්භාරය නිමකොට ජාතික මෙහෙවරෙන් සමුගන්නා නලින් ද සිල්වා පියාණන්ට උපහාර පිණිස මේ බ්ලොගය මින් මතු 'ආසනික්' යනුවෙන් හැඳින්වෙන බව සියළු ශ්‍රී ලාංකිකයන්ටත්, මෙම බ්ලොගය මෙතෙක් කල් පවත්වාගෙන ආ අගනා නම සපයා දුන් පෙරමුණේ රාල විද්වත් මණ්ඩලයටත් මෙයින් දන්වා සිටිමු.

8 comments:

  1. උඹටත් ආසනික් කැවිලද ඇත්තට මහ එවුන්ට වගේ..

    ReplyDelete
  2. නලින් සෑර් ඇරුනාම වෙන සෑර්ලත් ආසනික් කෑවද බොස්?

    ReplyDelete
  3. ජාතික ආසනික් චින්තනය

    ReplyDelete
  4. ලසන්ත පතිරණJune 18, 2011 at 10:55 AM

    ඒක හොඳයි. නලින් ගුරුතුමා මතක් වෙන්නත් එක්ක. මගෙත් ආසනික් කතා ටිකක් තියෙනවා. එවන්නං. ජය!

    ReplyDelete
  5. Hikz...ඊට නරකද ප්‍රොෆෙසරගේ පලාමල්ල කිය්ල දැම්මා නම්

    ReplyDelete
  6. හොදයි.හැතැප්ම ගණන් දිග නම් වලට වඩා ආසනික් වගේ කෙටි නමක් හොදයි තමයි.

    ආසනික් ට මගේ සුභපැතුම්!

    ReplyDelete
  7. අමාත්යංසෙට යන්ඩෝ....!

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.