"අනිච්ඡ " ගැන නොදන්නා මුග්ධ තිස්ස මෛත්‍රී බුද්ද™ සාසනයේ විමලකීර්ති ලෙස යළි උපදී

කාලය™  නැතැයි සහ සියල්ලම ශූන්‍යයයි™  කියා පිළිගෙන ක්ෂණික රහත්වීම ලබාගත් මගේ ගාල්ලේ මෛත්‍රී බුද්ද සාසනයේ මල්ලිලාට සහ නංගිලාට සුබ ආරංචියක් තියෙනවා. අර නවසීලන්තයේ සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි නොවූ අධ්‍යාපනයක් ලබලා ආචාර්ය උපාධියක් පවා ලබාගත්, ඒ වගේම "අනිච්ඡ" ගැන නොදැන (ධර්මය අධර්මය කිරීමේ මාගේ මෛත්‍රී ව්‍යාපෘතිය යටතේ එතුමා "අනිච්ඡ" ගැන නොදැන සිටීම විශේෂ සුදුසුකමකි) සන්ඩේ ටයිම්ස් වගේ පත්තර වලට බුද්ධධර්මය ගැන ලියන නමුත් අනික් අතට ක්‍රිස්තියානි ආගම ගැන නොලියන, ඇල්බට් අයින්ස්ටයින්ටත් එහාට ගිහිල්ල කාලය™ ගැන න්‍යායන් හදාපු, මගේ සාසනයේ බුද්ද™ වුන බුද්ද™තිස්ස මහත්තයා ගැන තමයි ඒ විශේෂ ආරංචිය තිබෙන්නේ.




ඒ විශේෂ ආරංචිය තමයි එතුමා මෛත්‍රිය බුද්ද™ සාසනයේ පහලවූ විමලකීර්ති බවයි. මෙච්චර කාලයක් බොලව්, එතුමා මේක මේ මගෙනුත් හංගගෙනනෙ ඉඳල තිබෙන්නේ. මටනම් කිව්වෙ එතුමා කලින් රහත් වෙලා ඊට පස්සෙ බුද්ද™ වුනා කියල. බුද්ද™තිස්ස කියලනෙ එතුමා එයාටම කියාගත්තෙ. දැන් බැලුවාම එයා මෛත්‍රී බුද්ද™ සාසනයේ පහළවූ විමලකීර්තිත් වෙනවා.


ෆේස්බුක් එකේ තියෙන මේ ත්‍රෙඩ් එකට ගිහිල්ල මේක ඔයාලගෙ ඇස්දෙකෙන්ම බලන්නකෝ. සමහර විට ප්‍රසිද්ධියට අකමැති™ මුග්ධතිස්ස මහත්තයා ඒක ඩිලීට් කරන්නත් ඉඩ තියෙනවා.




විමල කීර්ති සූත්‍රය තියෙන්නෙ මහායාන ආගමේ කියල ඔයාල දන්නවනෙ මල්ලිලා? ඉතින් මේ සුපිරිසිදු නිර්මල ථේරවාද බුදු දහම තියෙන ශ්‍රී ලංකාද්වීපයේ මහායානයක් ගැන කියන්නෙ මොකද කියල මගෙන් අහන අයට කියන්න තියෙන්නෙ අපි කරන්නෙ "ධර්මය අධර්මය කරන එක" කියලයි. ඉතින් ඒකට ක්‍රිස්තියානි ආගම්ට අමතරව මහායානයත් දාල මේව පටලවන්න ඕනැ. මුග්ධතිස්ස (එතුමා බුද්ද™ තිස්ස කියල ලියාගත්තත් මට ලියවෙන්නේ මුග්ධතිස්ස ලෙසයි) මහත්තයා කියන විධියට, විමල කීර්තිගේ වචන වලට රහතන් වහන්සේලාගේ පවා කට උත්තර නැති වෙලා තිබෙනවා... හහ් හහ් හා...


තව එක දෙයක් තිබෙනවා. මේ තිස්ස මහත්තයා විමලකීර්ති වෙන්නෙ කොහොමද, විමලකීර්ති ස්තවිරයන් සිටියේ මීට වසර දාස් ගානකට කලින් නේද කියල ඔයාල මගෙන් අහාවි. ඉතින් ඕකත් පුදුම වෙන්න දෙයක්ද මල්ලිලා, අනාගතයේ පහල වෙන මෛත්‍රී බුදුහාමුදුරුවො ගාල්ලේ වැඩ ඉන්න්වා කියන එක ඇත්තනම්, ඕක වෙන්න බැරි දෙයක් නෙමෙයි නේද? :op

දන් මල්ලිලාට නංගිලාට තේරෙනවනෙ  ධර්මය අධර්මය කරන මේ මෛත්‍රී අංකල්ගෙ, ගාල්ලේ මෛත්‍රී ප්‍රොජෙක්ට් එකේ මුග්ධතිස්ස මහත්තයා වපුරන්නෙ ක්‍රිස්තියානියට අමතරව මහායානයයි කියලා.
  • මහායානෙ කියන්නෙ ථේරවාදයට වඩා වෙනස් එකක්ද,
  • ථේරවාදයද මහායානයද වඩා නිවැරදි,
  • මහායානය කියෙන්නෙත් බුදු දහමමනම් ශ්‍රී ලංකාවෙ අපි ථේරවාදය පිළිගෙන මහායානය ප්‍රතික්ශේප කරන්නේ ඇයි
වගේ ප්‍රශ්න මේ ගැන වැඩිය නොදන්න අයට තිබෙන්නට පුළුවන්. මගේ මීළඟ ලිපියෙන් ඒ ගැන බලාපොරොත්තු වෙන්නකෝ.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්