ශ්‍රී ලංකාවෙන් පහළවූ මෛත්‍රී බුද්ධ යැයි කියාගන්නා සිරිවර්ධන අංකල්ගේ දේශනා අඩංගු බ්ලොග් එක

අද ඔයාලට මේ අංකල් කියන්න යන්නෙ මේ සිරිවර්ධන අංකල්ගෙයි අංකල්ගෙ අග්‍රස්‍රාවක මුග්ධතිස්ස මහත්තයාගෙයි දේශනා අඩංගු බ්ලොග් එක ගැන. මේ ගැන මුලින්ම ලියන ලිපිය නිසා ඒකෙ මාතෘකාව සහ පසුබිම් පින්තූරය ගැන විතරක් අද මම ඔයාලට කියන්නම්.


පහල තියෙන පින්තූර වලින් උඩින්ම තියෙන්නෙ සත්‍යගවේශී බ්ලොග් සයිට් එකේ ස්ක්‍රීන් ශොට් එකක්. ඊට පහල තියෙන පින්තූරයේ තියෙන්නේ ඒ බ්ලොග් එකේ පසුබිම් පින්තූරය. මේව උඩින් කොටල අවශ්‍යනම් හොඳට ලොකු කරල බලන්න.






satyagaveshi.blogspot.com නම් වෙබ් ලිපිනයක් තියෙන, සිරිවර්ධන අංකල්ගෙයි, ධර්මය අධර්මය කරන මුග්ධතිස්ස මහත්තයාගෙයි පුද්ගලික ලිපි ඇතුලත් මේ සයිට් එකේ මාතෘකාව ලෙස දාල තියෙන්න "Maitreya Buddha" ("මෛත්‍රිය බුද්ධ") යන්නයි. මෙච්චර නම් තියෙද්දි "මෛත්‍රී බුද්ධ" කියන නමම ඒකට දැම්මෙ නිකම්ම නෙමෙයි හොඳේ... ඒ කියන්නෙ මේ සිරිවර්ධන අංකලුයි අංකල්ගෙ ගෝලයො රොත්තත් එක්ක මෛත්‍රිය බුදුරජාණන්වහන්සේ සමග සම්බන්ධයක් පෙන්නන්න හදනවා කියන එක නේද? අංකල් ගෙ අදහසකට අනුව මෛත්‍රිය බුද්ධ යැයි කියමින් නෙලන ලද පිළිමයකුත් පසුබිම් පින්තූරයේ තිබීමෙන් ඒක වඩාත් පැහැදිලි වෙනවා.


ඇත්තටම සම්බන්ධයක් නෙමෙයි, මේ සිරිවර්ධන අංකල්ම තමයි ගාල්ලෙන් බිහිවූ මෛත්‍රී බුද්ධ කියල ෆේස්බුක් පේජ් එකකුත් තිබුන කියල ඔයාලට මතක ඇතිනෙ. අනික සිරිවර්ධන අංකල්ට එයාගෙ ශ්‍රාවකයො වඳින පුදන හැටි සහ ඇත්තටම™ 150% ක් චීරවධාරීන් නොවන හාමුදුරුවරු පවා කුඩය අල්ලමින් දාස කම් කරන හැටි දක්කාම ඒ ගැන ආයිත් දෙපාරක් හිතන්න ඕනැ නෑ.


සිරිවර්ධන අංකල්ගෙ satyagaveshi.blogspot.com බ්ලොග් එකේ "discription" එක බලන්කකෝ. ඒ තමයි
_/\_............෴Maitreya Buddha෴............_/\_ කිං සච්චං ගවේශි [TNL, ITN, Australian Sermons & Audio Sermons]
මොකද හිතෙන්නෙ, මෛත්‍රීය බුදුහාමුදුරුවො ම ඇවිල්ල "TNL, ITN, Australian Sermons & Audio Sermons" කියනව වගේ නේද?


අනික ඒ බ්ලොග් එකේ පසුබිම් පින්තූරයේ අංකල්ගෙ නිර්මාණයක්ම වන මෛත්‍රීය බුද්ධ ප්‍රතිමාවට පසුපසින් අහසේ, මේ සිරිවර්ධන අංකල්ගෙ පින්තූරයක් පොඩි Photoshop Art එකක් කරල දාල තියෙනවා. මොකද ඒ ගැන ඔයාලට හිතෙන්නෙ?

මේ පහල පින්තූරයේ තියෙන්නෙ ඇත්තටම™ 150% ක් චීරවධාරීන් නොවන හාමුදුරුවරු පවා සිරිවර්ධන අංකල් ගෙන් බණ අහල අංකල්ට වඳින හැටි. ඔන්න, "සිරිවර්ධන අංකල් වාඩි වෙලා බණ කියනකොට බොරු චීවරධාරීන් නොවිය™ හැකි හාමුදුරුවරු නැගිටලා සාදු කියමින් අංකල්ට වඳින්නෙ මොකද?" වගේ මෝඩ ප්‍රශ්න එහෙම අහන්න එපා හොඳේ. මොකද කියනවනම් සංඝයා වහන්සේ තව කෙනෙකුට වඳිනවානම් ඒ එක්කෝ තවත් සීලයෙන් වැඩිමහල් භික්ශූන් වහන්සේ කෙනෙකුට. එහෙමත් නැත්නම් .... ඔයාලම හිතාගන්නකෝ... :op



මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්