අංගුලිමාලට නිවනට යන පාර කියාදුන්නේ දිසාපාමොක් මිසක් ගෞතම බුදුන් නොවේ - අංකල් සිරිවර්ධන කියයි

අප සියලුදෙනා කුඩාකල සිටම ඉතාහොඳින් දන්නවනෙ අංගුලිමාල රහතන් වහන්සේ නමක් බවට පත්වූයේ බුදු රජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා කියල.අහිංසක නමැති දක්‍ෂ සිසුවා අපරාධ කරුවකු බවට පත්කලේ ඔහුගේ ගුරුවරයා වූ දිසාපාමොක් ඇදුරායි.  බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරුසධම්ම සාරථී ගුණය හඳුනාගැනීමට අංගුලිමාල දමනය එක් උදාහරණයක් පමණයි.

ඒත් ගාල්ලේ වඳුරඹ වෙසෙන තමා මෛත්‍රී බුද්ධ යයි කියාගන්නා අඳ බාල පෘතග්ජන සිරිවර්ධන අංකල් ඒ කතාව සම්පූර්ණයෙන්ම අනික්පැත්ත හරවලා. ඒ කියන්නේ දිසාපාමොක් ඇදුරා තමයි අහිංසකට නිවන් මඟ කියාදීලා තියෙන්නේ. තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නෙවෙයි. ඒ කාලෙ නිවන අවබෝධ කරගන්නා ආකාරය කියල දීල තියෙන්නේ සැවැත් නුවර ජේතවනාරාමය හෝ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඇතුලු අරහත් ශ්‍රාවකයින් වහන්සේලා වැඩ සිටි ආරාමයන්හි නොවෙයි. දිසාපාමොක් ආචාර්යගේ ඉස්කෝලෙ තමයි නිවනට යන මග කියාදීලා තියෙන්නේ. කොහොමද අංකල්ගේ ධර්මය අධර්මය කිරිමේ ව්‍යාපෘතිය?

අංගුලිමාල රහතන් වහන්සේ පිලිබඳව ත්‍රිපිඨකයේ අංගුලිමාල සූත්‍රයේ ඉතාම පැහැදිලිව දේශනා කරල තියෙද්දිත් මොකක්ද මේ කල්ලිය කියන්න හදන්නේ?  

තමා මෛත්‍රී බුද්ධ යයි කියාගන්නා අංකල් සිරිවර්ධනගේ අග්‍ර ශ්‍රාවක ලෙස පෙනී සිරින(මෑතක සිට තමා බුද්ධ තිස්ස ලෙස හඳුන්වාගන්නා). (දොට්ට) මුග්ධ තිස්ස නමැත්තාද නිතර පවසන්නේ බුදුන් වහන්සේ දේශනා කරන දේ පිලිබඳ සැක ඇතිකරගත යුතු බවය. එසේ සැක ඇතිකරගැනීමෙන් ධර්මය අවබෝධ කලහැකි බවය. කොටින්ම කිවහොත් අංගුලිමාල පවා සුවපත්වූයේ බුදුන් වහන්සේ ගැන සැක ඇතිවූ බැවින්ලු! කොහොමද ධර්මය අධර්මය කිරීමේ ව්‍යාපෘතිය නැගල යනව නේද? පහත දක්වා ඇති තිස්සගේ කොමෙන්ටුව බලන්න.



මුග්ධ තිස්සගේ සම්පූර්ණ ලිපිය කියවීමට(මෙතනින් පිවිසෙන්න)


මේවා නොමිලේ කරන වැඩ නොවෙයි. සිරිවර්ධන අංකල්ට මේවට හොඳ ප්‍රතිලාභ ලැබෙනව වඳුරඹ තට්ටු ගානක ගොඩනැගිල්ල හදන්න ක්‍රිස්තියානි බළල් අත් යහමින් උපකාර කරනව. ඒ වගේම තමයි මේවා අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීමට මූලිකවෙලා කටයුතු කරන වල් මහත්තයා නොහොත් දුමිඳු සිල්වා. ඔහුටත් ඉතාම හොඳ ප්‍රතිලාභ ලැබිල තියනව මේ වැඩ වලට. ඒ වගේමයි මුග්ධ තිස්ස. හැබැයි මේ ලඟදී මුග්ධ තිස්සගේ නෝනා අකාලයේ වාසනාවන්ත ලෙස ස්වර්ගස්ථ උනා. ලේ පිළිකාවක් හැදිල කියල තමයි කියන්නේ. ඕකට ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ. මේ කරන ධර්මය අධර්මය කිරීමේ මහා අකුසල් මේ ජීවිතයේදීම ඵල දෙනවා. අංකල්ටත් අනිත් ඒජන්ට්ලටත් ලඟදීම අපායෙන් ටිකට් එවයි.

ත්‍රිපිඨකයේ අඩංගු අංගුලිමාල සූත්‍රය කියවා සත්‍ය වටහාගන්න. ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට නිගා දෙන මෙවන් පාදඩයින්ට හසුනොවන්න. ඔවුන්ට හසුවූ අයගැන දන්නේ නම් ඔවුන් මේ මුග්ධ රැලෙන් ගලවා ගන්න.
අංගුලිමාල සූත්‍රය


-මරසෙන් පරදමු

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්