සුවර්ණාගේ ආයාචනය - මෛත්‍රිය බුද්ධ යැයි කියාගන්න අංකල්ගේ අතීතාවර්ජන

ඉස්සර කාලේ මගේ කොම්පැනියේ තවත් හවුල් කාරයෙක් හිටියා. එයා තමයි සුවර්ණා (ස්වර්ණා කියලත් කියනවා) දැන් අපි දෙන්නා ටිකක් විරසකයි. මට ආරංචි විදියට එයා ගල්කිස්ස පැත්තේ වෙනම කොම්පැනියක් පටන් අරගෙන, එහෙන් එයා දර්මය අදර්මය කරනවා. මම මෙහෙන් මගෙ වැඩේ. ලඟදී මෙයා පොඩි සුදු කොඩියක් මට එවනවා, නීලා වික්‍රමසිංහ නෝනගෙ සිංදුවකට අපේ අතීතය ගලපළා (කාලයක් නෑ කිව්ව නිසා මට අතීතය කියන්නත් මොකක්ද වගේ !) සින්දුව තමයි "පනම් අතින් මට වැඩිකර දුන්නු...",
අමතක නම් මෙන්න සින්දුව,

පනම් අතින් මට වැඩි කර දුන්න
හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ
හනේ ! සර් අනුකම්පා නොසිතේදෝ

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟෙ මේ
නිම වෙන්නට කල් ගත වේ දෝ
හනේ ! සර් අපි මිතුරන් වේදෝ
එදා දවස උදා වේවි දෝ

මට මතක් වෙනවා සුද්දා තැලු පෙලූ හැටි
අපි කතා කළේ පණ ගැහි ගැහි දණෙන් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
හනේ සර් ! කරුණාවෙන් සළකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟෙ මේ
නිම වෙන්නට කල් ගත වේ දෝ
හනේ ! සර් අපි මිතුරන් වේදෝ
එදා දවස උදා වේවි දෝ
...
පනම් අතින් මට වැඩි කර දුන්න
හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ
හනේ ! සර් අනුකම්පා නොසිතේදෝ

දැන් මේකෙන් කියන්නේ අපි දෙන්නම ඉස්සර මගේ කොම්පැනියේ හවුල්කාරයෝ. එතකොට අදායම් එහෙම බෙදා ගත්තෙ අපි හවුලෙනේ ! සුවර්ණාත් එයාගෙ කොටහ යහමින් පරිබෝග කළා. පනම් අතින් කියන්නේ ඒක වෙන්නැති මයෙ හිතේ ! (මේක කාටවත් කියන්න එහෙම එපා නංගිලා) මම නම් ලොකු බිල්ඩිමක් කාරිය ගහ ගත්තා. නමුත් සුවර්ණා විරසක උනාට පස්සෙන් පහු එයා එයාගෙ ගෙදරම දර්මය අදර්මය කරන්න පටන් ගත්තා.

දෙයක් කියලා ඉස්සර උනේ මගෙන් ලැබිච්චි ප්‍රසිද්ධිය විතරයි. දැන් ආරංචියෙ හැටියට ලොකු බිස්නස් කාරයො ටිකක් අල්ලාගෙන, නමුත් මයෙත් එක්ක ඉන්නකොට වයේ කල්ල මරේ නැතුවැති, ඒකනෙ මේ අඳෝනාව. හැබැයි ඔය දරුවට බත් මිට කවන කතාව නම් බොරු. ඈගෙ ළමයින් නම් ඒ කාලෙ ඈ ලඟ නෑ. බලන්නකො මට තාමත් ඉස්සර වයේ මාස්ටර් කියලා කතා කරලා තියෙනවා.හැබැයි මාව දාලා ගිය දවසේ ඉඳලා මයෙන් නම් ඈට කිසිම අනුකම්පාවක් නෑ !

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟෙ මේ
නිම වෙන්නට කල් ගත වේ දෝ
හනේ ! සර් අපි මිතුරන් වේදෝ
එදා දවස උදා වේවි දෝ

මේ කියන්නේ දෙන්නා දෙපොළෙ දර්මය කියන්න ගත්තු නිසා කල්ලි ගැහිල්ල වෙන්නැති. මයෙ මොකෝ ? මට කල්ල මරේ නම් මම කඹේ තවත් හයියෙන් අඳිනවා. මෙන්න ඒ සැරේ මෑ මට අනේ සර් කියලත් කියනවා. අපි සැලෙයි ඔව්වට !

මට මතක් වෙනවා සුද්දා තැලු පෙලූ හැටි
අපි කතා කළේ පණ ගැහි ගැහි දණෙන් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
හනේ සර් ! කරුණාවෙන් සළකන්න

සුද්දා කියන්නේ අපිට ඒ දවස් වල ආධාර කරපු සුදු මහත්තයා, අපිට හරිම හොඳට සැලකුවා ඒත් හොස්ස ලඟින් මැස්සෙකුට වත් යන්න බෑ, ඒ තරම් කොහිල පොරක්. මේ සාතන්™ කල්ලිය වයේ ඒ කාලෙ හිටපු අමනයො මට දර්මය™ කියන්න නොදී මාව කුජීත කළා. සුදු මහත්තයට ඕනැ උනේ මේක දේව රාජ්ජියක් කරන්න, ඒත් මේ අමන කල්ලි™ නිසා මම ලත් තැනම ලොප්. ආධාර දෙන වෙලාවක අපිට හොඳටෝම දෙහි කැපුවා results නෑ කියලා ! පරණ රැකෝඩ් මතක් කරලා තියෙන්නේ. ආයෙත් මෑ කියනවා කරුණාවෙන් සළකන්න කියලා. මඟෙන් ලැබෙයි කරුණාවක් !

කෝකටත් මේ දේව රාජ්ජිය ගැන ඕනැවට වැඩිය විස්තර ඕනැන්නේ නෑ. අර මරසෙන් පරදමු ට හෙම අහු උනොත් මාව හිටුවා පස් ගහාවි.

සුවර්ණෝ ඔහෙ ඔහෙට වෙලාම ඉන්න. මගේ ගමන මම යනවා මගේ පාඩුවේ !

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්