ලංකාවෙන් බිහිවූ මෛත්‍රීය බුද්ධ යැයි කියාගන්නා අංකල් කාලය™ පරාජය කර අතීතයට යාම

අද මම කියන්න යන්නේ මේ සිරිවර්ධන අංකල්ගේ 120% මිත්‍යාදෘශ්ඨික නොවූ දර්ම™ දේශනා දමා ඇති "මෛත්‍රීය බුද්ධශාසන" ලෙසට නම් කර ඇති වෙබ් අඩවිය ගැනයි. http://maitreyabuddhasasana.com/ නම් වෙබ් ලිපිනයක් ඇති, කිසිසේත්ම චීවරයක් දරා නැතත් සංඝයා වහන්සේ ලෙස පෙනෙන චීවරධාරීන්ව දාස කමට තබාගෙන සිටින අංකල් සිරිවර්ධනගේ දහම් ඔවදන් පමණක් ඇතිමෙකී අඩවියේ, පින්තූරයක් පහලින් ඔබට දැක ගැනීමට පුළුවන්. පොඩ්ඩක් ඒකෙ රතු පාටින් කොටු කරලා තිබෙන දේ කියවලා බලන්නකෝ.


මෙන්න රතු පාටින් වට කරල තියෙක කොටසෙ තේරුම. අංකල්ගේ ඉන්ගිරීසි දැණුම අඩු (ඇත්තටම කියනවනම් අංකල් දන්න ඉන්ගිරිසියක් නෑ) නිසා මෙම පරිවර්තනයේ පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන් බවද සලකන්න.

[[කාලයේ වැලි තලාවෙන් බේරී සත්‍ය වූ බුද්ධ වචනයට ලඟා වීමට හැකි මහේශාක්‍ය වූ පුද්ගලයෙක් ඉතාමත් කළාතුරකින් උපදියි. අනගාරික ධර්මදේශකයානන් වන අපගේ මහේශාක්‍ය වූ ස්වාමිදරුවන් එයින් එක් අයෙකි. "කාලය" ජයගෙන සහ "සර්වඥ දෘශ්ඨිය" ට සැපත් වී ඇති එතුමාට නොකිළිටි නිර්මලත්වයෙන් යුත් -"තථාගත දර්ශනය" වන බුද්ධ වචනයට සම්ප්‍රාප්ත වීමට හැකිය.]]

දැන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා කාලයක් ගොස් ඇති නිසා සත්‍ය වූ බුද්ධ ධර්මය සොයා යන අයෙක් කල යුත්තේ ත්‍රිපිටකයේ උගන්වන බුදු වදන සත්‍ය වූ ධර්මය ලෙස සැලකීමනේ. ඉතින් මේ කියන විධියට කාලයේ වැලිතලාවෙන් වැසී ඇති සත්‍ය වූ සත්‍ය වූ බුද්ධ වචනයට අංකල් විතරක් විශේෂ ලෙස යන්නේ කෙසේද කියල ඔයාල හිතුවාද? ඒකට ඉතින් එක්කෝ අතීතය ස්මරණය කිරීමට හැකි සෘද්ධි බලයක් ලබා ගන්න ඕනෑ, එහෙම නැත්නම් අතීත කාලයට යන්න ඕනෑ. මේ අංකල්ගේ කිසිසේත්ම ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් නොවන මෛත්‍රී බුද්ධ කියාගන්නා සාසනයේදී අංකල්ගෙන් වෙනුවට ඉරෙන් රැස් විහිදීම හැරුණු විට යමාමහ පෙළහර කෙසේ වෙතත් සෘද්ධි ප්‍රාතිහාර්යයන් කිසිවක් නැති නිසා පලමු ක්‍රමය බැහැර කරන්න වෙනවා නේද? ඉතින් ටැමිල්නෙට්.කොම් වල කොමඩි සයිට් එක වන ටැමිල්නෙට්.ටීවී එක කරන කෙනා කිව්වා, අංකල් ඒ සඳහා "කාල ගමන යන්තරයක්" යොදා ගන්නවා ඇති කියලා.

ඒත් අංගම් සටන් කලාවන් දන්න සිංහලයෙක් කිව්වා අංකලුත් (වඳුරඹ පරපුර කියල කියමුකො) කුණ්ඩලීනී යෝගයේ අනිමා ශක්තිය ලබාගෙන තිබීමට පුළුවන්ය. ඒ නිසා සිරිවර්ධන අංකලුත් කාලාත්‍රතේ තීර්ථ යාතිකයයා (අකාලසන්ධා මතකයි නේද) ලෙසට අතීතයට ගිහිල්ලා බුදුරදුන් මුණ ගැහෙන්න ඇති කියල. තමන් මෛත්‍රී බුද්ධ ලෙස හඳුන්වාදීම, ථේරවාදය විකෘති කරමින් මහායානය වැපිරීම, ගිහිගෙයි සිටිමින් සංඝයා වහන්සේගෙන් වැඳුම් පිදුම් ලැබීම සහ ආවතේව ලැබීම යනාදී සිනෙකින්වත් මේ ආත්මයේදීම ප්‍රතිවිපාක නොදෙන සහ තිස්ස සේනානායකගේ බිරින්දෑ වන මහිමා ට වූවාක් මෙන් ලේ පිළිකාවක් සෑදී මියයාමට... නෑ නෑ ස්වර්ගස්ථවීමට හේතු නොවෙන කාරණා කාරණා එයට හේතු වාසනා වෙන්න ඇති. අනේ මේව කියල අංකල්ව වර්ණනා කරනකොට මේ අංකල්ට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.  සිරිවර්ධන අංකල් අතීතයට කුණ්ඩලීනී යෝගයෙන් ගිය හැටි පෙන්නන්නත් එක්ක unclemaithreya සයිට් එකට දාන්න කියල එයා මේ පින්තූරයක් පොඩි ෆොටෝශොප් පාරක් දාලා මේ අංකල්ට එව්වා


ඉතින් අංකල්ගෙ මෛත්‍රීබුද්ධසාසන වෙබ් සයිට් එකේ තිබුන ඒ ලිපියේ අනික් ඒවත් කියෙව්වාම ඔයාලට තේරෙනවනේ මේ "මහේශාක්‍ය වූ ස්වාමිදරුවා" කියල ඒකෙ දාල තියෙන්නේ අන් කිසිවෙක් නොව මේ සිරිවර්ධන අංකල්ය කියලා. මෙම විස්තරය සිංහලෙන් දමන්නේ නැතිව ඉංග්‍රීසියෙන් අංකල්ගේ නිල වෙබ් අඩවි කරන දුමිඳු නයනජිත් (..) මහත්තයා දාල තියෙන්නේ මේක "සාතන්™ ලට අහුවුනොත් පට්ට ගහයි කියල බයට එහෙම නෙමෙයි ඕං. දැනටමත් ඊමේල් මගින් විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ මෛත්‍රී බුදුන් ඉපදිලා යන සුහාරංචිය යවා ඇති නිසා මේ දවස් වල අංකල්ගේ අතමිටත් සරුයි. ඒ වගේම කිසිසේත්ම නියම බුද්ධ වචනයෙන් වෙනස් දෙයක් නොවෙයි කියල මේ අංකල් කියන "මහායාන ධර්මය" අංකල් දේශනා කරන නිසා ඉහත සඳහන් විස්තරය අනුව බුදු දහම ඉගෙන ගැනීමට කැමති විදේශියකින් සැක නැතුව දැන් මහායානය ඉගෙනගන්නවා. මොකද කියනවානම් "සර්වඥ දෘශ්ඨිය" ලබන්නෙ කුමන උත්තමයෙක්ද කියන එක ඕනැම කෙනෙක් දන්නවානෙ. එහෙව් කෙනෙක්ගෙ වචනය ආයිත් සැක කරන ඕනැද?

මෙතන කියල තියෙනවා අංකල් "කාලය™" ජයගත්තා කියල. මම හිතනවා මේ අංකල්ගේ දේශනා අනුව යමින් මුග්ධතිස්ස සේනානායක මහතා විසින් ග්‍රන්ඨාරූධ කරන ලද, "නිවන් දැකීම සඳහා කළ යුත්තේ කාලය™ මිත්‍යාවක් ලෙස දැකීමය" කියල ලියපු ලිපිය ඔයාලට මතකයි කියා. ඉතින් මේ කතා දෙක ගලපල බැලුවාම තේරෙනවා මේ කියන්නේ සිරිවර්ධන අංකල් නිවන් දැකලයි කියන එක කියලා. ඉතින් අංකල්ගේ අර "මෛත්‍රීය බුද්ධ" ෆේස්බුක් පේජ් එක "suspend" වුනාට අංකල් වෙබ්සයිට් වලින් ධර්මය අධර්මය කිරීමේ ව්‍යාපාරය දිගටම කරගෙන යනවා.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්