පානදුරාවාදය බුදු දහමට පටහැනියි - අංකල්ගේ අග්‍රශ්‍රාවක බුද්ද™ තිස්ස පවසයි

අද මේ අංකල් කියන්න යන්නෙ මගේ අග්‍රශ්‍රාවක බුද්ද™ තිස්ස සේනානායක මහත්තය කරල තියෙන ප්‍රකාශයක් ගැන. ඔයාල කවුරුත් දන්නවනෙ පංචමහාවාදය ගැන. ඉංග්‍රීසි යටත් විජිත සමයේ ක්‍රිස්තියානි මිෂනාරීන්ගෙන් සිංහල බෞද්ධයන්ට හා බුදු දහමට එල්ලවුනු ක්‍රිස්තියානි ආක්‍රමණ තමයි මේ ආගමික විවාදයට මුලපිරුවෙ. බුදු දහම හා ක්‍රිස්තියානි ආගම අතර බද්දේගම දී  පටන් ගත්තු මේ ආගමික විවාදයේ අවසාන වාදය තමයි මේ 1873  දී පැවැත්වූ ඓතිහාසික, ලෝකප්‍රකට පානදුරාවාදය. බුදු දහම බටහිර රටවල් ඇතුළුව ලොව පුරා ප්‍රචාරය වීමට මූලික වුනු මේ පානදුරාවාදය ගැන මගේ අග්‍රශ්‍රාවක බුද්ද™ තිස්ස සේනානායක මහත්තය කියල තියෙන දේ බලන්නකෝ.


ඉතින් ඔයාලට තේරෙනව ඇතිනෙ, ක්‍රිස්තියානි ආගමත් දේශනා කරන මගේ අග්‍රශාවක බුද්ද තිස්ස සේනානායක මහත්තයයි මගේ ගෝලයො රොත්තයි දන්නව නියම ථේරවාදී බුදු දහම එක්ක ක්‍රිස්තියානි ආගමට හැරෙන්නවත් බැරි විත්තිය. කොච්චර උප්පරවැට්ටි දැම්මත්, සල්ලි වියදම් කරත් මේ ලංකාව ක්‍රිස්තියානි රටක් කරන්න බැරි මේ ථේරවාදී නියම බුදු දහම නිසයි. ඉතින් මගේ මෛත්‍රී ශාසනය හරහා බුද්ද™ තිස්ස මහත්තයයි මගෙ ගෝලයො රොත්තයි කරන්නෙ මහායානයයි ක්‍රිස්තියානි සංකල්පයි "මික්ස්" කරල ථේරවාදී බුදු දහමට රිංගවල කොහොම හරි මේ ධර්මය අධර්මය කරල දාන එක. ඉතින් එහෙම කරල මේ ථේරවාදී බුදු දහම ඉස්සරහ ගොළු වෙලා ඉන්න මගේ ක්‍රිස්තියානි මිත්‍රයන්ට වාද කරල දිනන්න පුලුවන් වෙන විදිහෙ මොඩ් බුද්ධාගමක් නිර්මාණය කරන එක තමයි  අපේ කල්ලිය කරන්නෙ කියල සමහර සාතන්™ල මට මඩ™ ගහනව. ඕව ගණන් ගන්න එපා මල්ලිලා. අපි අපේ ධර්මය අධර්මය කරන කැම්පේන් එක දිගටම කරගෙන යමු.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්