'අනුකරණැයන්හී නොයෙදීමැ පිණිසැයි' - මෛත්‍රී බුද්ධ කියගන්නා අංකල්ගේ ස්වයං ලිඛිතැ චරිතාපදානයැ

සිරි වෘද්ධි හෙවත් සිරිවර්ධන නම් මා මේ ස්වයං ලිඛිතැ චරිතාපදානයැ කැරැනුයේ බොහෝ අනුකරණයන්හි ලා හුදී ජනයා අතිශයින්ම නොමඟැ නොයැවීමැ නොවීමැ කරණැ කොටැ ගෙනැයි. මා බණැනු ලබනැ 'දර්ම' මහත්වූ අශූහි පිඬෙක් හී වසාලැනැ නේකැ මැස්සන් අතුරෙකැ නීල වණ්ර්‍වූ මැස්සන් තෙරුම් බේරුම් කැරැ ගන්නා සේ තොපැ සියල්ලෝ මෙ කරුණෙහි ශක්‍ය වේවා.

පුරිසෝත්තමැ වු බුද්ධවීරයන් වහන්සේ තුසීපුරෙන් මනු ලෝ බස්නුයේ කාලයැ දීපයැ ඈ වූ නේකැ පංචැ මහා බැලුමෙන් බලා වදාරැමෙන්යැ. ඒ ශ්‍රේෂ්ඨ වූ පුරුෂරත්නයැ මනුලෝ වඩනටැ මත්තෙහි ලෝ තුලැ බුද්ධ කෝලාහලයැ නම් වූ සුන්දරැ වූ බුද්ධ ඝෝෂාව පැනැ නැඟැ පැවැතීයැ නමුත් මා මනු ලොවැ ආයේ කොතැන්හී සිටැයි නොදන්මී. පරමැ ශ්‍රේෂ්ඨැ බුදුරදුන්ටැ පමණක්මැ සුවිශේෂැ වූ ඒ ආශ්චර්‍යැ වූ අද්භූතැ වූ ධර්මැ කිසිවෙක් මා තුලැ ගැබ් නොවියැ. ළදැරුවන්'තුරෙහි තවත් එක් ළදැරුවෙක් වීමි. අද්විතීයැ පුරුෂ පුද්ගැලැයින්ටැ පමණක්මැ විෂයැ වූ මහ පුරිස් ලකුණු එකදු හෝ සොලොස් කලාවෙන් එකදු හෝ මා තුලැ විද්‍යමානැ නොවී.

තුරුණු විය ඉක්මී ගියැ'වධියෙහි නොයෙක් වූ කෝළාහලැම පැවැතී. ඒ නම්, ලංකාදීපයෙහි උතුරු දෙසින් වූ ත්‍රස්ත පිරිස නිසා ඇතිවැ පැවැති කෝළාහලැ. හුදී ජනයාගේමැ විමුක්තියැ ඇරභයා එක් පෙරැමුණැක් නේත්‍රැ කරැගත්, ජනතා විමුක්තිකැ පෙරමුණු කෝළාහලැ, තවදැ දුරුත්තෙන් අටවැනි මසෙහි බැවහරැ බසෙන් ජූලි නම් මැස් හි අප සුවාමී දරුවන්ගේ වර්ෂැ එක්වා දහස් නමසියැ අසූ එක් වරුෂැ ඉක්මවූ තැනැදී සිදුවූ කෝළාහලැ ආදී බොහෝ වූ කෲරතැරැ වූ බියෙන් ත්‍රැස්තැ කැරෙන සුල්ලේ වූ කාරණා ඇතිවන්නටැ යෙදුනු.

ගෞතමැ බුදුරජාණන් වහන්සේ සහිතැ වාසනා ගුණෙන් යුතුවැ උතුම් අරිහත්වයැ සාක්ෂාත් කළෝ. ඒ නම් සිද්ධාර්ථ කුමරිඳුන්ගේ ගිහි වෙස්, ගිහි ආකල්පැ ගිහි සිරිත් එකකුදු ගෞතම බුදුරදුන් විෂයෙහි විද්‍යමානැ නොවීමැයි. ඕ තොමෝ ගෞතමැ ගෝත්‍රැ භූතැ හෙයින් ගෞතම බුදුන් යැයි පරසිදු වූ.

නමුදු ගිහි වේවා නොලත් පැවිද්දක් වේවා මෙකරුණැන් මා ද්විධි නොවැම්, ඒකැ ලක්ෂැණැම වෙම්. නොවැක් ගිහියැන් සේ ගිහි වස්ත්‍රැ දරම්, ගිහි ආකල්පැ සිත්හි පුරැවා සිටිම්, ගිහි ගෙදැරෙම් වසම්. මිනිස් පරමායුෂැයැ හවුරුදු අසූ දහසක් යනැ කල්හී ලොවැ පහැළැ වී වදාරන්නා වූ මෛත්‍රිය නම් වූ බුද්ධාංකුරයැ නියතැ විවෙරණැ ලබැනැ සමැයේ දී උන් වහන්සේගේ ගිහි කැල්හී දරා සිටුනාවූ පෙළපත් නාමයැදැ මෙ කැල්හී මා දරා සිටුනාවූ පෙළපත් නාමයැදැ ඒකැ ව්‍යංජනැමැ වී. හේ නම් සිරිවඩ්ඪනයැ.

මෙකරැණින්ම පමැණැක් මා බුදුකෙනෙකුන් වේ නම් මා පෙළැපත් නාමය ඇතියෝද හේතු ප්‍රත්‍යැ සහිතැවැමැ බුදුන්මැ වියැ යුතැයි. ඒ භූරිපඤ්ඤ වූ තථාගතැයින් අසූසාරැ දහසැක්ම ධම්ර්‍ස්ඛන්ධයෝ සියැ නුවැණින්මැ අවබෝධැ කොටැ නොදත් දිව්‍යැ බ්‍රහ්මැ මනුෂ්‍යැ පිරිසට ගෙනැහැරැ පෑ සේක්. මෙරමා හට මා දක්වැන්නේ ගෞතම නම්වූ ඒ බුදුන් වහන්සේගේ දැනැටැ ප්‍රකෘතියෙන්මැ නිරුපද්‍රිතැවැ ඉතිරිවැ ඇති ඒ ශ්‍රී මුඛ දේශනාවන් හි විකෘතිකැ අර්ථැ විවරැණැයි. ඒ බුද්ධ භාෂිතැයැ 'පෙළැ' බසින්මැ මා 'දර්මැ' සඳැහා මාතෘකැ වෙනැ කල්හී මා අනුවැ යන්නෝ කිසිදු විපිළිසරෙක් නොකැරත්. සූත්‍රාන්ත පිටැකැයෙහි දෙකුන් විසි දහසක්මැ සූත්‍රාන්තැයින්ටැ ආදේශකවැ මා බණැනුයේ කැකිල්ලේ නම් රජහුගේ අධිකැරැනැ ශමථ, සිරිමුඛ දේශනාහි ඌණැ පූණ්ර්‍ ගැලැපීම් ආදී වූ ළඳැ බොළඳැ දේයැ.

ඒ මහා වීරයැන් වහන්සේ ඇසතු රුකෙක් හමුවෙහි සව් කෙලෙසුන් නැසූ. මටැ කිමෙක් නම් බෝධියැ වීදැ ? උන්වහන්සේ දඹැදිව්හි මධ්‍යැ මණ්ඩැලැයැමැ ඉපැදීම් බුදුවීම් ආදී නොවක් සිද්ධීන් සඳැහා තෝරා ගැනුනු.මා කර්මානුරූපැවැ සමුද්‍රැ පරියන්තැවැ ඇති බුදුවරයන් වහන්සේලා, පච්චේක බුදුවරයන් වහන්සේලා හෝ බෝසතුන් වහන්සේලා පහළැ නොවන්නා වූ හෙළැ දීපයෙහිමැ උපැනැ. සිදුහත් කුමැරුන් වහන්සේගේ මව් පාර්ශවැ හා පියැ පාර්ශවැ ක්ෂත්‍රීයැ වූ මහාසාරැ වූ රාජැ කුළැ වූ. මෙකැලිහී රජුන් කොයි ? ගෞතැමැයන් වහන්සේගේ සංඝැ සන්නිපාතයැ එක්දස් දෙසියැ පනැසක් වී. මා හටැ ඇත්තේ මටැ ගුරුන්යැයි කීම සිත්හි නොරුස්නා තිස්ස නැම් වූ ඒක අත්තේවාසිකයෙක්මැ.

විසම්මුතියැ මෙසේමැ තැබෙත්වා ! ශයිතාන් සහචරයෙනි මාගේ මනෝරථයැ අතිශැයින්මැ මස්තැකැප්‍රාප්තැවී ඇති නියාවැ හොඳින් බලවැ. මා අනුග්‍රැහැයැ කොටැ සයැ මහල්වූ ප්‍රාසාදැයැන් ඉදිවීයැ. මා සහචරැයන් මධ්‍යැයෙහි මටැ පැනැවූ අසුනෙහි අන් පසැකින් 'වැල්වොට්' නැම් රෙදි හෙදූ පළස්යැ. ධවල වස්ත්‍රැයෙන් පිරුවටෙහි හෙලා ඇති ආසනැයෝ මටැද පැනැවෙයි. අසුන්හි පරිමණ්ඩලැවැ හෙළැ පියුම්, උපුල්, මැහැනෙල් ආදී නේකැ පුෂ්ඵයන් සිහි කැඳැවෙන්නා වූ සැරැසිළියැ. ඉතින් තොපටැ අතිමහත් රැජා දැ ?


මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්