Thursday, February 17, 2011

නවම් පොහොදින අසිරිය....

Posted by Hipo at 2/17/2011 08:51:00 PM

අද නවම් පොහෝ දිනය. හැමදාමත් වගේ අදත් නිවාඩු දවසක් වුනත් පත්තරෙ නම් කියෙවුවේ ටිකක් ප්‍රමාද වෙලා. රූපපෙට්ටිය බලනකොට නවම් පොහොදින වැඩසටහන් හෝගලා යනවා. ඉතින් මමත් හිතුවා මොකක් හරි වැඩකට ඇතිදෙයක් කලොත් හොඳයි කියලා. ඉතින් ඔන්න මම ටිකක් කියවීමට හිත යොමු කරා.

අද නවම් පොය අපිට වැදගත් වෙන්න ඇයි කියලා දන්නවද? මම කරුණු කිහිපයක් කියවලා මතකය පොඩ්ඩක් අලුත් කරගත්තා.

1. සැරියුත් මහරහතන් වහන්සේ උතුම්වු රහත් භාවයට පත්වුයේ අද වැනි පෝ දිනයක.
රජගහ නුවර උපතිස්ස සහ කොලිත ගම්මානයේ සිටි උපතිස්ස සහ කොලිත නම් තරුණය දෙදෙනා ගිහිගෙය කලකිරි තවත් අනුගමිකයන් දෙසිය පනහක් සමඟ මහණ දිවි‍යට පිවිසයහ. නවම් පොහොදිනට සතියකට පෙර මොග්ගල්ලාන මහ රහතන් වහන්සෙද, නවම් පොහො දින සැරියුත් මහරහතන් වහන්සේද රහත් භාවයට පත්වුහ.

2. අදවැනි නවම් පොහොදිනයකදි ඔවුන්දෙනම අපමහා බුදුරජානන් වහන්සේගේ මහ අඟසවු පදවියට පත්විය.

3. අප මහ බුදුරජාණන් වහන්සේ මාරයාගේ ආරාධනය පිලිගත්තේ අදවැනි නවම් පොහොදිනයකදිමය. එතන් සිට තව තෙමසක් ඉක්මවන දින වෙසක් පෝදින පිරිණිවන් පෑමට බුදුරජාණන් වහන්සේ අදිටන්කර ගත්තේ මෙවැනිම දිනයකයි.

 4.මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධනත්වයෙන ප්‍රථම ධර්ම සංගායනාව පැවත්වුයෙත් නවම් පොහො දිනකදීමයි.


මේ වගේ හේතු ගොඩාක් නිසා නවම් පෝය අපිට වැදගත් දවසක්. තවත් මම නොදන්න හේතු තියෙනවානම් ඒවාත් කියන්න අමතක කරන්නත් එපා...

කොහොම හරි ඔන්න මමත් අද වැදගත් වැඩක් පටන් ගත්තා. මම ඔන්න හාහා පුරා කියලා පන්සිය පනස් ජාතක පොත්වහන්සේ කියවන්න පටන්ගත්තා. ඉතින් මම ඉස්සරහට ඒකෙ එන කථාවස්තුන් ගැනත් ලියන්න හිතන් ඉන්නවා. ඒ බලාපොරොත්තුවත් පිට ඔන්න අදට බ්ලොග් කෙරුවාව නවත්තනවා...

බුදුසසුණ ලොව බැබලෙවා...

2 comments:

සත්සමුදුර on February 18, 2011 at 9:26 AM said...

සහෝ. අන්තර්ජලයේ ජාතක කතා තියෙන අඩවියක් තියෙනවා. ඔබ සමහරවිට දන්නවත් ඇති - jathakakatha.org එකත් උදව්වට ගන්න.

Hipo on February 18, 2011 at 10:54 AM said...

@දිනේශ් දීපාල්
ස්තුතියි සහෝ. මම දැනගෙන හිටියෙ නෑ. අලුත් තොරතුරක් මට..

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare