Friday, April 29, 2011

මා දුටු විකාර රුප...

Posted by Hipo at 4/29/2011 09:00:00 AM

හිපො කියුවම අමුතුවෙන් කියන්න ඕනී නෑ නෙව. වර්ගයේ හැමොම වගේ මාත් අම්බානක් කම්මැලි. නිදියන්නමයි හිත යන්නේ. ඒකට තවත් හෙතුව තියෙනවා. මගේ නිර්මානාත්මක හැකියාව මල් පල ගැන්වෙන්නේ නිදාගෙන ඉන්න වෙලාවටම විතරයි. අනිත් එක ලස්සනට ඉන්න, මගේ බියුටි නැප් එක ගන්නත් එපැයි. ඉතින් හිතාගන්න පුලුවන්නේ ඇයි නිදාගන්න කැමැති කියලා. ඔන්න ඉතින් මේකත් ඔය නිර්මාණාත්මක හැකියාව ඉස්මතු වු අවස්ථාවක්. ටිකක් මෑතකදි වුනු සිදුවීමක්.

ඔපිසියේ බොසා කියුවම පොඩි කාලෙ ඉඳන් මගේ හිතෙ හිටියෙ ඉතා භායානක රූපය තියෙන රුළු ( කලු ) තඩි උස මහත කැත ඩයල් එකක් තමා. ඉතින් මගේ ඒ රූපයට හරියක් දමමින් මටත් ඒකටම ගැලපෙන නල්ල මලේ බොසෙක් මට සෙට් වුනා ආඩම්බරේ බැරුවා. ඉස්සල්ලාම කියන්න ඕනා අපේ බොසායි මායි නම් හැමදාම නොරොක්කු පිට තමා ඉන්නේ. ඉතින් මම හිනෙනුත් මෙයාට භය වෙනවා... මේකත් ඒ වගෙ සිදුවිමක්. අජ් තව එකක්...අපේ (අපේ කියුවේ මගේ) බොසාගේ කැපී'ම පෙනෙන අංගය ඇහුවොත් ඕනම (ගැහැණු) ලමයෙක් කියයි දිලිසෙන තඩි නහය කියලා.

ඉතින් ඔන්න මම තද නින්දෙ ඉන්න වෙලාවක දැක්කා, අමුතු ආකාරයේ පොඩි පැලයක් අපේ වත්තේ තාප්පේ කොනේ පැලවෙන්වා. මුලින්ම පොඩ්ඩක් කොල පාටට හුරු පොඩි ගැටයක් වගේ පෙනුන කවුරුත් නොහඳුනන මේ ශාක විශෙෂය හඳුනා ගැනිමට මටනම් ගියේ අල්පමාත්‍ර කාලයක් පමණයි. (මොකද ඉතින් මම දවස ගානේ දකින දෙයක් නොවැ) ඔන්න ඉතින් මම අඳුරගත්තා. අනේ අපේ වත්තේ පැලවෙලා තියෙන්නේ අපේ බොසාගේ නහය නොවැ. හපොයි. මම භය වුනු භයවිල්ලක්. ඇයි හත්වලාමේ උදේ ඉඳන් දවල් වෙනකන් බලන් ඉඳලා, රෑටත් බලගේන් හිටපියකො මේ නහය දිහා). කොහොමේන් කොහොම හරි බලන් ඉඳද්දි තඩි වෙන මේ "නහය" නැමැති ගසට, මමත් තාත්තාත් එකතුවෙලා තඩි පොරොවකින් කොටන්න ගත්තා  . ම්හ්ම්.. ඒක නෙවෙයි හෙල වෙන්නේවත්. මේක අර ජැකාගේ බෝංචි පැලේ වගේ තාප්පෙත් කඩාගෙන අහස තරම් උසට ලොකු වුනා. මට ලාවට කලන්තේ ගතියකුත් ආවා. එතකොටම මට උඩ ගිහින් ඇහරුනා. දාඩිය දාල මම භයවුනු පාර කොට්ටෙත් තෙත් වෙන්න. හික් හික්..
ඔන්න ඕකයි කතාව. දැන් නම් මට බොසා දැක්කම තනියම හිනා. අපේ ඔපිස් එකේ කට්ටියත් අම්බානක් හිනාවුනා. මට පිත්තු කියලත් කියුවා. (මම විතරයි නේ දන්නේ භය වුනු තරම).

ඕක අහලා අපෙ අම්මා නම් කියුවා මට තියෙන්නේ හරිම විකාර මනසක් ලු. පුදුම පිස්සෙක් කියුවා. හික් හික්. ඔයාලත් මේ වගේ හීන දකිනවයෑ?

9 comments:

මාරයාගේ හෝරාව on April 29, 2011 at 9:16 AM said...

හහ් හහ් හා..මම ඕක කලින් ඇහැවුව කතාවක් නෙව..හැබැයි එදාට වඩා අද හොඳා... අර තාත්තයි දූයි පොරවෙන් කෙටුව එක එදා මට කිව්වේ නැහැ නෙව...

ඒ වගේම ස්තූතියි ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම ගැන...

හික් හික්...

අනුරාධ on April 29, 2011 at 9:43 AM said...

නියපොත්තෙන් කඩන්න තිබ්බ පැලේනේ ඔය පොරවෙන් කොටන්න ත‍රම් වෙනකම්ම තියාගත්තේ. :D

~ChAnDiKa~ on April 29, 2011 at 12:10 PM said...

හ්ම්! ඉක්මනට තොයිලයක් නටන්න වෙයි මගෙ හිතේ... :D

priyantha on April 29, 2011 at 12:15 PM said...

ඇත්තට ඇයි ඕක නියපොත්තෙන් කඩන්න තියෙන කාලේ කඩල දැම්මේ නැත්තේ..

පන්සල් හංදිය on April 29, 2011 at 4:48 PM said...

ඔයන් ගියා මදෑ.........

Buddhi on April 29, 2011 at 5:07 PM said...

කිසිදේකට බය වෙන්ඩ එපා! ඔයාගේ මනස අලුත් විදිහට හිතන්න පටන්ගන්නයි යන්නෙ ඔය

නදී on April 29, 2011 at 10:52 PM said...

හිහ් මරු හීනෙ..

ItalyDilan on April 30, 2011 at 1:05 AM said...

අපරාදේ නහයට තව ලොකුවෙන්න දෙන්නේ තිබුනේ ඇයි ඇහැරුනේ

Ishan Yapa on May 2, 2011 at 5:39 PM said...

කොට්ටෙ විතරක් තෙත් වුනා නම් එච්චර ගානක් නෑ, වෙන කොහෙවත් තෙත් වෙන්නෙ නැතිව !!! [දිව දොට්ටලු]

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare