About

Wednesday, April 7, 2010

බ්ලොග් මැරතන්, Mobitel අල, ජීවිතේ...

කස්ටිය කොහොමද ඉතින්..? අවුරුද්දත් කිට්ටු නිසා මේ පාරත් බ්ලොග් මැරතන් තියෙනව නෙවැ bising. ගිය පාර බ්ලොග් මැරතන් වලට සහභාගි වෙන්න බැරි වුනු නිසා මේ පාර මමත් මැරතන් දුවන්න හිතුවා. ඕං මැරතන් එකටම බ්ලොග් එකකුත් යාන්තං හදාගත්තා garupale. හැදුවයි කිව්වට තාම කිසිම පිළිවෙලක්, මැරතන් බ්ලොග් එකට නමක් එහෙම නෑ. තව පොඩි කෑලි දෙකතුනක් දාලා හදලා ගන්න ඕනේ. අර බ්ලොගර් වල අළුතෙන් හඳුන්වලා දුන්නු Blogger Template Designer එකත් මේ නිසා ටෙස්ට් කරලා බලන්නත් පුළුවන් වුනා. බො‍හොම ලේසියට තීම් එක හදාගන්න පුළුවන්. එත් මට ගැලපෙන තීම් එකක් තාම හරියට සෙට් වුනේ නෑ. Blogger Template Designer ගැන වැඩි විස්තර මෙතන තියෙනවා.

මොබිටෙල් ගැනත් පොඩ්ඩක් ලියමුකෝ.. Sri Lanka's National Mobile Service Provider කියලා තමයි කියන්නේ.. hah දැන්නං මේකට බැනලා බැනලා බනින්න වචනත් නෑ. පහුගිය මාස කීප‍ය ඇතුලෙ මොබිටෙල් Mobile BB අන්තිම චාටර් විදියට අල වුනා. දැනටත් තව තවත් අල වෙමින් තමයි තියෙන්නේ. දැන් සාමාන්‍ය ස්පීඩ් එක 30KBps - 20KBps විතර දක්වා අඩු වෙලා..


Gmail ලෝඩ් වෙන්නේ නෑ.. සයිට් එකකට යන්න බෑ. මේකෙ කස්ටම් care අක්කලාට අයියලාට මේ ගැන කිව්වොත් අඟේ තියෙන ලේ ටික පුච්ච ගන්නවාට වඩා වැඩි දෙයක් සිද්ධ වෙන්නේ නෑ. එක අතකට මේ BB කෙරුවාව ගැන කතා කරලා ඇති වැඩකුත් නෑ.. මේක ලංකාව ඒ නිසා ඔච්චර වත් speed එකක් තියෙන එක ලොකු දෙයක් කියලා හිත හදාගන්නවා garupale. බලාගෙන යනකොට ජා ඇල ත් හෙනම ඩොටක් තමා. ADSL නෑ WiMax නෑ..

11 comments:

ආදර කතාව said...

ජා-ඇල කොහෙද ADSL නැත්තේ?

Buddy --බඩී said...

මටනම් මොබිටෙල් වල කිසිම අලයක් අහුවුනේ නෑ බන්...
සිරාවට්ම වැඩ...අනේ මන්ද..මටනම් මොබිටෙල් තමයි හොදම BB එක...

Dialog said...

උබ මේ කරපු වැඩේට මේ ම‍සේ පඩිය මම රැ 3000 වැඩි කරනවා තව ගහපන් පුතා මඩ

Dialog Telecom Pvt Ltd said...

උබ මේ කරපු වැඩේට මේ ම‍සේ පඩිය මම රැ 3000 වැඩි කරනවා තව ගහපන් පුතා මඩ

Thilina said...

@ආදර කතාව

ටවුන් එකට තිබ්බට, ටවුන් එකෙන් පොඩ්ඩක් ඈතින් ඉන්න මට දෙන්නෙ නැති එකනේ අවුල :( අවුරුද්දකටත් වැඩි කාලයක් මේක පස්සේ ගිහිල්ලත් ගන්න බැරිවුනා.


@Buddy --බඩී

‍මොකක් කිව්වා.. මෙහෙ නං මොබිටෙල් හොඳටම අල. ඩිස්කනෙක්ට් වෙනවා හැමතිස්සෙම.


@Dialog

:P

තීර්ථ යාත්‍රිකයා said...

මාත් මොබ්ටෙල්ම තමා.පහුගිය දවස්වල නං ටිකක් අප්සට් දැන් නං ටිකක් හරි වගේ.ඒ වුනාට කියන තරං ස්පීඩ් එකක් නෑ.දෙන්නේ ටෝක් කන්නේ පාන් තමා

said...

මන් හිතන්නෙ උඹව අඳුන ගත්තේ ගියපාර බ්ලොග් මැරතන් එකේදි. මේ පාරත් දුවන්න හිතාගෙන ඉන්නවා තාම ෂුවර් නැහැ.

Thilina said...

@තීර්ථ යාත්‍රිකයා

හ්ම්.. මේක ලංකාව කියලා හිත හදාගන්න වෙන්නේ..


@ම

ඔව් ඔව්.. :) ගියපාර මැරතන් එක තියෙනකොට මේ බ්ලොග් එක පටන් අරන් සතියක්වත් නෑ. මැරතන් එකට වතුර ගහන්න සෙට් වෙලා ඉන්න කොට තමයි උඹව අඳුර ගත්තෙ. මේ පාරත් මැරතන් දුවමු..

Jay said...

මැරතන් දුවන්න, අපි දෙන්නම් සපෝට් එක.
:)

sakee said...

මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

අන්තිමට කතා කරලා කිව්ව,
මට මේක එපා.කැන්සල් කරන්න කියල.
කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.

SLT BroadBand- 512 KB - RS: 2200/=
My Speed Test

http://www.speedtest.net/result/779511999.png

Sahan H said...

Mobitel gena katha karala wedak na, unta email ekak dammama call karala ahanawa dan harida kiala :D (A weleta hari)

Post a Comment