Thursday, January 13, 2011

LankaNet.org ලිනක්ස් 3 තැපැල් මගින් ගෙන්වා ගත් අයගේ ලැයිස්තුවට අලුත් නම් එකතු වුනා.

කරුණාකර ඔබේ නමත් ඇත්දැයි බලන්න. එමෙන්ම එය ලැබුන වහාම ඒබව දැනුම් දෙන්න. ලංකානෙට් ලිනක්ස් ඉල්ලූ සැමටම තැපැලෙන් යවා ඇත. මෙය ලැබිය යුත්තන්ට ලංකානෙට් ආයතනයෙන් තැපැල් කර ඇතැයි සිතමි. මෙයට සම්පූර්ණ අනුග්‍රාහකත්වය දැරුවේ ලංකානෙට් ආයතනයයි. එය තැපැල් කිරීමට ඔවුන් වෙන් කළ මුළු මුදලම ඒ වෙනුවෙන් වැය කර අවසන්. ඒ නිසයි මෙය තැපැල් කිරීමටත් ප්‍රථම "සීමිත ප්‍රමාණයක්" යනුවෙන් සඳහන් කළේ. ඔන්න මම ඒ පණිවිඩයත් ඔබට දුන්නා.


මෙතන ලැයිස්තුව ඇති අතර එය තැපැල් කළ දිනයද සඳහන් කර ඇත.

(නැවත වතාවක් සමහරක් ඇනෝනිමස් උගතුන් "අපේ තාත්තාගේ සල්ලි වලින්ද මේක තැපැල් කරන්නේ?" "අපිට වින්ඩෝස් තියෙනවා උඹ පන්ඩිතයා නොවී ඉඳපන්" සහ කුණූහරුප කමෙන්ට්ස් ගෝනි පිටින් දායි.) අපේ තාත්තාවත් මමවත් සල්ලිකාරයෝ නෙවෙයි කියලා මාව පෞද්ගලිකවම දන්නා අතලොස්ස දන්නවා. ඒ වගේම එම උගත් ඇනෝලා ඇහුව විධියට මට තියෙත පු* අමාරුවකට නෙමෙයි මේක හැදුවේ. ඒක පාවිච්චි කරන අය දන්නවා මම මොකටද මේක හදලා තියෙන්නේ කියලා.

8 comments:

Anonymous said...

උගත් ඇනෝලාගේ කොමෙන්ට් වලට මාගේ පූර්ණ විරෝධය.

තාම ඉගෙනගන්න අපිට ලංකානෙට් ඕනෙ. දැනටම අපි ඉස්කෝලෙ කම්පියුටර් කීපයක ලංකානෙට් දාන්න සැලසුම් කරල ඉවරයි. ෆෙඩෝර වලට ආස අයට හන්තාන දීල උබුන්ටු වලට ආස අයට ලංකානෙට් දාල දෙනව. සල්ලි දීල රජයෙන් දුන්න ඒවගෙන් වැඩ කරන්න බෑනෙ එන ලෙඩ කන්දරාවෙ හැටියට ;-)

Anonymous said...

oya me blog eken me OS eka pavichchi karana hatith kiyala dunnanam ithin mara watinawa.mokada huga denek windows nisa ubuntu wage ewwa pavichchi karanna dannena.math ehema kenek.methanin eka igannuwoth javascript:void(0)watinakama itha wadiy.

Anonymous said...

කොමෙන්ට් ගැන කතා කරලා වැඩක් නැ මොන හොද වැඩේ කලත් හැමෝම ඇදමයි හොයන්නේ. ඔකුන්ගේ හැටි.

දැන් බලන්න මම සිංඩිය හැදලා ලිපියක් දැම්මාම උන් අහනවා උබේ සිංඩියේ තියෙන පහසුකම් මොනවද කියලා (පුටුත් දාන්න ඕනේ වගේ වාඩි වෙලා බලන්න :D ) එක උන්ගේ හැටි ඇදක් හොයලා හිතට දුකක් දෙන්න බලන්න. එක වෙලාවකට හිතනවා මුන් ලගක හිටියනම් මුන තැලෙන්න දෙකක් අයින්න. මම ඉවසිමෙන් ඉන්න නිසා කාටත් හොදයි.

Ishara ( DarKneT ) said...

ගොඩක් දවසක ඉදල එකක් ගන්න උවමනාවක් තිබුනා, මේ දාල තියෙන ලිපිනය හරි නේද ?

Unknown said...

@DarkNet | ඉෂාර
ඔව්. මේ ලිපින හරි. ලංකානෙට් ආයතනයට ආවොත් ඒ වෙලාවෙම DVD එක දෙන්නම්. Blank ඔන නැහැ.

Anonymous said...

මමත් ලංකානෙට් ගෙන්වාගත්ත පරිශීලකයෙක්. මමත් පෞද්ගලිකව කැමතියි මේ වැඩේට. මමත් පුළුවන් තරමින් ඒක අපේ පළාතේ ව්‍යාප්ත කරන්න හිතාගෙන ඉන්නේ.

Anonymous said...

නම කියන්න බය නංගිලාගේ කමෙන්ට්ස් ගනන් ගන්න එපා..

chandika said...

Magea Name 1k Thiyanawa Magea Cd 1k hamba Unea Nahanea..... Mokada Karanea.....


152 chandika Niroshan