මේ පාර අපේ අවුරුදු......





මෙහෙ හැමෝම මේ පාරත් වෙනද වගේම අවුරුද්දට කලින් දවසේ හති දාගෙන ගේ සුද්ධ කරනවා.මට නම් පැත්ත පලාතට යන්න බැහැ,යන්නත් තහනම්...මොකද මට wheezing..තව මොකක්දෝ මන්ද කියන්න බැරි මහන්සි ගතියකුත් දැනෙනවා...උණ ගැනෙන්න වගේ....අලුත් අවුරුද්දේ හොඳ ආරම්භයක් නම් නෙමේ.කොහොමත් ඉතින් මේ පාර විතරක් නෙමේ මම කලින් අවුරුදු වලත් ගානට වැඩ අල්ලනවා නේ whezing වැඩි කරගෙන.මොකද අවුරුද්දට අපේ ගේ අස් කරන්න ගන්නවා කියන්නේ පෙනහැලි වල දූවිලි පුරවාගෙන wheezing අනිවාර්යයෙන් හදාගන්න වැඩක් නිසා....

වෙන නම් කියන්න දෙයක් නැහැ මේ දවස් වල ජීවිතයේ....ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කරන්න පටන් ගත්ත ඩිප්ලෝමා එක නම් නියමයි...මේ දවස් වල හරිම කැමැත්තෙන් එකට යනවා....තව පාඩම් කරනවා ටික ටික...අසනීප නිසා concentrate කරන්න ටිකක් අමාරුයි...තව ඉතින් මේ පාරත් අම්ම කැවුම් හදන්න යනවා....ඔයාලගේ ගෙවල් වලත් ජයට කැවුම් කොකිස් හැදෙනවා ඇති නේ?මේ පාර නම් අලුත් ඇඳුමක් ගත්තේ නැහැ...වෙලාවක් ලැබුනේ නැහැ.අනික කිරිබත්ගොඩ town 1 දැක්කම නිකන් කැරකිල්ල හැදෙනවා.phew.... තනිකර ඔලු ගොඩක්!මම නම් ආයේ මැයි ජුනි වෙනකන් ඔය shop 1 ක් පළාතකට යන්නේ නැහැ....!

මේකත් එක්ක මම පොඩි photos වගයකුත් දානවා.රජගල සහ මහ ඔය උණුවතුර ළිං.මම නම් මහ ඔය ගියේ නැහැ....මේවයේ නම් ඔක්කොම copyrights චුටි අයියගේ හොඳේ......lol.

ඉතින් ඉතින් එහෙනම්.........ඔයාල ඔක්කොටම ලබන්නා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා....ජයම වේවා කියල ප්‍රාර්ථනා කරනවා......




5 comments:

නිශ් said...

සුබ අළුත් අවුරුද්දක් වේවා..................!

වැඩබැරිදාස said...

නිදුක් නීරෝගී සුවයෙන් යුතු සුභ අළුත් අවුරුද්දක් වේවා එහෙනම්!!!!!

Anonymous said...

සුභ අලුත් අවුරුද්දක් වේවා පොපි..

Dami Roxx said...

halo halo .. moko wennea ... mamath kalakata passea yluwoth eakka welakata bassa new year holiday wala .. :P

poppy said...

hamotama aayemath Esema Wewa!! :) hey dam, welakata bassada nathnam white rum walin passe welakata watunada?lol.

Post a Comment