Thursday, August 20, 2009

සින්දු fun

ගොඩක් දවසකින් ලියන්න හම්බ වුනෙ නැති නිසා පොඩි සටහනක් දාන්න හිතුනා.....පහු ගිය දවස් ටිකෙ මනො විකාර වගයක් බල බල හිටපු නිසා ලියන්න වත් වෙලාවක් තිබුනෙ නැහැ.... මගෙ ආසම සින්දුවක් තමයි රොහාන් බුලෙගොඩ කියන "එක් පෙති මලක් " කියන සින්දුව....බන්දුල නානායක්කාරවසම් ලියපු ඒ සින්දුව අහපු පලවෙනි පාරම මට ඇහැට මාර කදුලු ගොඩක් ආව...එකෙ පද රචනාව කියා ගන්න බරි තමටම මිහිරියි.....මම රස විදින ඔනම නිර්මානයක් මගෙම කර ගෙන අහන්න හරිම ආසයි.... මෙ සින්දුවෙ දෙවෙනි අන්තරා එක හරිම ලස්සනයි "සිටිනා කොදෙව්වක ඔබ සැප විදී නම් මවෙතින් ලබුනු ආදරයත් ලැබේ නම් මතකය ඔබට හිරිහරයක් නොවේ නම් තව කුමකටද දුක් ගී කල්පනාවන්" ඔය සිදුවෙ මට අදාල කරගන්න බැරි පොඩි පරහකට තිබ්බෙ මවෙතින් ලැබුනු ආදරයත් කියන කෑල්ල...මොකද කියන ව නම් මගෙ කතාවෙ මම ඇතුලෙ කොච්චර ආදරයක් තියන් හිටියද කියල අනිත් පැත්තෙ කෙනා දැන ගෙන හිටියෙ නති එකයි....:) නමුත් ඒක මාර ම එකක් කියල මට දැනුනෙ එයා මට හම්බ වෙන්නෙ නැහැ කියල දැන ගත්තටත් පස්සෙ....අත්තම කියන ව නම් යාලු වෙන්න කලින් කෙල්ලොන්ට ආදරය කරන එක තරන් ගොන් කමක් මේ ලොකේ නැහැ කියල තමයි අද මට හිතෙන්නෙ... හැබයි ඉතින් සිටිනා කොදෙව්වක නුබ සැප විදී නම් කෑල්ලනම් මම හැම දාම වගෙ හිතන දෙයක්...එක කාටවත් පැහදිලි කරල දෙන්න අමාරු තරමටම complex .... අන්තිම පෙලිය තව කුමකටද දුක් ගී කල්පනාවන් කියන එක හeමදාම කරන්න ඔන කියල හිතුවට මොකද කරන්න හරිම අමාරු දෙයක්.... මොනව කරන්නද දුක තමයි කියල අල්ලන් ඉන්න තියෙන්නෙ.... :) එත් ඉතින් ජීවිතය එන විදියකට මූන දීල සතුටින් ඉන්න එකට මේවා බාදාවක් කර ගන්න නම් හොද නැහ... අදට ඇති වගෙ

No comments:

Post a Comment