Friday, April 1, 2011

මහනාම සහ මැතිව්ස්....

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රි ලංකා කණ්ඩායමේ සිටින දක්ශතම තරුණ ක්‍රීඩකයා බවට විවාදයක් නැත... ඇන්ජලෝ උන්මාදයක් ලංකාවේ ක්‍රිකට් රසිකාවියන් අතර ගලා උතුරා යන්නට පටන් ගත්තේ ඔය අතරය...ඇතැම් අය ඇන්ජලෝට ප්‍රසිද්ධියේ විවාහ යෝජනා ගෙන ආ අතර තව සමහරු ඊට වඩා ඒවාත් කරන්නට පටන් ගත්තා...

මට මතක හැටියට මින් පෙර මෙවැනි උන්මාදයක් තිබුනේ රොෂාන් මහනාම පිළිබඳවයි... මහනාම පාසල් කාලයේ අරවින්දටත් වඩා දක්ශතා පෙන්වපු කෙනෙක්..නමුත් මේ උන්මාදය නිසාමද මන්දා මහනාම අරවින්ද තරම් දක්ශතා ප්‍රකට කළේ නැහැ ජාතික කණ්ඩායමේදි.. ඒ වගේම මහනාම නිතරම ආබාධ වලට ලක් වුනා..ඒ දවස් වල මහනාමට අපි කිව්වේ සදා සොත්ති කියල..
අනේ මන්දා මට හිතෙන හැටිද කියල ...අපේ කෙල්ලොන්ගේ ඇස්වහ කටවහ සෑහෙන්න දරුණුයි වගේ... මැතිව්ස් ට මහනාමට වෙච්ච දෙයම නොවේවා කියල ඔන්න මම ප්‍රාර්ථනා කරනවා...

කොහොමෙන් කොහොම උනත් අපේ කොල්ලො ටික ඉන්දියාවට හොඳට නෙලල එයි කියල බලන් ඉන්නේ මෙහේ ඉන්න ඉන්දියාවේ උන්ට පොඩි සත්තමක් දාන්න...

6 comments:

  1. ඇන්ජලෝ මැතිව්ස්ට කෙල්ලන්ගෙ ඇස්වහ වැදිලා.දෙහි ටිකක් කැප්පුවානම් හොදයි වගේ.

    ReplyDelete
  2. අනිවා සහෝදරයා..ඒත් ඉතින් අපි පරක්කු වැඩියි නේද....

    ReplyDelete
  3. අනිවා අනිවා, මැතිව්ස්ට නුම් එහෙම වෙන්ඩ එපා. කොහොම උනත් අපිට ගොඩක් පාඩුයි මැතිව්ස් නැති එක නම්

    ReplyDelete
  4. ඔව් ඒක නම් හරිම පාඩුවක්..ඔන්න චාමරල දෙන්නගෙන් කෙනෙක් අවුලක් වෙලා චන්දිමාල් ව ගන්න තිබ්බ නම් මරේ මරු...

    ReplyDelete
  5. චික් විතරක් මේ කෙල්ලෝ...අර නිකං ඉන්න සචින් අයියට හරි දෝනි කොළුවට හරි ඇල්ම බැල්ම දාපල්ලාකෝ...

    ReplyDelete
  6. හි හි ...මාරයෝ බෑනේ කොරන්න...පූනම් නංගි රෙදි ගලවන්න බලන්නෙ ඉන්නේ..

    ReplyDelete