Tuesday, December 14, 2010

මිනිසුන් වර්ග

අප හැමෝටම ජීවන දර්ශනයක් ඇත. මහ මග වෙසෙන සිඟන්නාගේ සිට ජනාධිපති තුමා දක්වා වෙනසක් නැතුවම මෙම ජීවන දර්ශනය ඇත. මෙය උපතින්ම අප අරන් එන්නක් නොවේ. අපගේ අත්දැකීම්, අධ්‍යාපනය සහ නොයෙකුත් දේ මෙම ජීවන දර්ශනය සකස් කිරීමග උපකාරී වෙයි.

මගේ ජීවන දර්ශනයට අනුව මිනිසුන් වර්ග 4 ක් වෙයි.

1. හමුවන විට සතුටක්ද සමු ගන්නා විට දුකක්ද ගෙනෙනා පුද්ගලයින්.
2. හමු වීම දුකක් හා වෙන් වීම සතුටක් ගෙනෙනා පුද්ගලයින්.
3. හමු වීමත් වෙන්වීමත් දුකක් ගෙනෙනා පුද්ගලයින්.
4. හමු වීමත් වෙන්වීමත් සතුටක් ගෙනෙනා පුද්ගලයින්.

පුදුමයනම්, හදවතට වැඩියෙන්ම සමීප 3 වන වර්ගයේ පුද්ගලයින් වීමය.

1 comment:

  1. හමු වීම සහ වෙන් වීම යන සංසිද්ධි දෙක අරගෙන සංකරණ සංයෝජන දැනුම භාවිතා කරල වගේ. කමක් නැහැ හොඳ අදහස. මේකෙන් අපි ඉන්නෙ මොන ගො|ඩේද දන් නැහැ :)

    ReplyDelete