Sunday, May 29, 2011

Designer Wear for Weddings(ඇදුම් නිර්මාණකරුවන්ගේ ඇදුම්...)


හ්ම්ම්....මුලින්ම පටන් ගන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවකින්.කියන්න ඕනෙ මම නම් ගම් පාවිච්චි කරන්න තරම් විවෘතවෙනවා මොකද මේ දිනපොතක් නිසා;)....කවුද ලගදි බදින්න ඉන්නෙ?????ඇදුම් සදහා කෙනෙක් හොයන අයට අද දින සටහන වැදගත්වෙයි.

දින සටහන් ලියවෙන්නෙ ඉතින් මම බලන්න ගිය තැන් ගැනනෙ.මුලින්ම කියන්න ඕන මීටවඩා වෙනස් හොද තැන් තියෙන්න පුලුවන්.මට තිබුනු කාල පරාසය අනුව ආගිය තැන් තමයි මේ.

Wedding Dreams
මට තේරෙන විදියට නම් මෙතන ටිකක් වැඩිපුර අතේ සල්ලි ගැවසෙන අයට හොද තැනක්.රුපියල් 50000 ඉදලා ඉහලට තමයි ඇදුම් වල ගනන් විහිදෙන්නේ.තියෙන්නෙ බම්බලපිටියෙ.තමන්ට කැමතිවිදියට තියෙන ඇදුම් වෙනස් කරගන්න පුලුවන්.

Ajantha(38/B 1/1 Desilva Road Kalubowila Dehiwala)TP:-0113082428මෙතන තියෙන්නෙ පාමන්කඩ පාරෙ කුශ්මි කියන බත් කඩේ කිට්ටුව.තැන දැක්කම කියන්න බැරි වුනාට හොදට මැහුම් කටයුතු කෙරෙන බවනම් පෙනුනා.පිලිවෙලයි වගේ වැඩ.ප්‍රසිද්ද කෙනෙක්.අඩු ගනන්නකට වැඩේ කරගන්න පුලුවන්.හැබැයි Fabric අපි ගිහින් දෙන්න ඕනෙ.
Esha Wewala(17A,Prathibimbaarama road,Kalubowila)TP:-0777551584
මෙතන හුගක් පිලිවලයි.වැදගත් තැනක්.තියෙන්නෙ කලුබෝවිල ඉස්පිරිතාලෙ ලග ප්‍රතිබිම්බාරාම පාරෙ.හුගාක් ප්‍රසිද්ධ පුදගලයන්ට ලස්සන ඇදුම් නිර්මාණය කරල තියෙනවා මම දැක්ක.ලස්සනයි ඇදුම්..රුපියල් 20000 ඉදල ඉහල ගනන් වලට තමන් කැමති විදියට නිර්මාණය කරගන්න පුලුවන්.අන්තිමට මෙතනට වැඩේ බාර දීල ගෙදර ආවා.

තවත් මමහොදයි කියලා අහල තියෙනවා පූර්ණිමා අබේරත්න.දැකලත් තියෙනවා ලස්සන ඇදුම්.හැබැයි ගනන් වැඩියි ලු.

Purnima Abeyrathne(0115363802)

අද දින සටහන ඉවරයි...

No comments:

Post a Comment