Monday, September 13, 2010

හලාවත හිගින් චිකන් කෑව වගෙයි

මේ කතාව ලිව්වෙ නම් අපේ "බෝදුල්" සහෝදරයා... එයාට මේක අපේ බ්ලොග් අඩවියට ඇතුලත් කරද්දී පොඩි තාක්ශනික ගැටලුවක් ඇති වෙලා.. ඉතින් ඒ නිසා ඔහු වෙනුවෙන් මම මේක ඇතුලත් කරනවා.. කියවලා රස විදින්න කෝ....

****************************

අන්දරේ සීනි කෑවා වගෙයි ,දැලි පිහියෙන් කිරි කෑවා වගෙයි ප්‍රස්තා පිරිලු නම් ඕගොල්ලෝ ඕන තරං අහල ඇති. ඒත් කව්රු හරි නිකමට හරි හලාවත හිගින් චිකන් කෑව වගෙයි කියල කිව්වොත් ටිකක් අමුතුයි වගේ නේද. හරි කලබල වෙන්න දෙයක් නෑ. ඔය පිරුල බොහොම මෑතකදී එකතු වෙච්ච එකක්. හැබයි ඔකේ නිධාන කතාව දන්නේ නං බොහොම ටික දෙනයි. ඒ හින්ද මං හිතුව ඕක කට්ටියත් එක්ක බෙදා ගන්න.

ඔන්න එක කාලෙක යාලුවෝ කට්ටියක් විනෝද
චාරිකාවක් යන්න කතා කර ගත්තලු. හලාවත රෑ නැවතිලා ඒ හරහා කල්පිටියේ යන්නලු කට්ටිය හිතාගෙන ඉදල තියෙන්නේ.ඔය පැත්ත මතක් කරද්දීත් කට්ටියට මතක් වෙන්නේ ඉස්සෝ පොකිරිස්සෝ කකුලුවොනේ.කොහොමහරි ඔකේ බොහොම ක්‍රියාශීලී නඩේ ගුරෙකුත් හිටියලු. එයාලු ඔක්කොම කම බීම, ඇදුන හිටුම් සංවිධාන කරේ. එයා කට්ටියට කල්පිටියේ කෑමබීම ලේඛනයක් එහෙමත් කලිම්ම එව්වලු. හැබැයි අපරාදේ කියන්න බෑ වෙන මොනවා නැතත් ,එය එවන හැම මෙනු එකේම චිකන් නං උඩිම්ම ලස්සන බෝල අකුරෙන් තිබ්බලු . මෙනු එකේ සී ෆුඩ් නැ කියල හැමෝටම තේරුනත් කව්රුත් වැඩිය ඒක ගණන් අරන් නෑ. මොකද කට්ටිය හිතල තියෙන්නේ හලාවත රෑට ඉස්සෝ පුරවල ඇති කියල.. අන්තිමට කට්ටිය පාරත් වරද්දගෙන කොහොමහරි හලාවතට ආවලු. ඔන්න ලස්ස්සනට කෑම මේසේත් හදල. ඔක්කොම හොදයි හැබයි ඉස්සෝ නම් නෑ. නියම චිකන් හොද්දක් නම් තියෙනවා. කට්ටිය කල්පනා කරා. හලාවත ප්‍රසිද්ධ ඉස්සන්ටනේ . ම්ම්ම් ... අපිට වරදුනවත්ද . නැ නැ වැරදිලා නැ. ඒ තිබිල තියෙන්නේ නිකන් චිකන් නෙවෙයි හලාවත චිකන්. චිකන් ගැන හොදටම දන්නා චිකන් වලට සම්බන්ධ අපේ යාලුවෙක් කට්ටියට පැහැදිලි කරාලු. ඉතින් මොනවා කරන්නද "ඉස්සෝ වගේද හලාවත චිකන් කියල" කට්ටිය "හලාවත චිකන්" කාල නිදගත්තලු. කොහ්මහරි මේකේ යටි පෙලකුත් තියෙනවා. ඒ තමයි නඩේ ගුරාට ඉස්සෝ පෙන්න බැ කියන එක . ඒ නිසා කොහොමහරි ඉස්සෝ වෙනුවට හලාවත රෑට චිකන් ලෑස්ති කෙරෙව්වලු .අනේ පව්! අර කොකියත් බේබිට චිකන් ඕන හින්ද කොහෙන්හරි චිකන් හොයාගෙන ඇවිත්. දැන් සී ෆුඩ් ඉල්ලපු අයටත් මොනවහරි තියෙන්න ඕනනේ. ඒ අයට නම් අනේ හම්බ උනේ හොදට ඩෙවල් කරපු සෙල්-"ෆිෂ්" dish එකක් විතරයි ලු .

No comments:

Post a Comment