Monday, February 7, 2011

ඉඩදීම.....

ඕන්න ඉතින් කාලෙකට පස්සෙ පොඩි පහේ කතාවකින් හම්බ වෙන්න හිතුවා. කාලෙකින් මම ලියුවෙත් නැති නිසා තරහද මන්දා... පහුගිය දවස් ටිකේ පොඩි වැඩ වගයක් තිබුන නිසා වෙලාව හොයාගන්නත් අමාරු උනා... කොහොමින් කොහොම හරි දැන් ඉතින් කතාවක් දාන්නත් වෙලාව හරි.. ඕන්න එහෙනම් වැඩි කතා නැතිව කෙලින් ම කතාවට බහිමු කෝ....

මේකත් අපේ ඔය ට්‍රිප් එකකට සම්බන්දයි... කාටද උනේ කියල දැන්ම අහන්න එපා. පස්සෙ කියන්නම් කො.
අපි ඉතින් ට්‍රිප් යද්දි අපෙ සුපුරුදු වාහනය තමයි පාවිච්චි කරන්නෙ. හ්ම්ම්.. හනියා ගෙ වෑන් එක තමයි.
දැන් ඉතින් ඔක්කොම වෑන් එකේ නැගල හා හා පුරා කියලා පොඩි සින්දුවක් එහෙම හීනියට කියන ගමන් ගමන යන්න පිටත් උනා.
ඔයගොල්ලන්ට මතකද මන්දා කුරුණෑගල තියෙන වටරවුම. ඔව් අපි අර සින්හලෙන් රවුන්ඩබවුට් කියන්නෙ.. ආහ් ඒක තමයි.

ඔය වගේ තැනකදි අර වටරවුමේ නීතිය බලපානව නෙ. ඉතින් ඔය වගේ තැනකදි දකුණට ඉඩ දීමේ සිරිතක් තියෙනව. කොහොම උනත් දැන් අපේ වාහනය වමෙන් යද්දි අපෙ රියදුරු මහත්තයගෙ හැකියාව කොහොමද කියනව නම් දකුණෙන් ආපු රියදුරු මහත්තය අපෙ ඩ්‍රයිවර් උන්නැහේගෙ මෑණියන්ට පින් දිදී තමයි ගියේ. අපෙ වාහනේ හැප්පෙන්නෙ නැතිව බේරගන්න ඒ වාහනයෙ රියදුරු මහත්තයට පුලුවන් වෙච්ච නිසා අපට මෙහෙම කතාවක් ලියන්න වාසනාව පෑදිලා තියෙනව.

දැන් ඉතින් වෑන් එක එක අතුලෙ එකම ගාලගෝට්ටියයි. හරියට ලිප්ටන් වටරවුම වාහනයට ගෙනල්ල වගේ. එක එකාගෙ මරු තර්ක. ඔක්කොටම වඩා අපෙ කාන්ඩෙ වයසක හාදයා එ කිව්වෙ අපෙ ලොස් ගැන්ග් එකෙ අන්කල්ට දැන් ඌරු ජුවල්. ඇයි හත්වලාමෙ වල පයයි ගොඩ පයයි කියල දැන්ම යන්න පුලුවන් ද? ඒ මදිවට උගෙ මස්සිනා චොකා කියනවා ඒ යකා බදින්නලු ඉන්නෙ. (දැන් නම් සතුටින් පවුල් කනවා. පවුල් කනවද පවුල මූව කනවද කියල නම් දන්නෙ නැහැ )

ඒ අතරෙ මළ ම පැන්න නාගෙ (නම නාගසින්හ ) අහපි, "බූරු හරකො තො දන්නෙ නැද්ද දකුණෙ නීතිය? තොට කවුද ලයිසොන් දුන්නෙ?"... කොහෙද අපෙ ඩ්‍රයිවරය (අපේම එකෙක් තමයි ) ඌ නිකන් සෙකන්ඩ් වෙයිද, ඌ කියාපි "මොකද නැත්තෙ.. එ නිසා තමයි මම බය නැතිව දැම්මෙ"...

දැන් නාගෙට නහුතෙට මල පැනලා. ඇයි අම්මපා මේ යකා වැරැද්ද කරා මදිවට කට ගහන්නත් එනව නෙ.. නාගෙ ආයෙත් අහපි "ආහ් එහෙනම් කියපන් බලන්න මොකද්ද දකුනෙ නීතිය කියලා". අපෙ ඩ්‍රයිවර් සගයත් ගත්ත ගමන් " දකුණට ඉඩ දෙන්න කියල නෙ කියන්නෙ" කියල පට ගාල උත්තර බැන්දා.

නාගෙට දැන්නම් අම්බානක මළ. ඌ ආයෙත් අහපි "ඇයි බූරු රජෝ.. එහෙනම් උඹ අර වාහනෙ පෙනි පෙනී දැම්මෙ?". ඒකට ඩ්‍රයිවරය දුන්න උත්තරට ඩ්‍රයිවර් සගයගෙ පරම්පරා ගානකට හත් අවුරුද්දක් කිඹුහුන් යන්න අති මගෙ හිතේ..

මොනවද දන්නවද ඒ යක දුන්න උත්තරේ.....

"මචන් මම දකුනෙ කොල්ලෙක් නෙ.. ඉතින් දකුනට ඉඩ නොදුන්න ඌ නෙ බන් වැරදි.." අහින්සක මූනක් මවන ගමන් ඌ කිව්වා.


ප. ලි.

මේක උනේ කාටද කියල නම් අහන්න එපා. ලොස් ගැන්ග් එකේ දකුනෙ කොල්ලා කවුද කියලා හොයාගත්තොත් නම් ගොඩ.

1 comment:

  1. ලොස් සෙට් එකේ ඉන්න, මේ වගේ ගොන් හරක් වැඩ කරන, දකුණේ ඉන්න එකම එක තමා මේ කතාව ලියපු හනියා...

    ReplyDelete