Monday, July 27, 2009

හිමි වැඩ සිටි සමයේ...

කොළඹ ඉස්කෝලෙක ගෑණු ළමයෙක් ටයි එකෙන් බෙල්ල හිර කරගෙන මැරිලලූ. හේතුව තමයි phone එකේ blue photo වගයක් තිබ්බ එක. තවත් ළමයි අට දෙනෙක් කණේරු ඇට කාල ඒකට හේතුව ඔවුන්ගෙ ආදර සම්බන්ධයක් ගුරුවරු ලොකු ප‍්‍රශ්ණයක් කරගැනීම. ඇත්තටම මේ වගේ කාලෙකදි ඔය වගේ දේවල් අහන්න හම්බවෙන්නෙ ලංකාවේ විතරයි. ලංකාවේ පාසල් වල ඉන්න ගුරුවරුන්ටයි, විදුහල්පතිවරුන්ටයි ඔවුන්ගෙ ජීවිතේ ගැන කිසිම තාප්තියක් නැති නිසා ළමයින්ගෙ ඉහ මොළ කාල තමයි ආතල් එකක් ගන්නෙ.

ඒත් ඉතින් එක පැත්තකින් බලද්දි ඔය දේවල් ඔහොම වෙන එක ගැන ඒ තරම් පුදුම වෙන්න දේකුත් නෑ. මොකද ලංකාවේ සංස්කාතිය බේර ගන්න නම් ඉස්කෝලෙ යන ළමයින්ව විනයානුකූල කරන්න ඕනිනෙ. ගුරුවරු උත්සහ කරනව ඇත්තෙ ළමයින්ට සංස්කෘතිය කියල දීල හරියට හදන්න වෙන්න ඇති. වෙලාවකට මට හිතෙනව ඇත්තටම අපි ඉන්නෙ 21 වෙනි සියවසේද කියල.

සාමන්‍යයෙන් ඉතියෝපියාව වගේ රටවල මිනිස්සුන්ට තේරෙනවනෙ අනිත් රටවල් වලට සාපේක්ෂව තමන්ගෙ රටේ මොකක් හරි ප‍්‍රශ්ණයක් තියෙනව කියල. පුදුමෙ කියන්නෙ ලංකාවේ මිනිස්සුන්ට ඒකවත් තේරෙන් නෑනෙ. අපේ සංස්කාතිය තමයි සංස්කෘතිය, අපේ සංස්කෘතිය තරම් පරණ සංස්කෘතියක් වෙන කිසිම රටකට නෑ වගේ බොරු ගොඩක් කියල ඒක වහ ගන්නව. තාම මං හරියට දන් නෑ එහෙම කියන මිනිස්සු දන්නවද කියල ඒක බොරුවක් කියල. එහෙම නැත්තමි ගොඩක් වෙලාවට ඒ අයත් අපිට ලොකු සංස්කෘතියක් තියෙනව කියල විශ්වාස කරනව ඇති. ඒත් මට නම් ඉතියෝපියාවෙයි ලංකාවෙයි මහ ලොකු වෙනසක් පේන්නෙ නැහැ.

අපේ සංස්කාතිය කියල කට්ටිය උදම් අනන ගමයි. පන්සලයි, වැවයි, දාගැබයි නම් දැන් ආපහු ලංකාවට හම්බවෙල තියෙන්නෙ. රටේ හැදෙන හාල තම්බගෙන කාල ජීවත් වෙනවට වඩා වැඩි දෙයක් කොහොමත් ලංකාව වගේ කොදෙව්වක ජීවත් වෙන බහුතරයකට කරන්න බැහැ තමයි. ඒ අයට පුලූවන් වෙන්නෙ සංස්කෘතිය හරි මොකක් හරි එකකට ආවඩන එක විතරයි. අනිත් රටවල් technology එකත් එක්ක ඉස්සරහට යද්දි ලංකාවෙ මිනිස්සු ආපහු උදැල්ල අරගෙන කුඹුරට බහිනව.ඒ කියන්නෙ ටික ටික ආපස්සට යනව.

ඔය විදිහට සංස්කෘතික වෙන ලංකාවේ මේ වෙද්දි මිනිස්සුන්ගෙ නිදහසටත් මාංචු දාල ඉවරයි. ඒ කියන්නෙ ඒ අය කියන සංස්කාතිය ප‍්‍රශ්ණ කරන්නවත්,ඒකෙන් ඔබ්බට හිතන්නවත් මිනිස්සුන්ට අයිතියක් නැහැ. ඒ නිසා කරන්න නම් කිසිමම දෙයක් නැහැ වෙන දේ බලන් ඉන්නවා හැර...

6 comments:

  1. ජංගම දුරකතන සිද්ධියයි කනේරු ඇට සිද්ධියක් සමාන කරන්නත් බෑ, හැබැයි ගුරුවරුන්ගේ අතින් ගත්තොත් වෙනස් වෙන්නෙත් නෑ.

    කොහොම නමුත් මේ සිද්ධි වලදි අපි ගුරුවරු "යක්ෂයා" කරන්න කලින් ටිකක් හිතන්න වෙනවා. මොකද විදුහල්පතිතුමා/තුමිය ගාවට ගෙනියනවා කියන දඬුවම පුරාණයේ ඉඳන් එන එකක්. අපි හැමෝමත් ඒක කාලා තියෙනවා. ඒත් මේ තරම් impulsive විදියට තීරණ ගත්ත ළමයි ඉස්සර හිටියේ නෑ.

    බ්ලොග් ලිවීමට අලුත් වගේ පේනවා. සාදරයෙන් පිළිගන්නවා. දිගටම ලියන්න.

    ReplyDelete
  2. සිද්ධිය හරි හැටි දන්නැතුව අපිට හරි වැරැද්ද කියන්න බැ...cell phone එකක් තමා ළග තිබීම නිසා ඇතිවූ සිද්ධියේදී සිය දිවි නසා ගන්න තරම දුර දිග යන්න තරම් දෙයක් සිදුවීම කණගාටුයි.. මෙහි අපි නොදන්නා දෙයකුත් තිබෙන්න පුලුවන්..
    බ්ලොග් දිවියට සුභ පැතුම් :)

    ReplyDelete
  3. ඔබේ විග්‍රහය හරි. සංස්කෘතිය කියා මවා ගත් මිථ්‍යාවක් නඩත්තු කරන්න අහිංසකයන්ගේ ජීවිතවලින් මිළ ඉල්ලන වියරු යුගයක් මේක.

    මේකෙ ඊළඟ අදියර ගැන පුවතක් අද w3lanka.comහි තිබෙනවා.

    ReplyDelete
  4. Phone එකේක නිරුවත් ජා්‍යාරූප සිද්ධිය ගැන මට කිසිදු කියන්න අමාරුයි. නමුත් අත්දැකීම් මත මම උපකල්පන කරන ගණනාවක් තියෙනවා. ඇතැම් විට එහිදී ඇයගේම හෝ එවැනි ජායාරූපයන් තියෙන්නට ඇති. නැත්නම් එය අතට අසු වුණු ගුරුවරිය ඇයට කරන ලදු තර්ජනය හේතුවෙන් නිසා එහෙම කරාද දන්නේ නෑ, අපේ රටවල තිබෙන අක්‍රමවත් ලිංගික අධ්‍යාපනයත් බටහිරයන්ටත් වඩා ඉස්මුතුනින් පිළිගන්න සිරිත නිසා මෙවැනි දේ පැතිරි යන ඒක ස්වාභාවිකයි වගේම තවමත් අපේ දරදඩු නිතී නිසා ඒ පීඩනයන් එක්ක මෙසේ ගැටෙනවා. මටත් මතකයි යෞවනයට වදනක් පොතක පාසැලට යෙනැවිත් බලන්න ගෙනා විට එහි ප්‍රජනන පද්ධතිය සිතුවම් කර තිබු අතර ඒ ගැන මාව විදුහල්පති ලඟටත් ගෙන ගියා මතකයි ( ඒත් මට කිසිවක් වුණේ නෑ ඔහු කාරණය තේරුම් ගත් නිසා. ඒත් එවකට 4වසරේ කොහේදෝ සිටි මගේ වෛද්‍ය විද්‍යාවට තිබි ඇල්ම අඩු වුණා ).

    අනිත් කාරනේ නම් සාමාන්‍යයෙන් නොකියනමුත් ප්‍රකට කාරණක්.

    ReplyDelete
  5. සරලව.. ඔය කියන පිංතූරයක් තිබුනා හෝ නැතා, විදුහල්පතිට ඒ ගැන තිබුනු අමාරුව මොකක්ද ? ඒ ළමයා ඒක බලෙන් අනිත් අයට පෙන්වන්න නොගියා නම් ?

    ReplyDelete
  6. සුපුන් මල්ලි, ඔයා කියන්නේ අවුරුදු 14 ළමයි porn බැලුවට කමක් නෑ කියලද?
    වැඩිහිටියෙක් මෙහෙම කිව්ව නං තව කමක් නෑ. තාම 18ක් වත් ඇටිකිච්චෙක්නෙ porn බැලිල්ල ළමා අයිතිවාසිකමක් කියල පෙළපාලි යන්න හදන්නෙ.
    porn බැලිල්ලයි ලිංගික අධ්‍යාපනයයි කියන්නෙ දෙකක් කියල තේරුම් ගත්තොත් හොඳයි.

    ReplyDelete