Thursday, July 30, 2009

මට මැරෙන්න ඕනි

මේ කාලේ පුරා ම මගේ ජීවිතේ වහගෙන ඉන්නෙ පුදුම මූසලකමක්... කාලකණ්ණිකමක්. ඇයි මං මේ විදිහට ජීවත් වෙන්නෙ.. වෙන කරන්න දෙයක් නැතිකමට. ඒත් මං හිතන්නෙ ඊට වඩා හොද නිර්වචනයක් ඒකට තියෙනව. මැරෙන්න තරම් කොන්දක් නැති කමට එහෙමත් නැත්තම් මැරෙන්න තියෙන බයට. ඒක තමයි ඒකට තියෙන ඇත්ත හේතුව. මේ කාලෙ ඇතුලත මට මැරෙන්න හිතුණ වාරවල් අනන්තයි. ඒත් ඒක එහෙම නොවුණෙ මම අන්තිම දුර්වල මනුස්ස ආත්මයක් නිසා. අඩුම තරම්න් වයස 13ක ළමයෙක්ට තියෙන හයියවත් මට නැහැ.

මේ තරම් කාලකණ්ණිකමක් ජීව්තේට එකතු වෙලා තියෙන්නෙ මගේ වැරුද්දකින්ද නැත්තම් ඒක සමාජෙ තියෙන ප‍්‍රශ්නයක්ද කියල කියන්න නම් මම දන්නෙ නැහැ. එක පැත්තකින් රස්සාවල් නැති ප‍්‍රශ්න තවත් පැත්තකින් කසාද බ`දින ප‍්‍රශ්න... ඒව තමයි වයසට ගිය අම්මල, තාත්තල ළමයින්ගෙ ඔ`එව ඇතුලට ගෙනත් දාන විෂබීජ... මට හිතෙන්නෙ හැමෝට ම තමන් ව අහිමි වෙලා.. වර්තමානයෙ මේ සමාජය ඇතුලෙ ජීවත් වෙන හැම මිනිහෙක්ට ම වෙලා තියෙන්නෙ ඒක. ඒක හරියට තේරුම්ගන්නෙ නැතුව පු`එවන් තරම් අනිත් මිනිහට වද දෙනව. පවුලක් ඇතුලෙ ගත්තම වැඩිහිටියො ළමයින්ටත්, පාසලක් ඇතුලෙත් නම් ගුරුවරු සිසුන්ටත්, ආදර සම්බන්ධයකදි ඔවුන් ඔවුනොවුන්ටත් වද දී ගනිමින් ඔවුන් තුළ තියෙන හිස්කම වහගන්න ද`ගලනවා. හැමෝම තමාගෙ ජීවිතය ගැන හොයනවට වඩා අනෙකාගෙ ජීවිතය හාර අවුස්සනව.. ඔවුන් වෙර දරන්නෙ අනෙකාගෙ ජීවිතය කොහෙම හරි තමාගේ බල අධිකාරියට නතු කර ගන්න.

ළමයෙක් වුණාම කීකරු වෙන්න ඕනි, අපි කියන විදිහට හැදුණ නම් ඔහොම වෙන් නෑ... මේ වගේ කථා මමත් මගේ ජීවිතේ පුරාම අහල ඇති. තාමත් නොකඩවා අහනව.. එතකොට මම කියන්නෙ කවුද මම ඒ අයගෙ වහල් සේවකයෙක්ද, මට කියල ජීවිතයක් නැද්ද, තාම මම ඒ ප‍්‍රශ්ණ එකකටවත් උත්තර දන්නෙ නෑ.. ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිත වල entertainment නැති නිසා එයාලාගේ කුණු වෙන ජීවිත වලට විනෝදයක් ගන්නෙ ළමයින්ගෙ ඔ`එ ඇතුලට රිංගල. ඒ අය හිතන්නෙ ළමයා ඉන්න ඕන එයාල කියන විදිහට කියල. ඒ අය තමයි ළමයාගෙ ජීවිතය හසුරුන්නේ. හැම වෙලේ ම යතුර තියෙන්නෙ එයාලගෙ අතේ. ලංකාවේ ජීවත් වෙන බොහෝ පවුල් වල ව්‍යුහය ඒකයි. ඒක තමයි ලංකාවෙ විදිය... ලංකාවෙ අනන්‍යතාවය.

මොන දේ කිව්වත් මමත් ඉන්නෙ මේ කාලකණ්ණි වෙච්ච ලෝකෙ ම නිසා මටත් මගේ ජීවිතේ වෙනස් කරගන්න පාරක් පේන්නේ නෑ. අනිත් එක මම දන්නෙ නැහැ සමාජය හො`දට තියෙද්දි මට ඒව වැරදියට පේන්නෙ මගේ ඔ`එවෙ ප‍්‍රශ්නයක් හින්දද කියලත්. ඒ මොනා වුණත් suicide කරගන්න තරම් හයියක් නැති නිසා ෙමි හැම දෙයක් ම තව දුරටත් බලාගෙන ඉන්නව හැරෙන්න මටත් වෙන කරන්න කිසි ම දෙයක් නෑ.

5 comments:

  1. මචං උඹ මන් ගැනද ලිව්වේ. ඒ තරමටම මන් හිතන විදහට සමානයි.

    ReplyDelete
  2. සහෝදරයා මමත් ඉන්නේ ඔය බෝට්ටුවෙමයි....
    මැරුනා කියලා විසදෙන්නෙත් නැති,
    ජීවත් උනා කියලා විසදනත් බැරි ප්‍රශ්න ජීවිතේට එනකොට කරන්න පුලුවන් එකම දෙය කාලයට ඉඩදෙන එක විතරයි.

    මටත් කරකියාගන්න දෙයක් නැතුව ලතවෙනවා.....
    විසදුමක් හම්බ උනොත් මටත් කියපන්..........

    ReplyDelete
  3. බලන් යනකොට අපි හැමෝම එකම බෝට්ටුවේ මචං.මම හිතුවා ඔය ප්‍රශ්නේ මට විතරක් තියෙන එකක් කියලා.
    විසදුමක් නම් ලැබෙයි කියලා හිතන්න අමාරුයි.ඒත් හැමෝගෙන්ම ඈත් වෙලා කවුරුත් නැති පළාතකට ගියොත් හරි යයි සමහර විට.දුපතකට වගේ නම් තවත් හොදයි.ඒත් ඊට පස්සේ තනිකම දැනෙයිද දන්නෑ.ඒකත් අවුලක් වෙනවා.
    හොදම දේ කෂ්ටිය එකතුවෙලා ගියානම් එළම තමයි.මඩොල් දුවේ වගේ..
    අපේම අපේම අපේ ලොවක්.....

    ReplyDelete
  4. මේව වෙනස් වෙන්න නං අපිම ඕවට ප්‍රතිරෝධයක් දක්‍වන්න ඕන නේද ?

    ReplyDelete