Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Friday, December 17, 2010

4 වෙනි Guitar කුප්පිය- RHYTHM Guitaristලට ආරම්භයක්........

                       හරි..අපි මුලින්ම බලමු Rhythm guitarist කෙනෙක් කියන්නෙ කවුද කියලා. Rhythm play කරන අය නම් දන්නවා ඇති,,,,Rhythm වාදනය කිරීම ඇත්තටම පසුබිම් වාදනයකට සමාන කරන්න පුලුවන්.ඒකෙදි සිද්ධ වෙන්නේ ගායනයට සහ ගීතයට අදාල chords ගිටාරය මගින් වාදනය කිරීමයි. Keyboard(organ) player කෙනෙක්ට වුනත් මේ chords play කරන්න පුලුවන්.නමුත් ගිටාරයකින් play කරද්දි ඒක ගීතයට අමුතු ගතියක් එක්කරනවා. ඇත්තටම box ගිටාර් එකකින් rhythm play කිරීම වඩාත් උචිත වෙන්නෙ acoustic play කරද්දි.ඒ කිව්වේ electronic instruments නැතුව play කරන අවස්ථා වලදි.නමුත් එහෙම සීමා කිරීමක් නම් නැහැ.මගේ අදහසක් ප්‍රකාශ කලේ.එහෙනම් කුප්පිය පටන් ගමු...

                   

                  අපි මුලින්ම බලමු basic guitar chords මොනවද කියලා.වෙන වෙනස් ගිටාර් chords ඉතා විශාල ප්‍රමාණයක් ලෝකයේ භාවිතා වෙනවා. Major chords, minor chords, seventh(7th) chords, sustained chords .... ඒ අතරින් ප්‍රසිද්ධ වර්ග කිහිපයක්. මේ හැම එකක්ම වෙන වෙනම ප්‍රගුණ කරන එක තමයි වඩා උචිත. ඒක නිසා අපි ආරම්භයක් විදියට major chords
ගැන පොඩ්ඩක් හදාරමු.පොඩ්ඩක් කිව්වට සම්පූර්ණයෙන්ම හදාරන්න වෙනවා. Major chords නැතුව මොන rhythm ද...

                  මේ විදියට guitar chord එකක් නිරූපණය කරනව නම්,,ඒක major chord එකක් විදියට අපි play කරන්න ඕනෙ.උදාහරණයක් විදිහට පල්ලෙහා image එක බලන්න.

                
               'Em', 'Bm' කියල සදහන් වෙන්නෙ minor chord එකක් play කරන්න ඕනෙ  කියලයි. ඒ ‍වගේම තමයි 'G7' කියන්නෙ7th chord එකක් play කරන්න ඕනෙ කියලයි.අනෙක් හැම වෙලාවෙම play කරන්නෙ major chords.හරි මම ඒ පැහැදිලි කරල දුන්නෙ major chord එකක් අදුරගන්න ආකාරය.
                ඊලගට තියෙන්නෙ, major chords ‍කීයද?,, ඒ මොනවද? කියල හදාරන එකයි. rhythm play කරද්දි major chords හතක්  පාවිච්චි කරනවා. ඒ තමයි ප්‍රධාන ස්වර හත. C, D, E, F, G, A, B. Keyboard එකක් play කරල තියෙන අය දන්නවා ඇති වෙනස් chords play කරන කොට ඇගිලි හසුරවන ආකාරයත්,,තබන ස්ථානයත් chord එකෙන් chord එකට මාරු වෙනවා. ඉතින් ගිටාරයෙත් ඒ වගේම තමා.ප්‍රශ්ණෙකට තියෙන්නෙ keyboard එකක chords අල්ලන එක ලේසි,,guitar එකක chords අල්ලන එක ටිකක් අමාරුයි. හැබැයි පුරුදු වුනාම නම් කෝකත් එකයි. :-D

                 එහෙනම් පල්ලෙහා images ටික බලන්න. major chords හතම පිළිවෙලට පෙන්නල තියෙනවා.


               C major

                 D major
               E major
              F major

              G major

              A major
              B major
                 හරි,,දැන් එහෙනම් කරන්න තියෙන්නෙ මේ chords ටික practice කරන එකයි.ඒකටත් උපදෙස් දෙන්නම්. මෙහෙමයි. සමහර chords play කරද්දි අපි ගිටාර් එකේ කම්බි හයම වාදනය කරන්නේ නැහැ. සමහර කම්බි අපි play කරන්නෙ නැහැ.උදාහරණයක් විදියට D major chord එක play කරන කොට අපි පාවිච්චි කරන්නේ 1,2,3 සහ 4 කම්බි විතරයි. ඒ වෙලාවට අනෙක් කම්බි දෙක (5 සහ 6) play කරන්නෙ නැහැ. නමුත් ඔබ ආධුනිකයෙක් නම් මුලින්ම කරන්න ඕනෙ අදාල ගිටාර් chord එක practice කරන එකයි. ඒක නිසා පළවෙනි කුප්පියෙන් මම ඒ දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔයගොල්ලන් කරන්න ඕනේ මේ chords වලට හුරු වෙන එක.ඒක නිසා කැමති නම් ගිටාර් chord එක අල්ලන ගමන් කම්බි හයම වුනත් play කරන්න.Chord එකට හුරුවුනාට පස්සෙ ඒ වැරදි හදාගන්න පුලුවන්.පල්ලෙහා image එකත් වැදගත් වෙයි මම හිතන්නෙ වම් අතින් chords අල්ලන අයට...



             
              මේක කියන තරම් නම් ලේසි නැති වෙන්න පුලුවන්. නමුත් පුහුණු වීම තමයි අවශ්‍ය. අවශ්‍ය නම් You tube එකේ තියෙන video tutorials වුනත් උපකාරී කර ගන්න. අලුතෙන් එකතු වෙන අය ඉන්නව නම් කලින් කුප්පි ටික බලල එන එක වඩා හොදයි. පළවෙනි කුප්පිය , දෙවෙනි කුප්පිය .

              හරි එහෙනම්..අදට කුප්පිය ඉවර කරන්නයි යන්නෙ. කුප්පියේ අඩුපාඩු, නොතේරෙන තැන් තියෙනවනම් සදහන් කරන්න. ඒ වගේම අදහසක් තියෙනවා,,මගේම කියලා video lessons මාලාවක් පටන් ගන්න. හැබැයි ටික කාලයක් ගත වෙයි වැඩේට. මම හිතනවා එහෙම කලොත් මේ වැඩේ ගොඩක් effective වෙයි කියල. ඒ ගැනත් අදහස් පල කරන්න.....Adiozzz............

7 comments:

තුසිත සම්පත් said...

මම ගිටාර් ගහන්න අලුත් නිසා ඔයා අලුත් කුප්පි දානකන් තමා බලන් හිටියෙ....එම නිසා මට නම් අඩුපාඩු හොයාගන්න දන්නේ නෑ...මොනවා වුනත් පාඩම් මාලව නම් වටිනවා ඇත්තටම......!!!!! :)
ගිටාර් එකක් අල්ලන්නවත් දන්නෙ නැතුව හිටිය මට ඔයාගේ බ්ලොග් එකේ පිහිට තමයි ඉතින්.....

ඔයා වීඩියෝ ලෙසන්ස් පටන් ගත්තොත් නම් එලම තමයි......පුලුවන්නම් ඒක කරන්න...ලොකු උදව්වක් වෙයි.......

ස්තුතියි......

Rajja said...

@ Thusitha Sampath : ගොඩක් සතුටුයි ඔබේ අදහස් වලට. වීඩියෝ ලෙසන්ස් වැඩේ ලගදීම පටන් ගන්නවා.ඒක මටත් අලුත් අත්දැකීමක් වේවි...ස්තුතියි ඔබෙ ප්‍රතිචාරයට..

Anonymous said...

ela machan digata karanda

Anonymous said...

ගොඩක්ම ගොඩක් වටිනවා මේ ලිපි පෙළ මට.මුකුත්ම දන්නේ නැතිව හිටිය මට දැන් ප්‍රැක්ටිස් කරන්න දෙයක් තියෙනවා.ස්තූතිය්

Anonymous said...

ආ කියන්න බැරි උනා.රිදම් (කෝඩ්ස්) ප්ලේ කරද්දී 4/4 වගේ තියෙන ඒවා ගැනත් ලියන්න පුලුවන්නම්.ස්තූතිය්

Unknown said...

pattay machan........

Shanaka said...

ලොකු උදව්වක් මචං

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates