Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Saturday, January 1, 2011

Box ගිටාරය ගැන වැරදි ආකල්ප - Physics වලින් පැහැදිලි කිරීමක්

             අලුත් අවුරුද්දකුත් ලබමින් තිබෙන මොහොතක තමයි අද post එක මම ලියන්නේ. අලුත් අවුරුද්දට දාන පළවෙනි post එක විදියට මම මේ මාතෘකාව තෝර ගත්තේ විශේෂ හේතූන් මත. Box ගිටාරයේ ක්‍රියාකාරීත්වය පිළිබදව ඔයගොල්ලන්ට කියල දෙන එක තමයි මේ post එකේ අරමුණ. යම් කිසි වැරදි අදහසක් තිබ්බ නම් ඒක නැති කරගන්නත් මේ ලිපිය ගොඩක් උදව් වේවි.ඒ වගේම තමයි ඔයගොල්ලන් දන්න කරුණු බෙදා හදා ගන්න කියලත් පාඨක ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

            හරි,, දැනට අපි දන්නවා box ගිටාරය කියන්නේ acoustic instrument එකක් කියලා. හැබැයි මතක තියාගන්න electric, semi- acoustic කියලත් ගිටාර් වර්ග තියෙනවා. හැබැයි ඕනම ගිටාරයක එකම මූලධර්මයක් තමයි පාවිච්චි වෙන්නේ. වෙනසකට තියෙන්නේ technology එක දියුණු වෙන කොට ගිටාරයත් ඊට අනුරූපව වෙනස් වුන එක විතරයි.




             අපි දන්නවා සාමාන්‍ය ගිටාරයක කම්බි 6ක් තියෙනවා. මේ කම්බි හය එකිනෙකට වෙනස්.ඒක නිසා තමයි strings හයේ sound එක එකිනෙකින් වෙනස් වෙන්නේ.මේක වෙන්නේ කොහොමද?


        අපි දැන් physics පොඩ්ඩක් ඉගෙන ගන්නයි යන්නේ.කම්මැලි නම් කියවන්නත් එපා.මම ඉතාම සරලව කෙටියෙන් කියලා දෙන්නම්.මේක තම තමන්ගේ දැනුම පොතට ගොඩක් වටින දෙයක් වේවි.ඒක නිසා කියවන්න.

        හරි,,මම කිව්වනේ කම්බි හයක් තියෙනවා කියලා. එතකොට මේ කම්බි හයේ sound එකත් වෙනස්.ඇත්තටම මේ sound එකේ වෙනස අපිට දැනෙන්නේ ඒ ඒ කම්බි වලට අදාල සංඛ්‍යාතයන් (frequency) වෙනස් නිසා. සරලව හිතාගන්න සංඛ්‍යාතය (frequency) කියන්නේ sound එක මොන වගේද කියල තීරණය කරන ගුණයක් කියලා. මේ දවස් වල TV එකේ යන reality shows වල කියන්නේ " ඔයාගේ pitch එක අවුට් යනවා කියලා" ඒ කියක්නෙත් ඔය සංඛ්‍යාතය (frequency)කියන අදහසම තමයි.

        දැන් පැහැදිලියි නේ එක string එකක sound එක තීරණය කරන්නේ frequency එක කියලා. එතකොට physics වලදි පැහැදිලි කරනවා ගිටාර් string එකක frequency එක තීරණය වෙන්නේ ප්‍රධාන සාධක තුනක් මත කියලා.

ඒ ටික තමයි;

                        1). කම්බියේ ආතතිය (Tension) - Tune කරනවා කියල කියන්නේ මෙන්න මේ tension එක වෙනස් කරන එකනෙ. අපි tuners( උඩ image එක බලන්න) කරකවද්දි  tension එක වෙනස් වෙනවා. එතකොට තමයි frequency එක වෙනස් වෙලා string එකේ sound එක වෙනස් වෙන්නේ.

                         2). කම්බිය කම්පනය වෙන දිග (Length) - අපි fret board (finger board) එක මත ඇගිලි තියලා string එකක් play කරන කොටයි , string එකක් open play කරන කොටයි ඇහෙන sound එක වෙනස් වෙන්නේ කම්බිය කම්පනය වෙන දිග අපි ඇගිලි තියෙන තැන අනුව වෙනස් වෙන නිසයි. කම්බියේ කම්පනය සිදු වෙන්නේ අපේ ඇගිලි සහ bridge එක අතර තියෙන කම්බි කොටසේ විතරයි.ඒ දිග තමයි අදාල frequency එක තීරණය කරන්නෙ.කම්බියේ දිග අඩු වෙන කොට frequency එක වැඩිවෙනවා.

                        3). කම්බියේ ඒකක දිගක ස්කන්ධය (Mass) - සරලවම කියනවනම් හිතන්න කම්බියකින් මීටරයක් දිග කොටසක් අරගෙන ඒකේ බර මැන්නා කියලා.අන්න ඒක තමයි ඒකක දිගක ස්කන්ධය කියන්නේ. එතකොට මේක කොහොමද ගිටාරයට බලපාන්නේ. ඇයි බලන්න ගිටාර් එකක කම්බි හයම එක වගේ නෙමෙයි නේද.ඒවායේ ඝනකම එකිනෙකට වෙනස්. ඔය ඒකක දිගක ස්කන්ධය  කියන එක වැඩි වෙන කොට frequency එක අඩු වෙනවා. ඒක නිසා තමයි 5 සහ 6 කම්බි (මහතම කම්බි දෙක) වලින් base sound එකක් එන්නෙ.


            ඉතින් ඔය කරුණු තමයි Box ගිටාර් එකක sound එක තීරණය කරන සාධක විදියට ප්‍රධාන වශයෙන් ගන්න පුලුවන්.





         හරි,,ඊළගට අපි බලමු Box guitar එකක box එකෙන් කෙරෙන කාර්යය මොකක්ද කියලා. මොකද වැරදි මතයක් තියෙනවා ගිටාර් එක play කරන කොට strings වල sound එක එන්නේ box එක හදලා තියෙන ලීය කම්පනය වෙලා කියලා.ඇත්තටම ඒ කම්පනය නම් අපිට ඇහෙන්නේ නැහැ. මොකද ලීය කම්පනය වෙලා එන sound එක අහන්න ඕනේ නම් box එකට අතින් තට්ටු කරන්න ඕනෙ. අන්න එතකොට ඇහෙන sound එක නම් ලීය කම්පනය වෙලා එන sound එක කියල කියන්න පුලුවන්. එහෙනම් ඇත්තටම මොකක්ද වෙන්නෙ ? ඇත්තටම මේක සිද්ධ වෙන්නේ box එක ඇතුලේ හිරවෙලා තියෙන වාතය කම්පනය වෙන නිසා.මේක නිසා තමයි electric guitars, amp එකකට සෙට් කරන්නේ නැතුව අපිට sound එක ලබා ගන්න බැරි.හේතුව පැහැදිලියි නේ.Electric guitars වල මේ වගේ වාතය හිර කරපු box  එකක් නැති වීම නිසයි එහෙම වෙන්නේ..බොහොම සරලයි.:-)


        සංගීතයේ එන ස්වර පිහිටලා තියෙන්නෙත් සංඛ්‍යාතය (frequency) යන සාධකයට අනුවයි. අපි සංඛ්‍යාතය මනින්නේ Hz (හර්ට්ස්) කියන ඒකකයෙන්. උදාහරණයක් වශයෙන් මධය "ස" ස්වරයේ(C) සංඛ්‍යාතය (frequency) 256 Hz වෙනවා. ඒ වගේම තමයි "රි" ස්වරය(D) 294 Hz වගේ වෙනවා. ගිටාර් එකේ වුනත් මේ ස්වර අපිට play කරන්න පුලුවන්. C major scale එක play කරද්දි උඩ සදහන් කරපු සංඛ්‍යාත ටික play වෙනවා. 

      අවසාන වශයෙන් තව කරුණක් කියන්නම්. ටිකක් හිතල බලන්න මෙන්න මේ විදියට. හිතන්න අපි මධ්‍ය "ස" (C)ස්වරය ගිටාරයෙන්, වයලීනයෙන් සහ පියානෝවනකින් play කරනවා කියලා. ඒ කියන්නේ අපිට ඇහෙන්නේ එකම සංඛ්‍යාතයෙන්(256 Hz) එන sound එකක්.ඒ වුනාට අපිට ඒ ශබ්ද තුන වෙන වෙනම වෙන් කරල හදුනගන්න පුලුවන් මේක වයලින් එක, මේක ගිටාර් එක , මේක පියානො එක කියලා.මේක සිද්ධ වෙන්නෙ කොහොමද? හේතුව තමයි වෙන වෙනස් සංගීත උපකරණ වලින් ඇතිවෙන තරංග වල හැඩය එකිනෙකට වෙනස් වෙන නිසා. ඒක නිසා එකම ස්වරය play කලත් මිනිස් කනට ඒ වෙනස අදුරගන්න පුලුවන්.

       හොදයි,,අලුත් අවුරුද්දත් ලැබුවා. සෑම සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා මේ post එකෙන් ඔයාලා යම් කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා.ඒ වගේම මෙතනදි නොකියවුනු ඔයාලා දන්න තව කරුණු තියෙනවනම් සදහන් කරන්න.Happy New Year.Adioz.....

9 comments:

Anonymous said...

really it's a good post

Asanka Udayanga said...

එල ඩිගටම ලියපන්....

Rajja said...

@ Anonymous and අසංක Asanka : thank you both..:-)

Rosantha said...

elaa machan thanks

තුසිත සම්පත් said...

ඉතාමත් හොද පොස්ට් එකක්.....ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!

Anonymous said...

niyamai,puluwan nam face book coment box ekakuth add karanna,,ethakota apata eken comnet danna puluwanne,,ano la vidiyata enna one na :P

C.D.Malindu said...

sthuthie yaluwa

Unknown said...

නියම ලිපියක්,..එළ,

Unknown said...

උඩ තියන string එකකින් යට තියනstring එකක ස්වරයක් play කරන්න පුළුවන් නේද..
ඒකත් පුලුවන්නම් තේරෙන විදියට ලිපියක් ලියන්න,.ලොකු හයියක්,.

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates