Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Saturday, January 8, 2011

How to buy your first guitar ? ආධුනිකයෙක් මොනවද දැන ගත යුත්තේ... ?

                
                  Guitar එක play කරන්න ඉගෙන ගන්න එක fun වැඩක් වගේම, සමහර විට ඒක ජීවිත කාලයටම රදා පවතින විනෝදාංශයක් බවටත් පත්වෙනවා. සමහරුන් දවසේ විඩාව නිවාගන්න කියල guitar එක play කරනවා. තවත් සමහර අය music band එකක guitar play කරනවා. සමහර අය විනෝදාංශයක් විදියට guitar එක play කරනවා( මං වගේ. ;-) ). නමුත් අපිට වාදන හැකියාව උපතින්ම පිහිටන්නේ නැහැනෙ. ඒක නිසා  ටිකක් කැපවීමෙන් මේක ඉගෙන ගන්න ඕනෙ. වැඩෙ ටිකක් අමාරුයි තමයි. ඒත් කැපවීමෙන් කළොත් නම් හිතන තරම් අමාරු නැහැ.:-)

                    Guitar කිව්වමත් දැන් එක එක ජාතියේ guitar තියෙනවනේ.මම කලින් ලිපියක් පල කලා කොහොමද තමන්ට ගැලපෙන ගිටාර් වර්ගය තෝරගන්නෙ කියලා. ඒක මෙතනින් ගිහිල්ලා කියවල එනවනම් වඩාත් හොදයි.මොකද ඒ ලිපිය තමයි blog එකේ ජනප්‍රියම ලිපිය වෙලා තියෙන්නෙ.අද ඒ ලිපියේ දෙවෙනි කොටස ලියන්නයි යන්නේ.
               එහෙනම් අපි guitar එකක් මිලදී ගැනීමේදි සැලකිය යුතු කරුණු එකින් එක පැහැදිලි කරගමු. ආධුනික අයට ව‍ගේම guitar play කරන අයටත් වැදගත් වෙන කරුණු මෙතනදි කියවෙයි.

1). Decide the guitar type you want to play.පළවෙනි දේ තමයි තමන්ට ගැලපෙන guitar වර්ගය තෝරගන්න එක.ප්‍රධානම දේ තමයි guitar එක acoustic ද electric ද කියල තීරණය කරන එක.මෙතනදි ඉහත ලිපියට අමතරව මම තව අමතර කාරණා ටිකක් එකතු කරන්නම්.



                   
                                                  
           


                    OR            




             මේ දෙන්නගේ වෙනස අපි හැමෝම දන්න සරල උදාහරණයකින් මම පෙන්වල දෙන්නම්.අපි හැමෝම වාහන ගැන දන්නවනේ. අපි වාහන ප්‍රධාන වශයෙන් වර්ග කරනවා manual සහ auto කියල.





        Manual                                                           Auto

        හරි..ඒ කියන්නේ මට acoustic guitar එකක් සමාන කරන්න පුලුවන් manual car එකකට. ඒ වගේම electric guitar එකක් සමාන කරන්න පුලුවන් auto gear තියෙන car එකකට. Acoustic guitar එකකින් පුරුදු වෙනව කියන්නේ මුලදි ටිකක් අමාරු වැඩක්.හැබැයි එහෙම පුරුදු වෙන කෙනාට electric guitar එක දෙයක් නැහැ.හැබැයි electric එකකින් පුරුදු වුන කෙනෙක්ට acoustic guitar එකක් හැසිරවීම ටිකක් විතර අමාරුයි. හරියට auto gear වාහන එලවන අයට manual එකක් එලවන්න දුන්න වගේ තමයි. හැබැයි acoustic guitar එකකට වඩා electric guitar එකක effects වැඩියි. ඒ වගේම තමයි මිලෙනුත් අධිකයි.

2).Determine the budget. ගිටාර් එක වෙනුවෙන් තමන්ට කීයක් වැය කරන්න පුලුවන්ද ? මේක ඉතින් ඉතින් තම තමන්ගේ ආර්ථික තත්වය මත තමයි. හැබැයි ආධුනිකයෙක් තමන්ගේ පළවෙනි guitar එක විදියට ඉතා මිල අධික සුපිරි ගිටාරයක් මිලදී ගැනීම නම් අනවශ්‍ය දෙයක්.මොකද guitar එකේ brand එක හොද වුන පමණින් වත් , එහි මිල වැඩිවුන පමණින් වත් අපිට කියන්න බැහැ හොද guitarist කෙනෙක් වෙන්න පුලුවන් කියල. ඒක නිසා practice කරන්න පුලුවන් මට්ටමේ guitar එකක් ගත්තොත් හොදටම ඇති.Second hand එකක් වුනත් හොදට හොයල බලලා ගන්න පුලුවන් නම් වඩාත් හොදයි.දැන් කාලෙ නම් රු:6000-7000 අතර හොද acoustic ගිටාර් එකක් මිලට ගන්න පුලුවන්.

3). Research about guitars. තමන් අදුරන කෙනෙක් guitar එකක් play කරනවනම් එයාගෙන් අහල බලන්න ගිටාර් වල විස්තර.හොද guitar brands මොනවද , හොද guitar shops තියෙන්නේ කොහෙද කියන විස්තර ගැන ටිකක් හොයල බැලුවොත් වඩාත් හොදයි. එක පාරම කඩේකට ගිහිල්ල තමන්ට ලස්සනයි කියල හිතෙන ගිටාර් එක මිලට ගන්න නම් එපා. සමහරුන්ට ගිටාර් එක ලස්සනට තියෙනවනම් වෙන මුකුත් ඕනෙ නැහැ.එහෙම වෙන්නෙ නැතුව දන්න කෙනෙක්ගෙන් අහල බලන්න.

4). Shopping පාරක් දාන්න. මම කිව්ව වගේ ගෙවල් ලගම තියෙන shop එකට ගිහිල්ලා ලස්සනම ගිටාර් එක මිලට ගන්න එපා. Guitar play කරන යාලුවෙක් ඉන්නවනම් එයත් එක්ක කඩවල් කිහිපයකට ගිහිල්ලා මිල ගණන් සසදලා බලන්න. හැමතිස්සෙම මිලට ගන්න කලින් guitar එක play කරන්න. සමහර විට ආධුනිකයෙක්ට ගිටාර් එකක තියෙන අඩුපාඩු නොපෙනෙන්න පුලුවන්.ඒක නිසයි මම කිව්වේ යාලුවෙක්ව එක්කගෙන යන්න කියලා. එයාට අර අඩුපාඩු අහු වෙන්න පුලුවන්.

5). Guitar එකක් check කරන්න කලින් බලන්න guitar එකේ standard tuning තියෙනවද කියලා.කොච්චර හොද guitar එකක් වුනත් tune නැත්තම් මෙලෝ වැඩක් නැහැ.

6).Feel the guitar. Shop එකේ තියෙන ගිටාර් කිහිපයක් අරගෙන play කරල බලන්න. වාඩිවෙලා play කරනවා වගේම හිටගෙනත් play කරල බලන්න. මොකද ගත්තට පස්සේ අයින් කරල දාන්න බැහැනෙ.ඒක නිසා තමන්ගේ අත් වලට, ඇගට දැනෙන ගිටාර් එකක් තෝරගන්න උත්සහ කරන්න.

7).Check for fret buzzes or odd noises in strings.ගිටාර් එකේ වැගත්ම කොටස් තමයි strings සහ fretboard එක කියන කොටස්.සමහර වෙලාවට ගිටාර් එකේ කම්බි fret board එකේ ගෑවෙන නිසා අමිහිරි, ගැලපෙන්නෙ නැති සද්ද ඇතිවෙන්න පුලුවන්.මේවට කියන්නේ fret buzzes කියලා.මේක check කරන්න පුලුවන් පල්ලෙහා image එකේ විදියට ඇගිල්ල තියලා string එක play කරලා.




               මේක ගොඩක් වෙලාවට ඇතිවෙන්නේ මහත කම්බි වල. ඒක නිසා 4,5,6 කියන කම්බි ටිකවත් check කරන්න පුලුවන්නම් වඩා හොදයි. එහෙම අවුලක් තියෙනව නම් කඩේට කියන්න ඒක හදල දෙන්න කියලා. මොකද bridge එක කියන කොටසින් මේ වැරැද්ද හදන්න පුලුවන්.එහෙම හදන්න බැරි නම් ඒ ගිටාර් එක මිලදී ගන්න එපා.Bridge එකෙන් කරන්නේ strings සහ fret board එක අතර තියෙන පරතරය වෙනස් කරන එක.ඒක නිසා බොහෝ දුරට මේ වැරැද්ද හදාගන්න පුලුවන්. හැබැයි strings සහ fret board එක අතර තියෙන පරතරය ගොඩක් වැඩි වෙන්නත් හොද නැහැ. එහෙම වුනොත් play කරන්න අමාරු වෙනවා. මොකද අපිට එ‍තකොට ඇගිලි වලින් වැඩි බලයක් යොදන්න වෙන නිසා.

7). Ask for a warranty. Warranty එකට අමතරව තව බලන්න ඕන දේවල් තියෙනවා.හැමතිස්සේම බලන්න ගිටාර් එකේ තියෙන්නේ අලුත් strings ද කියලා. මොකද හුගක් තැන්වල තියෙන්නේ ගිටාර් එකේ මුලින්ම තිබ්බ factory strings ටික. ඒව සමහර විට මලකඩ කාපු තත්වයෙන් බාල කම්බි වෙන්න පුලුවන්.ඒක නිසා එක්කො අලුත් strings set එකක් මිලට ගන්න. අලුත් acoustic strings set එකක් රු:250 කට වගේ මිලට ගන්න පුලුවන්. ඒ ‍වගේම guitar bag එකකුත් මිලට ගන්න පුලුවන්නම් හොදයි.ඒ වගේම තමයි ඔබ ආධුනිකයෙක් නම් guitar tuner එකක් මිලදී ගැනීම ගොඩක් වැදගත් දෙයක්.වැඩිපුර මුදලක් වැයකරන්න පුලුවන් නම් electronic guitar tuner එකකුත් අරගන්න.

              මේ කරුණු ටික තමයි පොදුවෙ කියන්න තියෙන්නේ. තව අමතර දෙයක් මේකට එකතු කරන්න තියෙනව නම් සදහන් කරන්න. ඔබේ අදහස් ගොඩක් වටිනවා.Electric guitar එකක් ගන්න කොට නම් මීට වඩා හොයල බලන්න ඕන කරුණු ගොඩක් තියෙනවා. ඒක තව ලිපියකින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම මෑතකදී එවැනි අත්දැකීමයට මුහුණ දුන්න නිසා. අදට මේ ලිපිය මෙතනින් ඉවරකරනවා.ඒ වගේම අවසාන වශයෙන් මට Google කරද්දි හම්බවුන video එකක් මේ ලිපියට ඇතුලත් කරල තියෙනවා. දැනට තියෙන ප්‍රධාන ගිටාර් වර්ග ගැන පොඩි අදහසක් ගන්න මේක වැගත් වේවි. Adioz....




8 comments:

Kanishka said...

nice post machan. by the way don't allow spam comments :)

Malith said...

හොද පෝස්ට් එකක් මචං දිගටම ලියන්න

Rajja said...

@ Kanishka | කණියා : thnx machn..I removed it.

@ Malith : ස්තුතියි ඔබට...

තුසිත සම්පත් said...

කොච්චර වටිනවද?......... :)
ස්තුතියි සහෝදරයා...... :p

Rosantha said...

Thanks machan

Rajja said...

@ Thusitha Sampath : ඇත්තටම කීයක් වටිනවද ? :-P

@ Rosantha : u r welcome :-)

තුසිත සම්පත් said...

@රජිත randeepa : අනේ මන්දා... :D වහාම තක්සේරැකරැවතකු ලවා තක්සේරැ කර කියන්නම් .....

Unknown said...

ගොඩක් වටිනවා ඔයාගේ අදහස් ටික.දිගට ම ලියන්න ...බුදු සරණයි

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates