Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Sunday, January 9, 2011

Strings කඩාගන්නෙ නැතුව Guitar එක TUNE කරගන්න ක්‍රමයක්......

                    සමහර විට ඔබ ආධුනිකයෙක් නම් ඔබටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඇති.Tune කරන්න ගිහිල්ල මගේ අතිනුත් strings කැඩිලා තියෙනවා. විශේෂයෙන්ම E 1st එකයි, B 2nd එකයි. ඒ කිව්වෙ සිහින්ම කම්බි දෙක. 



                  මම කලින් ලිපි වලදි පැහැදිලි කලා guitar එක tune කරන ආකාරය ගැන. ඒ ලිපි කියවපු නැති අය ඒ අදාල ලිපි කැමති නම් කියවලා එන්න. 


                                1 වෙනි ලිපිය                                                  2වෙනි ලිපිය

              අද මම පැහැදිලි කරල දෙන්නේ guitar tuning software එකක් ගැන. මේක ගැන මාව දැනුවත් කලේ බ්ලොග් එක කියවපු කෙනෙක්. එයාගේ නම සදහන් කරල තිබ්බෙ නැහැ.කොහොම වුනත් ඒ පුද්ගලයට ගොඩක් ස්තූති කරනවා ඒ පිළිබදව දැනුවත් කිරීම පිළීබදව. මේක අපේ computer එකට download කරගෙන අපිට පාවිච්චි කරන්න පුලුවන් software එකක්.පල්ලෙහා තියෙන්නේ software එකේ screen shot එකක්.


Machine requirements for running AP Tuner :-

Desktop or laptop running windows (any version)

Microphone

           මම මෙතනදි laptop කියල දැම්මෙ විශේෂ හේතුවක් උඩ.දැන් බොහොමයක් laptops වල inbuilt microphone එකක් තියෙනවනෙ. එතකොට අපිට external mic එකක් ඕන වෙන්නෙ නැහැ. Quality එක අඩු වුනත් tune කරගන්න වැඩේට inbuilt mic එක ගැලපෙනවා.

      එහෙනම් software එක මෙතනින් download කරගන්න. නැත්තම් පහල link එකෙන් ගිහින් download කරගන්න.

                                     http://www.aptuner.com/cgi-bin/aptuner/apmain.html

        1.3 MB setup file එකක් නිසා වැඩි වෙලාවක් යන එකක් නැහැ.Software එක install කරාට පස්සේ පල්ලෙහා තියෙන උපදෙස් අනුව කලොත් පහසුවෙන් guitar එක tune කරගන්න පුලවන්.

1). Select a silent place to tune the guitar. වටපිටාවෙ ශබ්ද තිබුනොත් software එකෙන් ඒවත් display කරනවා. ඒක නිසා silent තැනක් තෝරගන්න.ඇත්තම කියනවනම් එහා ගෙදර බල්ලා බුරන එකත් software එකෙන් පෙන්නනවා.;-)

2).Use a guitar pick to pluck strings. Pick එකක් use කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. එතකොට sharp sound එකක් එන නිසා වැඩේ කරන්න පහසුයි.

3). Start tuning from the 6th string to 1st string. මහතම කම්බියේ ඉදන් පිළිවෙලට සිහින්ම කම්බිය දක්වා tune කරගෙන යන්න.

4). Be careful when tuning smallest strings. විශේෂයෙන්ම E 1st & B 2nd strings දෙක ටියුන් කරන කොට මුහුණ ගිටාර් එකෙන් ඉවතට කරල තියාගන්න. කම්බිය බැරි වෙලාවත් කැඩුනොත් අපේ ඇස් වලට අනතුරක් වීමේ හැකියාවක් තියෙන නිසා.

    මම මහතම කම්බිය ( 6th string) software එකෙන් tune කරන හැටි පැහැදිලි කරන්නම්. ඒ ආකාරයටම අනෙක් කම්බි ටිකත් tune කර ගන්න.
   
       ‍මේකෙදි කරන්නේ open strings tune කරන එක.ඒක නිසා අපිට fret board එක මත ඇගිලි තියන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. අදාල string එක දකුණතින් pick එකකින් play කරන ගමන්, වම් අතින් tuning peg එක කරකවලා බලන්න software එකේ පෙන්නන note එක standard tuning වලට අදාල tone එකද කියලා.පල්ලෙහා image එක බලන්න.

මේ තියෙන්නේ මහතම string (E 6th string) එක standard tune කලාම software එක පෙන්නන විදිය.



           රතු පාටින් දක්වල තියෙන ස්ථාන ගැන තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනෙ.

   "E2" කියල තියෙන්නේ අපි play කරන string එකේ note එක.කම්බිh tune කරද්දි මේක වෙනස් වෙනවා. standard tuning වෙන්න නම් අපි 6වෙනි කම්බිය, "E2" කියන note එක software එක පෙන්නනකම් tune කරන්න ඕනෙ.මෙතනදි "E2" කියල සදහන් වෙනවා. මේ "2" කියන එකෙන් කියවෙන්නේ කීවෙනි octave එකද කියලා. මොකද standard tuning වලදි 6 වෙනි string එකට එන්නේ base tone එකක්නෙ.

  "Cents" කියන එක අදාල වෙන්නේ fine tuning කරද්දි. මුලින්ම කරන්න ඕනෙ E2 කියන note එක software එක පෙන්නනකම් tune කරන එක.ඊට පස්සේ fine tune කරන්න. පෙන්නල තියෙන කටුව "0" ටම ගන්න නම් ටිකක් අමාරුයි. ඒක නිසා + හෝ  -  5ක වෙනසක් තිබ්බත් ඇති.

     Image එකේ දකුණු පැත්තේ තියෙන්නේ strings හයට අදාල notes ටික.අපි tune කරන කම්බිය හරියට tune වුනාම ඒ කම්බියට අදාල note එක නිල් පාටින් highlight වෙනවා. ඒ කියන්නේ අපි පස්වෙනි කම්බිය හරියට ටියුන් කලොත් "A2" කියන එක නිල් පාටින් highlight වෙන්න ඕනෙ.

හරියට ටියුන් කලොත් ;

6 වෙනි strings එක   -  E2
5 වෙනි strings එක   -  A2
4 වෙනි strings එක   -  D3
3 වෙනි strings එක   -  G3
2 වෙනි strings එක   -  B3
1 වෙනි strings එක   -  E4   කියල software එක පෙන්නනයි. උත්සහ කරල බලන්න. ඒ වගේම තමයි කියන්න ඕනෙ අපි use කරන්නේ බොහෝ දුරට handmade guitars. ඒක නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. 100% හරියටම tune කරලත්, ටික වෙලා‍වකින් ආයෙත් check කලාම ‍tuning පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා. අමතරව මේ ක්‍රමයෙන් කරද්දි strings කැඩෙන්න තියෙන හැකියාව ඉතා අවමයි. එහෙනම් හැමෝම try කරල බලන්න.Good Luck.....

10 comments:

ගිශාන් said...

මෙන්න තවත් software එකක්. කැමති අය බාගන්න.
http://freesofthut.blogspot.com/2010/09/pitch-perfect-musical-instrument-tuner.html

Rajja said...

@ ගිශාන් : thnx machn..

තුසිත සම්පත් said...

thank you

Anonymous said...

mama tune karala baluw ela danne nati ayata godak watinawa

Rajja said...

@ Thusitha Sampath & Anonymous : Good to here u guys,,good luck :-)

Rosantha said...

thanks machan math hariyata tune karaganda danne natuwa hitiye

Rajja said...

@ Rosantha : Glad it works..U r welcome bro..

Anonymous said...

ගොඩාක් ස්තූතියි සොෆ්ට්වෙයා එකට,මම පාවච්චි කලේ ඔන්ලයින් ටියුනර් එකක්..
මේක නිසා දැන් තවත් පහසුයි.අද තමයි බ්ලොග් එක දැක්කේ,වැඩේ නියමයි දිගටම කරගෙන යමු.
ඔබට ජය!!

Anonymous said...

mama guitar play karanna patan gaththe lagadi. mama oyage kuppi tika kiyawagena yanawa. mama godak dewal danagaththa. thanks lot machan.good work.good luck.

Anonymous said...

This post is so informative and makes a very nice image on the topic in my mind. It is the first time I visit your blog, but I was extremely impressed. Keep posting as I am gonna come to read it everyday! beginners guiter

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates