Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Tuesday, January 18, 2011

2වෙනි VIDEO TUTORIAL එක - Improvising fret board......


                  අද මම දෙවෙනි video lesson එක ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ. මගේ පළවෙනි lesson එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. ඒක නිසාම දෙවෙනි lesson එකත් ඉක්මනට ඉදිරිපත් කරන්න තීරණය කලා. පළවෙනි lesson එක බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් lesson එක බලල එන්න. ඒ lesson එක විශේෂයෙන්ම ආධුනිකයන්ට හදපු lesson එකක්. ඒක නිසා මේ lesson එකට කලින් 1වෙනි lesson එක කියවල එන්න.

                 ඒ වගේම තමයි මම blog එකට සම්බන්ධව Face book Fan Page එකක් හැදුවා. කට්ටියට පුලුවන් නම් මෙතනින් ගිහින් ඒකට "like" එකක් දාලා එන්න. ඒ වගේම තමයි පුලුවන්නම් තම තමන්ගේ යාලුවන්ටත් page එක suggest කරලා invitations යවන්න.

                හරි,,එහෙනම් දැන් lesson එක පටන් ගමු.1වෙනි lesson එකේ විදියට practice කරපු අයට දැන් ටිකක් ඇගිලි හුරු ඇති කියලා මම හිතනවා. අපි 1වෙනි lesson එකේදි කලේ 6වෙනි string එකේ 1->2->3->4->1->2->3->4 කියන frets රටාව play කරපු එක. අද අපි ඒ අභ්‍යාසය ටිකක් වෙනස් කරලා යම් කිසි රටාවකට fret board එකේ පල්ලෙහාටයි, උඩටයි practice කරන්නයි යන්නේ. ‍කලින් අභ්‍යාසයේ අපි play කලේ 6වෙනි string එක විතරයි. නමුත් අද පාඩමේදි strings හයම play කරනවා. ඒක නිසා ටිකක් විතර මුලදි අමාරු වෙයි.
              පල්ලෙහා image එකේ තියෙන්නේ අද අපි practice කරන්න යන රටාව තමයි. මම මේක කලින් ලිපියකදිත් පල කරල තියෙනවා.
              මුලින්ම මම මේ රටාව fret board එකේ පල්ලෙහාට play කරනවා. ඒකට අදාලව videos 2ක් තියෙනවා. පළවෙනි එකේදි  වේගය අඩු කරලා play කරනවා. දෙවෙනි video එකේදි වේගය ටිකක් වැඩි කරනවා. ඒ වගේම තමයි මතක තියාගන්න මේකෙදි වැදගත් වෙන්නේ වේගය නෙමෙයි. Accuracy එක. අපි අල්ලන හැම note එකක්ම හරියට play කරන එක තමයි ප්‍රගුණ කරන්න ඕනෙ.වේගය කියන එක කාලයත් සමග දියුණු වෙන දෙයක් නිසා ඉවසීමෙන් practice කරන්න. 

           ඊට පස්සේ මම මේ රටාව fret board එකේ පල්ලෙහා ඉදන් උඩට play කරනවා. මේක ටිකක් විතර මුලදි අමාරු වෙයි. මීට අදාලවත් videos 2ක් තියෙනවා. කලින් විදියටම දෙවෙනි video එකේදි වේගය වැඩි කරනවා.මුලින් හිමින් play කරන්න.පස්සේ වේගය වැඩි කරන්න.එතකොට මේ වැඩේ සාර්ථකව කරගන්න පුලුවන්.

             අන්තිමට‍ම මේ කොටස් දෙකම එකතු කරලා පල්ලෙහට සහ උඩට play කරනවා. මේ අභ්‍යාස මාලාවේ අවසන් ප්‍රතිඵලය තමයි අන්තිම video එකේ තියෙන්නේ. බලන්න තම තමන්ට මේ අභ්‍යාස මාලාවේ final result එක ලබාගන්න පුලුවන් වුනාද කියලා.:-)

සැ.යු. : Guitar pick එකක් භාවිතා කරන ආකාරය දැන සිටීම ඔබට පහසුවක් වේවි. ඒක නිසා 1වෙනි lesson එක කියවපු නැති අය ඉන්නවනම් ඒ ලිපිය කියවලා එන්න. මේ සම්බන්ධව video එකක් 1වෙනි lesson එකේ අන්තර්ගතයි.



PART 1 - PLAY DOWNWARDS _ SLOW




PART 2 - PLAY DOWNWARDS _ FAST




PART 3 - PLAY UPWARDS _ SLOW




PART 4 - PLAY UPWARDS _ FAST




FINAL RESULT....





                                         ඒ වගේම තමයි මේ ලිපියෙන් fingering exercises කියන ‍කොටස අවසාන වෙනවා. මේ පාඩම් මාලවේ මූලික අරමුණ වුනේ අපේ ඇගිලි fret board එකට හුරුකරගන්න එකයි. ඊට පස්සේ ඉතා වැදගත් අභ්‍යාස මාලාවක්  පටන් ගන්නවා. ඒ තමයි guitar scales සහ strumming patterns සම්බන්ධව කරගෙන යන අභ්‍යාස මාලාව.Guitar scales කියන්නේ ඕනම guitarist කෙනෙක් ප්‍රගුණ කල යුතු කොටසක්. මේක ආධුනික අයට Guitar එක ගැන ඉගෙන ගන්න ලැබෙන වටිනාම අවස්ථාවක්. මේ ගැන වැඩි විස්තර ඉස්සරහට පල කරන්නම්. ඒ කොටසට යන්න කලින් මට අවශ්‍ය වුනේ fret board එකට අත් වල ඇගිලි හුරු කරන එක. ඒක නිසා තමයි guitar scales සහ තවත් කොටස් ඉගෙන ගන්න කලින් මේ අභ්‍යාස ටික කියල දුන්නේ. එහෙනම් guitar scales සම්බන්ධ අභ්‍යාස මාලාවෙන් හමුවෙනකන් මේ exercises ටික කරල ලෑස්ති වෙලා ඉන්න.:-) Good Luck.....

12 comments:

Madhawa said...

ela ela...digatama karagena yamu..:D

තුසිත සම්පත් said...

Face book Fan Page එතටත් like එකක් දැම්මා...
යාලුවන්ටත් page එක suggest කලා...
දැන් ඉතින් පුලුවන් වේලාවට practice නරන්න තමයි තියෙන්නේ...! :)

තරංග​ගේ බ්ලොග් පිටුව said...

දැන් නමි ගේමක් නැහැ වගේ නමුත් practic කරන්න තමා තියෙන්නේ...ස්තුතිය ඔබට

Anonymous said...

thank you brother

Unknown said...

what is fret board ? i am really really new to this

Unknown said...

lesson 3 ?

Unknown said...

plz me blog eka update karanawada frnd.mama wade patan gtta dan maga hitala.

Unknown said...

superb dear............its very useful

Unknown said...

thanq sooooo much...

Unknown said...

Good. Digatama karagena yanna.

සහන් කල්පන said...

thankzz brother

Unknown said...

Niyamaii superr...

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates