Thursday, July 7, 2011

වික්ටර් අයිවන් ජනාධිපතිවරයාට යැවියයුතු රහස්‍යය වාර්ථාවක් වැරදීමකින් රාවයේ පලවේ.

වික්ටර් අයිවන් නැමති රජයේ නිළ නොලත්  උපදේශකවරයා විසින් රජය වෙත යැවිය යුතු රහස්‍ය වාර්ථාවක් වැරදීමකින් තම හිමිකරීත්වයේ ඇති රාවය පුවත්පතේ පලකෙරී ඇති බව රාවය ආරංච් මාර්ග සඳහන් කරයි.2011 ජූලි මස තුන්වන දින "විදේශ ආයෝජකයන්ට ඉඩම් විකිනීම හා සංචාරක කර්මන්තය" නමින් රාවය පුවත්පතේ පළකොට ඇත්තේ මෙම වර්ථාවයි.එම වාර්ථාවෙන් උපුටා ගත් ඡේදයක් පහත දැක්වේ. 

"ලංකාවේ ඇතිවූ සිංහල දෙමළ කැරලි දෙකටද සංචාරක වැදගත්කමක් ලබාදිය හැකිය. ප්රභාකරන් ජීවත් වූ නිවස හෝ එවැනි  ‍‍ෙඑෟථිසික වැදගත්කමක් ඇති ස්ථානයක් මුල් කොටගෙන හොඳ කෞතුකාගාරයක් ඇති කළ හැකිය.ඔවුන්ගෙන් අල්ලාගත්  ආයුධ වෙනත් උපකරනද ,ඔවුන් ගැන ලියවී ඇති පොත්පත් හා පරීකෂණ වාර්තා හා ඡායාරූපද ඇතුලත් කොට සංචාරකයන්ගේ උනන්දුවට හේතුවන කෞතුකාගාරයක් ඉදිකල හැකිය.දෙවැනි කැරැල්ලේදී විජේවීර සැඟවී සිටි නිවස පදනම් කොටගෙන ඔවුන්ගේ කැරලිදෙක පිලිබඳව වැදගත් දේවල් ඇතුලත් හොඳ කෞතුකාගරයක් ඇතිකල හැකිය. මගින් එවැනි සිද්ධීන් රටට ආදායම් උපයන මාර්ගයක් බවට පත්කරනවාට අමතරව ‍ ‍   ‍‍ෙඑෟථිසික  වැදගත්කමක් ඇති එම සිද්ධීන්ගේ වැදගත් මතක සටහන් අනගත පරපුරේ ප්රයෝජනය පිණිස ආරක්ෂා කිරීමක්ද සිදුවේ"

රාවය පුවත්පතේ කටයුතුකරන ලේඛකයකු මෙම ලියුම්කරු හමුවේ සඳහන් කලේ වික්ටර් අයිවන් මුදලාලි විසින් කරන දෙපිටකාට්ටු වැඩ නිසා විකල්ප මත ඉදිරිපත් කිරීමෙන් මෙතෙක් කලක් පුවත්පත් කෙරෙහි විස්වසය තැබූ විශාල පඨකයින් පිරිසක් මෙවන විට පුවත්පතෙන් ඈත්ව ගොස් ඇති බවයි.පුවත්පතේ සේවය කරන ලේඛකයන්ගේ අදහස් ගැන කිසිදු අවදානයක් යොමු නොකර  හිතුවකාරී ලෙස පුවත්පතේ ඉඩ වෙන්කර ගනිමින් තම මනස්ගාත අදහස් පාඨකයින්ට ඉදිරිපත් කිරීමෙන් වලකින ලෙස තමන් බොහෝ අවතාවල ඉල්ලාසිටි බව ලෙඛකයා සඳහන් කලේය.

මෙම ලේඛකයා තවදුරටත් සඳහන් කලේ ඉඩ ලබා ගැනීමට නොහැකිවීම නිසා මෙම වාර්ථාවේ බොහෝ කොටස් පුවත්පතේ පළ කිරීමට නොහැකි වූ බවයි.දුටුගැමුනු රජතුමා එළාරට සැලකූලෙස ප්‍රභාකරන් වෙනුවෙන් ඉදිකරන කෞතුකාගාරය අසල එළාර වෙනුවෙන් සෑයක් බන්ඳවන ලෙසත් ඒ අසලින් ගමන්කරන ජනතාවට සෑය අසලින් යනවිට වාහනවලින් බැස සෑයට ගෞරව දක්වා යන ලෙස නියම කිරීමෙන් ජනාධිපතිතුමගේ හා සිංහල ජාතියේ ශේෂ්ඨත්වය ලෝකයාට පෙන්වාදිය හැකි බවත් ප්‍රභාකරන්ගේ මවගේ සොහොනට  බලුකුනු දැමීම වැනි සිංහලයගේ යථා ස්වභාවය තව අවුරුදු දෙදහසකින් මහාවංශය කියවන පාඨකයින්ගෙන්වත් වසන්කිරීමට එමගින් අවස්ථාව ලැබෙන බවත් එම වාර්ථාවේ සඳහන් වූ බවයි.

 රාවය පුවත්පත තුල තවදුරටත් විකල්ප අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී ඇත්තේ වික්ටර් අයිවන් මුදලාලිගේ ප්‍රගතීශීලී බව නිසා නොව ඉල්ලුමට කලයුතු  සැපයුම නිසා බවත් 'දිවයින' හෝ 'සිළුමින' වර්ගයේ පුවත් විකිනීමෙන් 'රාවය' පවත්වා ගත නොහැකි බවත් ලෙඛකයාගේ අදහස විය.       

2 comments:

Mahesh said...

වික්ටර් අයිවන් කියන්නෙ ව්‍යාපාරිකයෙක් තමයි

Anonymous said...

ඇත්තටම මචං දුටුගැමුනු එලාර යුද්දෙදිත් මොනව උනාද කවුද දන්නෙ.මොකෝ බෑන්කි මූන්ල චැනල් 4ල ඒ දවස්වල හිටියයැ