WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

1/21/2011

යුගයක අවසානය ...

ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්, 2011 ලෝක කුසලානයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද නිලවශයෙන් මාධ්‍යය හමුවේ පවසා සිටීය. 38 හැවිරිදි මුරලි පසුගිය ජූලි මසදී ටෙස්ට් පිටියෙන් සමුගත් අතර, තවදුරටත් පන්දුවාර 50 හා T20 තරඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම තම අපේක්ෂාව බව පැවසීය.

"මේ ලෝක කුසලාන තරඟාවලිය මම ජාත්‍යන්තර පිටියේ තරඟ වදින අවසාන තරඟාවලිය වේවි. සමුගැනීමට කාලය දැන් එළඹිල තියෙන්නෙ. තව වසර දෙකක් IPL තරඟාවලිය ක්‍රීඩාකිරීමට මම ගිවිසුම් අත්සන් කරල තිබෙන්නෙ. තව නවසීලන්තයේ හා එංගලන්ත ප්‍රාන්ත තරඟාවලි ක්‍රීඩාකිරීමටත් බලාපොරොත්තුවක් තියෙනවා."

1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමෙන් මේවනවිට කණ්ඩායමේ සිටින එකම ක්‍රීඩකයාවන මුරලි, 2011 දී සිය සිව්වන ලෝක කුසලාන තරඟාවලියට සහභාගිවීමට බලාපොරොත්තුවෙයි.


මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මුරලි, එහි ක්‍රිකට් පුහුණුකරු වූ සුනිල් ප්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රිකට් අත්පොත් තැබීය. මේවන විට එක්දින ජාත්‍යන්තර තරඟ 339 කට ක්‍රීඩාකර ඇති මුරලි, එහිදී කඬුළු 517 ක් බිඳ දමමින්, එක්දින තරඟවල වැඩිම කඬුළු ලාභියා ලෙස වැජබෙයි. එහිදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ඉන්දියාවට එරෙහිව ලකුණු 30 කට කඬුළු 7ක් දවා ගැනීමයි. මීට අමතරව T20 ජාත්‍යන්තර තරඟ 12 කට ක්‍රීඩාකර ඇති ඔහු කඬුළු 13 ක් දවාගැනීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළ මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයාහට සුවහසක් ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් Dil_Scoop අපගේ ආචාරය !
මුරලි ඔබට ස්තූතියි !!

ප.ලි. :- ලසිත් මාලිංග ටෙස්ට් තරඟ වලින් සමුගැනීමට තීරණය කර ඇති බවට පුවතක් ලැබී ඇත. වැඩි විස්තර බලාපොරොත්තුවන්න ..

No comments:

Post a Comment