WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

1/22/2011

මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගනී

ඊයේ දිනයේදී මුත්තයියා මුරලිදරන්, ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ නිවේදනය පළකල අතර, ශ්‍රී ලාංකේය ක්‍රිකට ලෝලීන් වෙතින් ඒ ශෝකය තුරන් වීමටත් මත්තෙන් තවත් එවැනිම දුක්බර පුවතක් අසන්නට ලැබේ. ඒ ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කිරීමයි.

සිය දණ හිසේ කලක පටන් පවතින ආබාධ තත්වය මේ තීරණය ගැනීමට හේතු වූ බවයි 27 හැවිරිදි මාලිංග පවසන්නේ. ඔහුගේ අසම්මත පන්දු යැවීමේ ඉරියව්ව නිසා බොහෝ විට මේ ආබාධ තත්වය ඇතිවූයේ යැයි නිගමනයකට එළඹිය හැක. කෙසේ වුවත් තමන් තවදුරටත් පන්දුවාර 50 හා T20 ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වනබව හෙතෙම ප්‍රකාශ කළේය.

2004 වසරේ ජූලි 1 වනදා ඕස්ට්‍රේලියාව සමඟ, ඩ'ර්වින් හිදී පැවති තරඟයේදී ටෙස්ට් වරම් දිනූ මාලිංග, මේ වනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනියට වැඩිම කඩුළු ගණනක් දවාගෙන ඇති ක්‍රීඩකයාය. ඒ තරඟ 30 කදී කඩුළු 101 ක් දවා ගනිමින්. එහිදී, ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තාවනුයේ පසුගිය ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ලකුණු 50 කට කඩුළු 5 ක් දවා ගැනීමයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින වේගවත්ම පන්දු යවන්නා වන මාලිංගගේ සමුගැනීමත් සමඟ ශ්‍රී ලංකා ටෙස්ට් පන්දු යැවීමේ බළෑණිය තව දුරටත් දුර්වල වෙයි. ශ්‍රී ලංකාව ඉතා හොඳ දඟ පන්දු යවන්නන්ගෙන් සමන්විත වුවද, හොඳ වේග පන්දු යවන්නන්ගේ අඩුවක් පවතී. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වැනි රටවලදී ටෙස්ට් තරඟාවලි ජය ගැනීම සඳහා තීරණාත්මක සාධකය වනුයේ වේග පන්දු යවන්නන්ය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරඟ කාලසටහන අනුව මේ වසරේ අග ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ සංචාරයක් යෙදීමට නියමිතය. එහිදී වේග පන්දුයවන්නට විශාල කාරයයභාරයක් පැවරෙනු ඇත. එහිදී මාලිංගගේ අඩුව පුරවන්නේ දිල්හාර ප්‍රනාන්දු, තිලාන් තුෂාර හා වෙළගෙදර වැනි අත්දැකීම් බහුල නමුත් දවසේ රිද්මය අනුව දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක් ද සුරංග ලක්මාල්, දම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදීප් හා ශමින්ද එරංග වැනි අත්දකීම් අඩු, මතු බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙක්ද යන්න සිතා බැලීමට මේ වනවිටත් ප්‍රමාද වැඩිය.


No comments:

Post a Comment