Monday, March 29, 2010

අපි ශ්‍රී පාදය වන්දනාවෙ ගිය ගමන...

හම්ම්...හුග කාලෙකට පසුසෙ තමයි බ්ලොගය පැත්තෙ ආවෙ. පහුගිය ටිකෙ ඔළුව උස්ස ගන්න බැරි තරමට වැඩ ගොඩ ගැහිල තිබුන නිසා අලුතින් ලිපියක් වත් ලියාගන්න එන්න බැරි ඔනා. විභාගෙයි, පාඩනුයි නිසා තමයි හුගාක්ම හිර උනෙ. කොහොම හිරි යන්තම් දැන් විභාගෙ ඉවරයි. එ නිසාම දැන් ටිකක් නිදහස්.
මේ තමයි අපි ශ්‍රී පදය වන්දනාවා ගිය ගමන. ගමන ගිහින් නම් හුගාක් කල්. ලිපියක් ලියන්න ලැබුනෙනම් දැන්.
අපි මෙහෙන් පිටත් වෙලා පළවෙනි දවසෙ කලෙ හොඳ පුහුණුවක් ලබපු එක ශ්‍රීපාදෙ නගින්න. අපි මුලින්ම ගියෙ ලක්ෂපාන ඇල්ල බලන්න. මෙ තියෙන්නෙ ලක්ෂපාන ඇල්ල.









එතනත් ටක වෙලාවක් ඉඳල අපි ටියා අපිත් එක්ක ගිය යාළුවෙක් ගෙ නැන්දලාගෙ ගෙදර. එහෙ ගියෙ නාන්නත් එක්ක. එහෙදි අපිව එක්කන් ගියා වැල් පාලමක් බලන්න. එක නම් නියම ගමන. හුගාක් දුර යන්න තිබුනා කැලෙ මැදින්. අතර මගදි වැස්සකටත් අහුවෙලා හොඳටම තෙමුනා. හැබැයි ගානක්වත් නෑ. එතරම් පරිසරය සුන්දරයි.




එ ගමනින් පස්සෙ නාන්න තිබුන දොළට ගියේ සොඳුරු දිය ඇල්ලක්ද නරඹන හිතාගෙන්යි. එහි දසුන් කීපයක් තමයි මේ.






එයෙන් පිටත් වී අප ශ්‍රී පාදය දක්වා ගයේ එදා දවස තුළ ශ්‍රී පාදය නගින්න හොඳ පෙර හුරුවක් කඳ පල්ලම්, දිය ඇලි, නරඹන්නට යාමෙන්ම අරගෙනයි. 
කොහොඳ කට්ටියටම සීතලයි වගෙ.
මකර තොරණ අසල.

ඉතින් අපි රෑ 12 පමණ වන විට ශ්‍රී පාද මලුවට නැගල තිබුනා. ඒ සති අන්ත දවස් නිසා වන්දනාකරුවන් ප්‍රමාණය ටිකක් ඉහලයි. ඒ නිසාම වන්දනා කරල පහලට කරුණා කරන්න කියල මලුවෙ ඉන්න පොලිස් මාමලගෙන් හරිම කරදරෙ.  ඒ කියල ඉර සේවය නොබල බහින්න අපේ නඩේට නම් හිතක් තිබුනෙම නෑ. 
ඉතින් පැය 6ක් මලුවෙම ඉන්නයි තීරණය කලේ. එත් එක තැනක ඉන්න විදියක් ඇත්තෙම නෑ. හැම වෙලේම පහලට යවන්නමයි හදන්නෙ. බැරිම තැන අපි දොලොස් මහේ පහන පැත්තට ගියා. එතනත් ඉතින් මිනිස්සු වට වෙලා. සීතලනෙ ඉතින්. අපි පුංචි පහන් හතරකුත් අරන් පැත්තකට උනා. මේ තියෙන්නෙ අපි රත්‍රිය ගත කළ දසුන්. 


අපි හිටියෙ මෙ පහන් 4න්...



මමහරුනම් හොඳටම නිදි...
කොහොම හරි එළි වෙනකම් හිටපු අපි ඉර සේවයත් බලා ගත්තා. ඉර පායන හැටි ශ්‍රී පාදයට පෙනෙන අපූරුව තමයි ඉර සේවය. එහි අපූරු දසුන් පෙලක් මේ.





 


 




ඉරසේවයත් බලපු අපි උදේ පහලට කරුණා කරන්න පටන් ගත්තා. මුලු රාත්‍රියෙම සීතලෙන් තිබුන වට පිටාව උදෑස හිරුත් එක්ක රත්වෙන්න පටන් ගත්තා. 


මස්කෙළිය ජලාෂය ශ්‍රී පාද කඳු මුදුනට පෙනෙන අයුරු.



 
                                       සීත ගඟුළ අසල                                    සාම  ෙචෙත්‍ය අසල


ශ්‍රී පාදය සාම  ෙචෙත්‍ය අසලට දිස්වන අයුරු

මෙන්න මේ විදියට තමියි අපි ශ්‍රී පාද වන්දනාවෙ ගියෙ. බොහෝම අපූරු ගමනක් වුනා. වැඩිය වචනයෙන් විස්තර කරනවා වෙනුවට ඡායා රූප වලින් ඊට වඩා විස්තරයක් කියවෙන බව අමුතුවෙන් කියන්න ඔන නෑනෙ. 
අපේ රටේ කොච්චර බලන්න අපූරු සුන්දර සුථාන තියෙනවද නෙද. ඔබත් ශ්‍රී පාද වන්දනාවෙ යනවනම් මේ වගේ අපූරු ගමනක් සංවිධානය කරගන්න.
  

10 comments:

හෙළයා said...

එල මචං...

Anonymous said...

ඉර සේවය පින්තූර ටික නම් ලස්සනයි. මමත් ශ්‍රීපාදෙ කීප වතාවක්ම ගිහින් තිබුනත් මෙච්චර ලස්සනට දැකල නෑ ඉර සේවය.

Kanishka said...

ෂෙහ්.. මටත් යන්න හිතෙනව.. ලස්සන පොටෝ ටික..

Anonymous said...

giya niyama trip 1k... ayeth set wela yamu....

Private Blogs said...

එල නියමය් trip 1 වගේම නියමය්
Dhanushka සම්පත්

sansarasidu said...

සනා පුංචි කාලේ නම් ශ්‍රී පාදස්ථානය කරුණා කරල තියෙනව.. ඒක නිකම් හීනයක් වගේ... ළගකදි නම් කරුණාකරන්න බැරිවුණා.. ඒකට මොකද.. මේ මලයගෙ පින්තූර ටික දැක්කහම නිකන් අපිත් ශ්‍රී පාදස්ථානය කරුණා කළා වගේ නෙව...

පින්තූර ටික නම් පංකාදුයි...
අර ඉර සේවය නම් හරිම අපූරුයි...

ඒත් මලේ මේ මාතෘකාව ලියද්දි පොඩිත්තක් සැලකිලිමත් වුණානම් නෙව හොඳ...
“අපි ශ්‍රී පදය වන්දනාවෙ ගිය ගමන... “
මලේ ඕක ශ්‍රී පාදය කියල නිවැරදි කරපන්...
නැතිනම් උඹටත් වෙන්නෙ මේ සනා කොලුවට වෙච්චි දේම තමයි ඕං...

sansarasidu said...
This comment has been removed by the author.
Prabhath said...

සනා අයියට බොහෝම ස්තූතියි අදහස් දැක්වූවට.
ආ ඇත්ත නේනනම්...ඉක්මනටම හදන්න ඕනේ.... ස්තූතියි වැරැද්ද පෙන්වා දුන්නට...

C0dE | කෝඩ් said...

ඉර සේවයේ ෆොටෝස් ටික නම් මල් 7

පබලු said...

සාදු සාදු!!!!ශ්‍රි පාදේ යන්න නම් ආස හිතෙනවා ආයිම මේව දැක්කම

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...